(තලාතුඔය ටී.එච්. සරත්)
ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාර කටයුතුවලට සොහොයුරාද හවුල්කර ගෙන ඇත. මොහු ව්‍යාපාරවල මුදල් හදල් කටයුතු පමණක් සොයා බලන අතර අනෙකුත් කටයුතු සොහොයුරාට පවරා තිබේ.
මෙදිනද සොහොයුරා කැඳවූ ව්‍යාපාරිකයා බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක මුදලක් තැන්පත් කර එන ලෙස කියා ඒ සඳහා අදාළ පෝරමය ද පුරවා මුදල් ද ඔහු අත තැබීය. බැංකුව වෙත ගිය ඔහු අදාළ පෝරමය හා මුදල් බැංකු නිලධාරිණියට දුන්නේය. ඇය රූමත් යෞවනියකි. ඔහු දෙස කීප වරක් බැලූ ඇය නොකඩවා සිනාසෙන්නට වූයේ මුව ද සාරිපොටින් වසා ගනිමිණි.
ඇය දෙස බලා සිටි ව්‍යාපාරිකයාගේ සොහොයුරාට මෙය අරුම පුදුම දෙයක් විය. ඔහු බැංකු නිලධාරිනියගෙන් ඇයි ද? යන්න විමසූ කළ ඇය සිනාසෙමින් ම අදාළ පෝරමයේ ගිණුම් අංකය දෙසට ඇඟිල්ල තබා පෙන්වූයේය. ඔහුට ද සිනහව නවතා ගත නොහැකි විය. තම සොහොයුරා ගිණුම් අංකය වෙනුවට ලියා ඇත්තේ ජංගම දුරකථනයේ අංකයයි. බැංකුවේ සිටි මිත්‍රයෙකුගේ දුරකථනය ඉල්ලා ගත් ඔහු තම ව්‍යාපාරික සොහොයුරාට කතාකොට නිවැරදි ගිණුම් අංකය ලබාගෙන මුදල් බැංකුගත කළේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයාගේ සොහොයුරා වැඩකරු......(ම)
මමත් අජිත්ගේ අදහසට එකඟයි. හරියටම මුදල් ගිණුමට දානවද බලන්න කළ උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් (නි)
අනේ ඉතින් ඕකට හිනා වෙන්න ඕනද ? වරද පෙන්නුවානම් හරිනේ. (ර)
සරත්, ව්‍යාපාරිකයන්ගෙයි දේශපාලකයන්ගෙයි නියම තත්වය ඕකයි. අත්සන් කරන තැනවත් දන්නේ නැහැ. උගතා පහළට වැටෙන්නේ නැත. නමුත් බොහොම හෙමින් ඉහළට යන කෙනෙක්. නමුත් ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් බොහොම ඉක්මනින් ඉහළට ගොස් එම වේගයෙන්ම පහළට වැටෙන්නේය. එමනිසා උගත්කමට ගරහන්න එපා. (නි)
පිටබැද්දර ජයා, ඔව් එයා සිනහවෙලා වරද පෙන්වා තිබෙනවා. නැතුව රවලා වරද පෙන්වලා නැහැනේ. (නි)
අනේ අපිටත් හරිම හිනා ...... (නි)
තමන්ගෙ පාරිභොගිකයාට හිනාවෙන රටක්. (ර)
මටනම් පෙන හැටියට ව්‍යාපාරිකයාගේ පොඩිපහේ කපටිකමක්. (ර)
බැංකු නෝනා හිනා වුණාට, ව්‍යාපාරිකයා කටත් කරදයක් නැති ස්වාධීන මනුස්සයෙක්, නෝනා එහෙමද.....(බ)