මගී බස් රථයක් තුළදී පිළුණු වඬේ විකුණූ වෙළෙන්දෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ කාන්තාවක් පිළිබඳව පුවතක් පසුගිය දිනක අම්පාර ප‍්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වූ අන්දමට මෙම සිද්ධියට අදාළ කාන්තාව අම්පාර උහන ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය පසුගිය දිනක කිසියම් අවශ්‍යතාවක් සඳහා ඥාතියකු සමග අම්පාරේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබූ බස් රථයට ගොඩවී ඇත. අතරමග නගරයකදී බසයට වඬේ වෙළෙන්දෙකු ගොඩවී ඇති අතර මෙහිදී රුපියල් සියයක් වෙළෙන්දාට ගෙවා වඬේ හතක් ගෙන ඉන් එකක් තමා අතට ගෙන ඉතිරිය කවරය පිටින්ම සිය ඥාතිවරියට පිළිගැන්වූවාය.
නමුත් වඬේ සියල්ලම පිළුණු වී ඇති බව එහිදී ඔවුන් දෙදෙනාට ක්ෂණිකව අවබෝධ විය. මෙහිදී එම වඬේ මිලදී ගත් කාන්තාව වඬේ වෙළෙන්ඳා කොහිදැයි කියා බස් රථය තුළ වටපිට බලා ඇතත් කපටි වෙළෙන්ඳා ඒ වනවිටත් බස් රථයෙන් බැස ගොස් තිබුණි.
දැන් ඉතින් කරන්නට දෙයක් නැත. නවතා තිබූ බස් රථයද ඉදිරියට ඇදීමට සූදානම්ය. වඬේ පාර්සලයත් අතේ තියාගෙන කේන්තියෙන් පුපුර පුපුරා සිටි කාන්තාවට අදාළ වඬේ වෙළෙන්ඳා බස් රථය අයිනෙන් ගමන් කරන අයුරු එක්වරම බස් රථයේ ජනේලයෙන් දැක ගත හැකි විය. ඒ වනවිටත් කේන්තිය ඉහවහා ගොස් සිටි කාන්තාවට වෙළෙන්ඳා දැකීමෙන් උන්හිටි තැන් පවා අමතකව ගොස් ජනේලයෙන් පිටතට හිස දමා ” ඕයි උඹම මේක කාපන්” යැයි මහ හඬින් පවසා වඬේ පාර්සලයෙන් වෙළෙන්දාගේ හිසට දමා ගසා ඇත.
මෙම ප‍්‍රහාරයෙන් අන්දමන්දවූ වෙළෙන්ඳා තමන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට දෙනෝදාහක් මැද වටපිට බලන විටත් බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරපොත්තා අප්‍රසන්න ලෙසත් ඉස්සා හොඳ ලෙසත් අපිට පෙනෙන්නේ අපේ හිතේ ඒ ගැන තියෙන සංඥාව නිසාමයි. ඔය දෙක දිහා හැබෑ සිහියෙන් බලන්න පුලුවන්නම් ඇත්තටම රෝස් වෙච්ච කැරපොත්තා කන්නත් පුළුවන්. ඒත් ඉතින් මේක දැනගෙන හිටියත් සංඥාවෙන් වැහිච්ච මගේ හිතටත් කැරපොත්තා විසිකරලා කොත්තුව කන්න නම් හිත හදාගන්න බැරි වේවි. (අ)
ඉතින් මෙලනි, ඔයා නිවිච්ච තේ දෙන්නෙ ඇයි? හොඳ උණු ඉඟුරු තේ එකක් අරන් යන්නකො මහත්තයා වැඩ ඇරිලා ආවහම. සැනසීම ඉබේම ලැබෙයි (නි)
අනේ ඒ අසරණ වඩේ වෙළෙන්ඳා දන්නවා නම් මේ බවලත් උදවිය කියන කුණු කතා, ඉස්සෝ වඩේ එකක් හිරවෙලාම අවසන් ගමන් යයි. රුපියල් 100 ට වඩේ 7 ක් දෙනවනේ. ඉතින් ලාබයිනේ ලාලනී. ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි. හොඳ වඩේ ඕනෑ නම් හොඳ හෝටලේකින් රුපියල් 50 ක් විතර දීලා ගන්න. (නි)
කලකට පෙර ගම්පහ පැත්තේ තරුණියක් අතවරයට ලක්කර මරා දැමුවේ දුම්රියේ වඩේ වෙළෙන්දෙක්.ඒ වැඩේ මේ ළඟදි වුණා නම් අපේ සමහරු කියාවිද දන්නෙ නැහැ ඉවසීම පරික්ෂා කළ අවස්ථාවක් කියලා. (නි)
ජයනාත්,වවලා කාලා බොරු පුරාජේරු නැතුව ඇළේ දොළේ නාලා සරලව හිටියා කියමුකෝ.කිසිම වැරැද්දක් නැහැ.මම බොහොම ගරු කරනවා ඒකට.රූපවතී කඩවල් වලින් කන්නේ නැහැ කියලා ඔයා කියනකොට රූපවතී කියනවා නයිට් කඩේකින් කොත්තු ගත්තා කියලා.ධනයි ඍණයි ගැළපෙන්නේ නැහැනේ මලේ..... (නි)
රුපවති පරක්කු වෙන්නේ හොඳවයින් වැඩේ ටිකක් හදා ගෙන ඇවිත් සුභාෂ්ගේ ඔලුව උඩටම අත අරින්න හිතා ගෙන වෙන්න ඇති. (අ)
හොඳ වෙලාවට මේ කාන්තාවට වඩේ වෙළෙන්දාට ගහලා හරි හිත හදා ගන්න පුළුවන් වුනේ. නැතිනම් අහල පහල පිරිමි හැමෝටම ජාන පරික්ෂාවට ගිහින් තමයි නතර වෙන්න සිද්ධ වෙන්නේ. (ම)
දැන් එතකොට තරහ යන්නේ කාන්තා පාර්ශවයට විතරද? මේ වැඩේ පිරිමි කෙනෙකුට වුණා නම්... (නි)
හොද කතාවක්. (ර)
රූපවතී අක්කා ඉස්සර නම් කොත්තු තියා කඩේකට ගොඩවෙන්නෙ නැහැ කෑම කන්න. රට වෙනස්වෙද්දි ඉතින් අක්කත් වෙනස් වෙලා.. (නි)
පහන් මට හරි සතුටුයි ඔබ ඇවිත් ඉන්නවා දැක්කාම. ආයිත් ලියන්න බබලන කවි අහන්න. අපි ඔබව සාදරයෙන් පිළිගනිමු (බ)
අනේ මන්දා මේ ඩුබායි ඉන්න අයට මොනවා වෙලාද කියලා (නි)
සුභසිංහ නම් පිළුනු වඩේ දීලා බලනවා ඇත්තෙ ඉවසීම නෙමෙයි.ඒවා කාලා හරි සල්ලි ඉතුරු කරන ජාතියේ කෙනෙක්ද කියලා වෙන්න ඇති බදින ගැහැණු ළමයා. මොකද වියදම් අඩු කරගන්න.. (නි)
බලන්නකෝ මේක ජනප්‍රිය වුණ තරම! (නි)
නැහැ නැහැ රංග මල්ලි ..මම එන්න පරක්කු උනා ..ඇවිද්ද ටිකක් පිළුණු වඩේ එකතු කරගෙන එන්න මොකටද සල්ලි වියදම් කරලා අලුත්වඩේ හදන්නේ..දැන් බලන්න ඕනේ කාගේ ඔලුවටද ඕක අතාරින්නෙ කියල ..? (රේ)
රූපවති, එකතු කරපු ටික දෙපාරක් නොහිතාම හලමු ගෙදර ගොයියාගේ ඔලුවටම. මොකට ඉතින් රටේ ලෝකේ කට්ටිය හොයන්නේ? (නි)
ප්‍රතිචාර ටිකෙන්ම පේනවා කට්ටිය වඩේ කන්න කොච්චර කැමතිද කියලා (නි)
ගෙදර උයන්නේ සුබාස් ඩුබායි වෙන්න ඇති එකනේ ඔච්චර බයවෙලා තියන්නේ නෝනා පිගානෙන් ගහයි කියල. (අ)
මම නම් බස් එකෙන් බැහැලා ගිහින් ගහනවා (නි)
වඩේ වෙළෙන්දාට තව රුපියල් 100ක් ලාබයි (නි)
අපි පොඩි කාලේ බදුල්ලේ ඉඳලා කොළඹට එනකොට කාපු ඉස්සෝ වඩේ වල රස තාම මතකයි. හැබැයි බස් එකේ නොවෙයි කෝච්චියේ එනකොටයි .ඒදවස් වල නම් ප්‍රමිතියෙන් ඉහල කෑම ජාතියි විකුණන තිබුනේ. දැන් ඉතින් වඩේ විතරක් නොවෙයි සමාජයම පිළුණු වෙලානේ. (බ)
නියම වැඩේ තමයි වඩේ වෙළෙන්දාට කරලා තියෙන්නේ (නි)
පිළුණු උණ ප්‍රතිචාර බලා එපා වී සිටි අපිට පහන් ගේ නැවත පැමිණීම පහන් ටැම්බකි. රස පිරි කවි වැල් වලින් අප හදවත් නැවතත් නලවනු මැනවි.කව්රු බැන්නත් මට කම් නැත.මා ලීවේ ඇත්තකි. (රේ)
ඉතිරි වුණු ඒවා කඩවලත් වෙලොන්දොත් දෙවරක් බැදලා ආයේ කලවමේ විකුනනන්නේ.ඒවා පහසුවෙන් අදුනගන්න පුළුවන් තබ පාටයි. මන් කඩවල කුස්සිය බලන නිසා නැවත කවදාවත් කඩවලින් කන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ.ලැට් එකත් එතනමයි වතුර හැලිලා කුස්සිය කළුම කලුයි (අ)
සුපුන් මමද ඔබ සමග එකඟ වෙමි. (අ)
මම දවසක් 1998 වසරේ ලංකාවේදී කුරුනෑගල නයිට් කඩයකින් ..කොත්තු දෙකක් අරන්ගියා ..රාත්‍රී ගමන් විඩාවට නිවසට ගිහින් කෑම පිළියෙළ කිරීමට අපහසු නිසා...? රාත්‍රියේ ඒ කෑම එක කන්න හැමෝම පිගන් අරන් ලෑස්ති වෙලා බලද්දී ..මගේ පාර්සලේ සම්පුර්ණ කැරපොත්තෙක්..රෝස්ට්වෙලා බඩගින්නේ හිටිය අය අනේ ඕකගේ ඇටකටු හැපෙන්නේ නැහැ කියල කැර පොත්තව විසික්කල කොත්තුව දෙකම කෑවා..මම විතරයි එදා බඩගින්නේ හිටියේ ..?කඩේ හොද වෙලාවට ලගක නොතිබුනේ නැතිනම් මම ගිහින් ඔලුවේ හලන්නේ කැරපොතු කොත්තු.....? (රේ)
ඇයි චන්දි අක්කේ ඩුබායිවල ඉන්න කට්ටිය මතක්වෙලා ඔයාටත් සල්ලි හෙම වැඩිපුර තියෙනවද..? (රේ)
සුභාෂ් අදහස් කරන වවිිදිිය වැරදි ගිනි ගණන් අරන් මිනිස්සුුන්ට අපිරිසිදු කෑම විකුණන එක සාධාරණ නෑ. මිනිස්සු ඒ කෑම ප්‍රතිික්ෂේප කරනවා නම වෙළෙන්දෝ මීට වඩා කෑමවල තත්වය ගැන සැලකිළිමත් වෙයිි(රේ)
පිළුණු කුණු වඩේ කා බඩේ ලෙඩක් හැදුනොත් කම්මුතුයි. (ර)
පිළුණු වඩයකට මෙච්චර ප්‍රතිචාර නම් ඉට්ලියක්,තෝසයක් විසිකරානම් කොහොම තියේ්ද?(රේ)
පරණ කට්ටිය ආයේ ඇවිල්ල ඉන්නවා නේ මමත් වෙලාව තියන විදිහට එන්නම් (බ)
ඩුබායි වල තියන ලංකාවේ රතු රෙස්ටුරන්ට එකකින් ගෙනත් කාපු කොත්තුව මට මතක් වෙනවා. පොඩ්ඩක් පිළුණු වගේ දැනුනත් ගාන නිසා අතහරින්න හිතුනේ නෑ. පහුවදා දවසම ඉවරයි, කොපි එකක් හදන්නවත් පවුල ගෙදර නෑ. හවස් වෙන කොට යන්තම් ඇගට පන ටිකක් ආව. (රේ)
අනේ නැහැ නගෝ ., මට සල්ලි වැඩිපුර ලැබුනොත් ඔය කොහෙවත් රටවල බැංකු පොහොසත් කරන්නේ නැහැ., ජිවිතේ ගොඩ ගන්න මහන්සිවෙන මේ මම වගේ එකම ගැහැනියක් හරි ගොඩ දානවා සත්තමයි(රේ)
පහන්,ඔබව සාදරයෙන් පිළිගනිමු.නැවතත් ඔබගේ අරුත් බර වැකි අහන්නට ලැබේවායි පතමු....! (බ)
, හරි ෂෝක් අදහස් දාලා. (රේ්)
අපි නම් හාමතේ මියැදුනත් කැරපොතු කොත්තු කනවද..?එක රැයක් බඩගින්නේ හිටියා කියලා පන යනවාද...? අපි මාසයක්ම උපවාසේ යෙදෙන්නේ වතුර පොදක් කටේ නොගෑවෙන්න.(රේ)
ජයනාත් රූපවතීට සුදු හුණු ගාන්න ගිහින් නිකන් ඉල්ලන් කාලා. (නි)
කුණු වැඩේ කන්නේ මොකටද? (රේ)
බුදු අම්මෝ මෙහෙමත් ගැහැණු. වඩේ එකක් නරක් වෙලා ඔහොමනම් බත් එකක් නරක් වුනොත්? බැඳපු මනුස්සයට දෙවියන්ගේ ආරක්ෂාව පතමි. අපේ රුපවති නෝනා නම් ඔහොම නෑ. (බ)
ජයනාත් මල්ලි දන්නවා.මම එදා සිට තමයි පුරුදුවුණේ ගමනක් යනවිට යමක් මල්ලේ දමාගෙන වතුර එකක් අරන් යන්න.මගේ ගමනට ගොඩාක් වියදම් අඩුවුණා වගේම කාලය ඉතුරුයි. ජරාව කාලා දොස්තරලට මගේ සේසතම දීලා බෙහෙත් තුණ්ඩුවක් ගන්න වුණෙත් නැහැ (නි)
ගැහැණියකගෙන් ගැහැණුකම බලාපොරොත්තුවන සමාජයේ පිරිමියෙකුගෙන් පිරිමිකම බලාපොරොත්තු නොවෙන හැඩයි. උපක්‍රමශීලිව ගැහැණියෙකු කපටි වෙළඳාමක් කර රවටා පළාගිය වෙළෙන්දාට චිත්තයක් තෑගී කරන්නයි අර බවලතාට තිබුනේ. (නි)
පව් අහිංසක වඩේ වෙළෙන්දා. සමහර වෙලාවට වඩේ පිළුණු වෙලා නැතුව ඇති. හැඳි මිටේ නුවණ ඉස්මතු වුණාද දන්නේ නැහැනේ. (නි)
දුල්මිට හොඳ අත්දැකීම් තියනවා වගේ මහත්තයාගේ සල්ලි පරිස්සම් කරලා (නි)
කියන තරමටම මොකුත් නැහැ. නිකම් බොරු පම්පෝරිය විතරයි. (නි)
කන දෙයක් තමන්ම හදාගෙන කෑවනම් හරිනේ. සමහර අය ඉන්නවා දුර ගමන් යනවිට තමන්ට අවශ්‍ය ආහාර තේ එක පවා අරන් යනවා. (බ)
මේ කාන්තාවට තරහ යන්නට ඇත්තේ තමන්ගේ සැමියා දුක් මහන්සියෙන් හම්බ කර තමන් අතට දුන් සල්ලි අපතේ ගිය නිසා වෙන්න ඇති. (රේ)
සුදීර ගමේ අපි ඉල්ලන් කන්නේ නැහැ..අපි වවලයි අපි කන්නේ උත්තම රජවරු වගේ..බොරු පුරාජෙරුත් නෑ..ඇලේ දොලේ පැනලා නාල, සරලව ඉන්න මිනිස්සු අපි රූපවති අක්කලා..(ම)
දුල්මිට කවුරුහරි පිළුණු වඩේ දුන්නොත් මොකද කරන්නේ?ගැහැණුන්ට ඉතින් හොස්ස ළඟින් මැස්සා යන්න බැහැනේ. (නි)
අම්මෝ! වඩේ එකක් ගිය දුර... (නි)
උළුඳු වඩේ,පරිප්පු වඩේ වගේ දේවල් ගොඩක් දෙනෙක් හදන්න දන්නේ නැහැ.එනිසා පිටින් මිලදී ගන්නවා ඇති.මම දවසක් වඩේ වගයක් අරගෙන ගෙදර යද්දී අක්කා කිවුවා කඩවල් වල පෙරදා ඉතුරු වූ බත් එහෙම දාලා තමයි ඕවා හදන්නේ කියලා.වඩේ හදන නිවැරදි ක්‍රමයත් කියලා දුන්නා.පරණ බත් එහෙම දාලා වඩේ හැදුවාම ඕවා පිළුණු වෙන එකත් අහන්න දෙයක්ද...? (නි)
මෙතන ලියන කට්ටියට නොතේරුනාට ගම්බද රැකියා නොකරන යට රස් 100 වටිනවා. අනෙක උදේට කන්න නේ වැඩේ ගත්තේ. බස් එකට නෙග්ගම යේ ටේ බොන්න නවත්තනකම් බඩගින්නේ, එක තරහ යන්න හේතුවක් තම . මමත් දවසක් පිටකොටුවේදී වතුර බෝතලයක් ගත්ත අරන් බෙලුවම එක පස්සේ පුරවපු එකක්. මමත් බිව්වේ නෙතුව විසි කල වෙළෙඳ හිටිය නම් නාවනවා ඒකෙන් (බ)
අපේ පිටබැද්දර ජයා හරියට කතාකරන්නේ නෝනාහාමිට ජීවිත කාලෙටම පිළුණු බත් කන්න දුන්නා වගෙයිනේ (නි)
මට පෙනෙන්නේ නිශාන්ත ගෙදර වඩේ හදනවා වගේ
වඩේ විකුනලා තියෙන්නේ සුභාෂ් ද කොහෙද.? පුදුම අහිංසක කමක් ගැන නේ ලියලා තියෙන්නේ. (ර)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
අපි නම් දුර ගමනක් යනකොට ගෙදරින් කන බොන දේවල් ගෙනියනවා. එතකොට ඔය වෙළෙන්දා වගේ සට කපට පිරිමින්ට අහුවෙන්නේ නැහැ. (නි)
පහන්ගෙන් ආයෙමත් රසවත් කවි පදවැල් අහන්නට පුළුවන්.මෙපමණ කලක් ආවේ නැත්තේ කාර්යබහුල නිසා යැයි සිතමි. (නි)
කාන්තා පාර්ශවය කළොත් ඔහොම නුවණක්කාර වැඩක් තමයි කරන්නේ. අර ඉස්සර වඳුරෙකුත් ඔහොම අතේ තිබුන දේවලින් දමලා ගැහුවා කියලා අපි පොඩි කාලේ අහලා තියෙනවා. දැන් මේ කාන්තාවට රුපියල් සියයත් නැහැ. පිළුණු වුණත් තමන්ගේ කෑම ටිකත් නැහැ. දමලා ගහපු ටික ඇහිඳගෙන වෙළෙන්ඳා නැවත විකුණන්න ඇති (නි)
ඔවැනි අය මත් දැකල තියෙනවා (රේ)
මේක වඩේ වෙළෙන්දාට හොඳ පාඩමක් වෙයි (නි)
කාන්තිලට තේරෙන්නේ නැහැ ඉතින් පිරිමියෙක් සල්ලි හම්බ කරන්න විඳින දුක. ගෙදරට ගෙනවිත් දෙන දේ විනාශ කරන්න තමයි ගැහැණු දන්නේ. පිටබැද්දර ජයාගේ කටේ මසුරන් දාන්න ඕනෑ. (නි)
පිළුණු උනත් තමන්ගේ කෑම ටිකත් නැහැ.පිටබැද්දර ජයා,මොකක්ද ඇත්තටම ඒ කතාවේ තේරුම......?පිළුණු වූ කෑම විසික් කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද....? අනේ!අනේ!(රේ)
අපෝ මේ පිරිමි පාර්ශවයට පිළුණු කෑම නෙවෙයි ටිකක් නිවුන තේ එකක් ලැබුනොත් බලන්න පුළුවන් ඒ ගොල්ලන්ගේ ඉවසීම. (ර)
ඒ වෙළෙන්දාටමයි ඒකෙනුත් වාසි. ඒ ටික ආයෙත් විකුණන්න ඇති (නි)
දැන් එතකොට මෙතන පාඨක මහත්වරු කියන්නේ මේ කාන්තාව අර පිළුණු කෑම ටික කිසිම කතාවක් නැතුව ගිල දාලා කරබා ගැනීම මැනවි කියලාද? (නි)
සුභාෂ්, මමත් රාජකාරියක් කරලා දරු දෙන්නෙක් හදාවඩා උස මහත්කර අවසානයි. මෙතන ලියන බවලතුන්ට ආඩපාලි කියන ඔය ලෙඩේ මීටකලින් නම් තිබුනේ පිවිතුරු යහපාලට. (නි)
හොර බල්ලාට පොල් බෑයෙන් ගැහුවා වගේ කියලා පිරුළක් තියෙන්නෙ මේ වගෙ අවස්ථාවන්ට තමයි... (නි)
වඩේ වෙළෙන්දා නැවතත් විසිකරන ලද ඉතිරි වඩේ ටික අහුලාගෙන ඊළඟ බසයට නඟින්න ඇති. (නි)
සුභාෂ්ට ගෙදර වියදම සම්බන්ධයෙන් බොහොම නරක අත්දැකීම් තිබෙන බව පැහැදිලියි. ඔය වගේ කතා අන්තිමේ අහගන්න සිදුවෙන නිසා තමයි අපි නම් බැන්දාට පසුව රැකියාව අත ඇරියේ නැත්තේ. දැන් පේනවානේ සුභාෂ්ලාගේ ගෙවල් වල බවලතුන්ට අහගන්න වෙලා තියෙන දේවල්! (නි)
වඩේ වෙළෙන්දෙක් නෙමෙයි හිගන්නෙක්ට වුනත් කෑම පතකින් දමා ගැසීම අනුමත කරන මෙවන් බවලතුන් ලද මහත්වරුන් ගැන පුදුමාකාර දුකක් ඇති වෙන්නේ. (බ)
හරි දැන් ඔය නරක්වුණ දේවල් කාලා බඩේ අමාරුව හැදිලා ගෙදර ගිහින් දොස්තර ළඟට ගෙනියන්න වුණා කියමුකෝ. එතකොට ඉතින් බෙහෙත් වලට මහත්තයාගේ පොකැට්ටුවෙන් යනකොට එයා සාදරයෙන් මතක් කරන්නෙත් වෙළෙන්දාගේ මුතුන් මිත්තන් තමයි. (නි)
චාරු මටනම් තවම ඒ අත්දැකීම නෑ. මොකද මම තවම කසාද බැදලා නැති නිසා. මම නම් පිළුණු වෙච්ච වැඩේ ටිකක දීල මොකද කරන්නේ බලල තමයි කසාද බදින්නේ... අම්මෝ මේවා දැක්කම කසාදත් එපා වෙනවා අප්පා. (අ)
එතකොට සුභාෂ් කියන්නේ කපාට වෙළෙන්දටපුරාන සිරිත් අනුව බුලත් හෙප්පුවක් දීලා සලකන්න කියලාද ? ඔයාගේ නෝනාට මෙහෙම වැඩක් වුනා නම් ඔයා ගන්නේ වඩේ වෙළෙන්දාගේ පැත්තද! (අ)
කවුද සුරනි කිව්වේ කන්න කියලා? කන්න බැරි නම් සතෙකුට හරි දෙන්න තිබුණනේ. එහෙම නේද? ඕනෑ නම් ඔබතුමියත් පොඩි කෑල්ලක් කාලා බලන්න ඉතින් (නි)
එහෙමනම් ඔය සුභසිංහ නොහොත් සුභාෂ් කියන විදියට මේ වෙළෙන්දාත් කසාදයක් කර ගන්න හිතාගෙන පිළුණු දීලා , බවලතුන්ගේ ඉවසීම පරික්ෂා කරන්න යන්න ඇති. (අ)
ලංකාවෙ අපරාධ වෙන්න එක හේතුවක් තමයි මේ ක්ෂණික කෝපය.මේ මිනිසුන්ගෙ හිත් හදනකම් රටත් හදන්න බැහැ. (නි)
සුභාෂ් නම් වඩේ හදන්න ගිහිල්ල බවලතකුගෙන් මතක හිටින පාඩමක් ඉගෙන ගෙන තිබෙනවා වගේ (අ)
රූපවතී අක්කා ඒ දවස් වල ඉඳලා දුරක යනවා නම් වත්තෙ කෙසෙල් ගෙඩි, කුරහන් හැලප,වණ්ඩු එහෙම හදාගෙන තමයි ගමන පිටත්වෙන්නේ.නගරේ ජරාව කාලා බඩේ අමාරුව හදාගන්න බැහැ කියලා.. (නි)
මට පුදුම මේ සුභාෂ් කියන කෙනා වංචාව කියන දේ සාධාරණීකරණය කරන හැටි ! (අ)
වැඩේ කන්න රූපවති අක්කා මොකෝ තාම පමා ! (අ)