IMG-LOGO

පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන

රුපියල් පහක වාසිය බලා රුපියල් පන්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් කඳුරට ප‍්‍රදේශයේ ගම්මානයකින් ලංකාදීපයට වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු කඳුරට ප‍්‍රදේශයේ කුඩා ගම්මානයක පදිංචි සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙකි.

එසේ වුවද යහමින් මුදල් හදල් ඔහු සතුව තිබිණ. එසේ වුවද ඔහු මුදල් වියදම් කිරීමට දැඩි ලෝබකමක් දැක්විය. එම ලෝබකම නිසා ඔහුට සිදුවූ අකරතැබ්බයකි මේ. ඔහු පදිංචි ගමට කුඩා නගරයේ සිට යාමට මාර්ග දෙකක් පවතී. එක් මාර්ගයක බස් ගාස්තුව අනෙක් මාර්ගයේ බස් ගාස්තුවට වඩා රුපියල් පහකින් අඩුය.

නමුත් එම අඩු බස් ගාස්තු සහිත මාර්ගයේ ධාවනය වන බස් රථයේ මගීන්ගේ දැඩි තදබදයක් පවතින අතර පාපුවරුවේ පවා මගීන් හිටගෙන යනු දක්නට ලැබේ.

එසේ වුවද අනෙක් මාර්ගයේ බස් ගාස්තුව රුපියල් පහකින් වැඩි වුවද බස් රථවල එතරම් මගීන් පිරිසක් නොමැති අතර ඕනෑම ස්ථානයකින් නැග බස් රථයේ අසුන්ගෙන යාමට හැකි තත්ත්වයක් පවතී. පසුගිය දිනක මෙම සුළු ව්‍යාපාරිකයා කුඩා නගරයට පැමිණ ආපසු ගමට යාම සඳහා බස් නැවතුමට පැමිණි අතර ටික වේලාවකින් රුපියල් පහක් වැඩියෙන් අය කරන මාර්ගයේ බස් රථ මගීන් කිහිපදෙනෙකු පමණක් නංවාගෙන බස් නැවතුමට පැමිණියේය.

නමුත් මෙම ව්‍යාපාරිකයා එම බස් රථයට ගොඩ නොවූයේ ‘‘ඇයි අපරාදේ රුපියල් පහක් වැඩියෙන් දෙන්නේ’’ යැයි සිතමිනි. එම බස් රථය ගොස් ටික වේලාවකින් අනෙක් මාර්ගයේ බස් රථය පැමිණි අතර එහි මගීහු පිරී සිටියහ.

පාපුවරුවේ පවා කිහිප දෙනෙකුම රැුඳී සිටි අතර බස් රථයට නැගීම පවා අපහසුවිය. කෙසේ හෝ බස් රථය තුළට රිංගාගත් මෙම ව්‍යාපාරිකයා ද සෙනඟ අතර තෙරපි තෙරපී ගමන් කළේ ඉතිරිකරගත් රුපියල් පහ ගැන සිතා ආඩම්බර වෙමිනි. තම ගම් පෙදෙසට පැමිණි පසු බස් රථයෙන් බැසගත් ඔහු නිවසට ගොස් තමන්ගේ පසුපස කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුබ්මිය සොයා බැලූ විට ඔහුට ඉහමොළ රත්විය.

මුදල් පසුම්බිය සාක්කුවේ නොවීය. බස් රථයේ සෙනඟ අතරින් පොකට්කරුවකු පසුම්බියට වගකියා ඇති බව තේරුම් ගන්නට වැඩි වේලාවක් ගත නොවීය. පසුව ඔහු සිය මිතුරන්ට පවසා තිබුණේ එම පසුම්බියේ රුපියල් පන් දහසකට ආසන්න මුදල් තිබූ බවයි.



අදහස් (0)

පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන

රිතික් Thursday, 28 January 2016 11:44 AM

මමනම් ගාන වැඩියෙන් ගියත් සෙනග පිරුණු බස්වල යන්න තමයි වැඩියම කැමති (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 January 2016 12:16 PM

කුඹියාගේ දේ ලෝබයා කාල නේද ? (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 28 January 2016 09:31 PM

රිතික්, ඕක ඉතින් වයසේ වැරැද්ද (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 28 January 2016 09:05 AM

මීට පස්සෙවත් එයා "වැඩි පහේ බස් එකේ " වාඩිවෙලා ගමන් කර පසුම්බිය රැක ගනීවි. ඕනෑම කෙනෙක් එකම මෝඩකම දෙවරක් කරනවා නම් එයට තියෙන්නේ මීහරක් මොලයක් කියල මගේ ආච්චි දැන් කියනවා !!!! (බ)

:       0       0

චන්න Saturday, 30 January 2016 07:16 AM

ලෝබකම පැත්තකින් තියමුකෝ... වෙච්ච දේටනම් පව් හිතනවා. මිනිසෙක් තමා හම්බකරපු සල්ලි වැඩි වියදමින් තෝරා බේරගන්න දරන එක වැරදීමක් නැහැ නේද....එක රුපියලක් වුනත්..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 583 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site