IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බැංකු පොතට සල්ලි දාන්න ගිහින් වෙච්ච වැඩක්

(තලාතුඔය ටී.එච්. සරත්)

ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාර කටයුතුවලට සොහොයුරාද හවුල්කර ගෙන ඇත. මොහු ව්‍යාපාරවල මුදල් හදල් කටයුතු පමණක් සොයා බලන අතර අනෙකුත් කටයුතු සොහොයුරාට පවරා තිබේ.

මෙදිනද සොහොයුරා කැඳවූ ව්‍යාපාරිකයා බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක මුදලක් තැන්පත් කර එන ලෙස කියා ඒ සඳහා අදාළ පෝරමය ද පුරවා මුදල් ද ඔහු අත තැබීය. බැංකුව වෙත ගිය ඔහු අදාළ පෝරමය හා මුදල් බැංකු නිලධාරිණියට දුන්නේය. ඇය රූමත් යෞවනියකි. ඔහු දෙස කීප වරක් බැලූ ඇය නොකඩවා සිනාසෙන්නට වූයේ මුව ද සාරිපොටින් වසා ගනිමිණි.

ඇය දෙස බලා සිටි ව්‍යාපාරිකයාගේ සොහොයුරාට මෙය අරුම පුදුම දෙයක් විය. ඔහු බැංකු නිලධාරිනියගෙන් ඇයි ද? යන්න විමසූ කළ ඇය සිනාසෙමින් ම අදාළ පෝරමයේ ගිණුම් අංකය දෙසට ඇඟිල්ල තබා පෙන්වූයේය. ඔහුට ද සිනහව නවතා ගත නොහැකි විය. තම සොහොයුරා ගිණුම් අංකය වෙනුවට ලියා ඇත්තේ ජංගම දුරකථනයේ අංකයයි. බැංකුවේ සිටි මිත්‍රයෙකුගේ දුරකථනය ඉල්ලා ගත් ඔහු තම ව්‍යාපාරික සොහොයුරාට කතාකොට නිවැරදි ගිණුම් අංකය ලබාගෙන මුදල් බැංකුගත කළේ ඉන් අනතුරුවය.



අදහස් (0)

බැංකු පොතට සල්ලි දාන්න ගිහින් වෙච්ච වැඩක්

අබරන් Monday, 21 March 2016 08:22 AM

ව්‍යාපාරිකයාගේ සොහොයුරා වැඩකරු......(ම)

:       0       0

සතරසිංහ Tuesday, 22 March 2016 02:51 PM

මමත් අජිත්ගේ අදහසට එකඟයි. හරියටම මුදල් ගිණුමට දානවද බලන්න කළ උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 March 2016 10:01 AM

අනේ ඉතින් ඕකට හිනා වෙන්න ඕනද ? වරද පෙන්නුවානම් හරිනේ. (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:45 PM

සරත්, ව්‍යාපාරිකයන්ගෙයි දේශපාලකයන්ගෙයි නියම තත්වය ඕකයි. අත්සන් කරන තැනවත් දන්නේ නැහැ. උගතා පහළට වැටෙන්නේ නැත. නමුත් බොහොම හෙමින් ඉහළට යන කෙනෙක්. නමුත් ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් බොහොම ඉක්මනින් ඉහළට ගොස් එම වේගයෙන්ම පහළට වැටෙන්නේය. එමනිසා උගත්කමට ගරහන්න එපා. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 March 2016 11:47 PM

පිටබැද්දර ජයා, ඔව් එයා සිනහවෙලා වරද පෙන්වා තිබෙනවා. නැතුව රවලා වරද පෙන්වලා නැහැනේ. (නි)

:       0       0

අමාලි Tuesday, 22 March 2016 12:40 AM

අනේ අපිටත් හරිම හිනා ...... (නි)

:       0       0

එරික් Monday, 21 March 2016 11:35 AM

තමන්ගෙ පාරිභොගිකයාට හිනාවෙන රටක්. (ර)

:       0       0

අජිත් Monday, 21 March 2016 01:19 PM

මටනම් පෙන හැටියට ව්‍යාපාරිකයාගේ පොඩිපහේ කපටිකමක්. (ර)

:       0       0

සරත් Monday, 21 March 2016 07:26 AM

බැංකු නෝනා හිනා වුණාට, ව්‍යාපාරිකයා කටත් කරදයක් නැති ස්වාධීන මනුස්සයෙක්, නෝනා එහෙමද.....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site