IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාළු පාරේදී හොල්මනකට අමතක නොවන පාඩමක් උගන්වලා

හොල්මන් පාට් ඇට් කළ තරුණයෙකි. මළ ගෙදරක රාත‍්‍රි කාලයේ අතුරු සිදුරු නැති තරමට සෙනඟය. ඔවුන්ගෙන් පිරිසක් ප‍්‍රදේශයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්කරුවකු හොල්මන් අවතාර ගැන කියන කතාවකට  ඕනෑකමින් සවන් දෙමින් සිටියහ. තරුණයෙක් ද  ඒ පිරිස අතරේ සිටියේය. හොල්මනක ප‍්‍රධාන ලක්ෂණය තමයි ඇසිපිය නොගැසීම. එහෙම වෙලාවට බියවෙන්න එපා. ඉතිපිසෝ ගාථාව සිහිකරන්න. හොල්මන අතුරුදන් වෙනවා කට්ටඬියා කීවේය. පිරිසේ සිටි තවත් කෙනෙක් ඊට සවන් දුන්නේ ඇස් ලොකුකරගෙන බිය මුසු ප‍්‍රතිචාර දක්වමිනි. තරුණයා ඔහුගේ බයේ තරම දුටුවේය. විහිළුවක් කරන්න  ඕනෑ යැයි සිතුවේය. ඔහුගේ ගමේම වැඩිහිටියකු නිසා තරුණයා පාළු පෙදෙසකදී තනිව ඔහු හමුවනතුරු බලා සිටියේ දින දෙකක් පමණි. වෙලට ගොස් ආපසු නියර දිගේ ගෙදර එන ඔහු දුටු තරුණයා වහාම ඔහු එන පෙර මගේ ඉදිරියට යද්දී මුහුණට මුහුණ හමුවිය. වෙලට ගියාද? තෙල් පොහොර ගැහුවද තරුණයා ඔහුගෙන් විමසයි. වැඩිහිටියා උත්තර දෙමින් තරුණයාගේ මුහුණ දෙස බලා ඇස් ලොකු කර ගත්තේය. තරුණයා ඇසි පිය නොගසයි. අවතාරයක් යැයි බිය වූ වැඩිහිටියා තරුණයාගේ මුහුණ පුරා වේගවත් අතුල් පහරක් එල්ල කළේ බය වැඩි කමටය. අම්මෝ කියාගෙන ඇද වැටුණ තරුණයා දනි පනිගා නැගිට පැළ ගොයම පොඩිකරගෙන දිව්වාලූ.  (ගොඩගම පී. වීරසිංහ, ගොකරැුල්ල)



අදහස් (0)

පාළු පාරේදී හොල්මනකට අමතක නොවන පාඩමක් උගන්වලා

වාසනා Monday, 09 January 2012 03:51 PM

අනුන් රවට්ටන්න හදන අයට ඔහොම තමයි වෙන්න ඕනී.

:       0       0

කවීෂා Friday, 06 January 2012 02:42 PM

පුවත් පතක් විදියට අපිට බලන්න පුලුවන් ලංකාවේ තියෙන එකම පත්තරේ ලංකාදීප විතරයි

:       0       0

එල්.එන්. ලෙස්ලි Friday, 06 January 2012 05:04 PM

ඔහොම තමයි කරන්න ඕනා

:       0       0

චතුරංග Saturday, 07 January 2012 11:19 AM

බොරු හොල්මනට වැදුණු පාරට හොල්මන් වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site