IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පාසලෙන් පිටමං කළ බල්ලා යළි විදුහල්පතිනිය සොයා ඇවිල්ලා

බ...ල්...ලා... ගෙදර, බ...ල්...ලා... ගෙදර පවසමින් විදුහල්පතිනිය පන්ති පුරා සිනහවෙමින් පවසමින් සිටියදී රුපියල් දහසක් ගෙවා දිනකට පෙර පිටමං කළ බල්ලා නඟුට වනමින් ඇයගේ දෙපා අසලට පැමිණීමේ පුවතක් පානදුර පාසලකින් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය, වසර ගණනාවක් පුරා කාටත් කරදරයක් හිරිහැරයක් නොකර පාසල් භූමියේ එහෙ මෙහෙ ඇවිදිමින් කාගෙ කාගේත් ආදරය කරුණාව ලබමින් සිටියත් එම බල්ලාව නාවා පිරිසුදු කිරීමට කාට කාටත් අවශ්‍යතාවයක් නොවීය. පසුගිය දිනවල ඇද හැලූණු අධික වර්ෂාවෙන් බල්ලා හොඳටම තෙමී තිබිණි. එයින් බල්ලාගෙන් වහනය වූයේ අධික දුර්ගන්ධයකි. ඌ උණුසුම් තැනක් සොයා පන්ති කාමර පුරා ඒ මේ අත ගියේය. නාස්පුඩු අතින් වසා සිසුවියෝ මෙන්ම ගුරුභවතුන් දැඩි අපහසුතාවයකට පත්වූහ. එයින් එදිනෙදා අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල විය. විදුහල්පතිනියට කනින් කොනින් බල්ලා නිසා සිදුවී ඇති අපහසුතාවය දැන ගන්නට ලැබී ඇත. මෙයට ගතයුතු එකම පියවර බල්ලා පාසල් භූමියෙන් පිටකිරීම බව අනෙකුත් ගුරුවරු එක හඬින් විදුහල්පතිනියට පැවසූහ. ඇය එයට එකඟ වී දන්නා හඳුනන අයකු මාර්ගයෙන් පුද්ගලයකු ගෙන්වා කළ යුතු දෙය දන්වා රුපියල් දහසක්ද අත මිට මෙලවීය. ගතවූයේ සුළු මොහොතකි. බල්ලාගේ කරට ලණුවක් දමා පාසලෙන් පිටතට ගෙන යාමට පැමිණි පුද්ගලයා ක‍්‍රියා කළේය. පසුදින සිරිත් පරිදි විදුහල්පතිනිය පන්ති කාමරවල නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් දැන් බලූ කරදරෙත් ඉවරයි. බල්ලා... ගෙදර... බල්ලා ගෙදර යනුවෙන්  පවසමින් සිටියදීම පිටමං කළ බල්ලා නැවත පැමිණීමෙන් විදුහල්පතිනිය ගුරුවරු හා සිසුහු මුහුණට මුුහුණ බලා ගත්හ.



අදහස් (0)

පාසලෙන් පිටමං කළ බල්ලා යළි විදුහල්පතිනිය සොයා ඇවිල්ලා

තුසිත Tuesday, 27 November 2012 01:57 PM

මේක මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්න දෙයකුත් නෙමෙයි නේද?(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:55 PM

බල්ලා ගිය ආත්මයේ විදුහල්පති කෙනෙක්වද්ද? (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 19 October 2012 01:17 PM

අර පැත්තෙ විදුල්පතිලු.. මේ පැත්තෙ විදුහල් පතිනියලු.. ගමත් පානදුරලු කෝකද හරි...!

:       0       0

දිල්හාර Friday, 19 October 2012 01:37 PM

හරි නරකයි. (නි)

:       0       0

රාජා Saturday, 20 October 2012 03:53 PM

රුපියල් දාහ බල්ලට දැම්ම කියල හිතාගන්න වෙන මොනව කරන්නද?.(ස)

:       0       0

නයනජිත් Friday, 19 October 2012 02:07 PM

බල්ලන්ට හොදට හීලෑ උනොත් ඕන දුරක් හොයාගෙන එනවා... ඒවගේම වාහන හඩින් අදුනා ගැනීමටත් මිනිසුන් ගොඩක් අතරින් ඕන කෙනෙක් අදුනා ගැනීමටත් බල්ලන්ට පුළුවං..!(නු)

:       0       0

විජේ Friday, 19 October 2012 02:08 PM

බල්ලට හොදට නාවලා කන්න ටිකක් දුන්නම් මේ විදියට මුදල් වියදම් කරගන්න ඕනෙත් නැහැ.. (නු)

:       0       0

අමිල Monday, 22 October 2012 11:17 AM

ඕකත් මහ දෙයක්ද ?? (ස)

:       0       0

සෝමදාස Friday, 19 October 2012 03:15 PM

මේක මීට කලින් තැනක ප්‍රවෘත්තියක් විදියට තිබුනාණේ. (අ)

:       0       0

කුරේ නාවලගේ Friday, 19 October 2012 04:16 PM

මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා (අ)

:       0       0

ලලිත්-සෞදි Sunday, 21 October 2012 02:08 PM

රුපියල් 1000 ගන්න ඇත්තෙත් බල්ලෙක්.(නදී)

:       0       0

නන්දලාල් Friday, 19 October 2012 06:58 PM

ඔය බල්ලව නාවලා පිරිසිදු කරලා තියාගන්න ආරක්ෂාවටත් හොදයිනේ..!(නු)

:       0       0

චමත් Friday, 19 October 2012 07:03 PM

ඔය රුපියල් දාහ දීලා බල්ලව නාවලා ගත්තානම් ඉවරයි.. පාසලටත් හොදයි ආරක්ෂාවට..!(නු)

:       0       0

ජයසිංහ Friday, 19 October 2012 07:17 PM

මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා!(නු)

:       0       0

රන්ජනී Friday, 19 October 2012 07:22 PM

බල්ලා විදුහල්පති මොළේ පරදවයි..(නු)

:       0       0

අනුර Saturday, 20 October 2012 11:26 AM

ඔය රුපියල් දාහ බල්ලට දුන්නනම් ඉවරයි.. (ස)

:       0       0

සන්ද්‍යා Sunday, 21 October 2012 02:54 PM

ඒ බල්ලා හැමෝටම ආදරෙයි.(නදී)

:       0       0

හිල්මි Monday, 22 October 2012 02:05 AM

ගුරුතුමියට ඌ සෑහෙන්න හිතවත් ඇති (නි)

:       0       0

ජුවාන් Monday, 22 October 2012 02:33 AM

සුමංගලය කාන්තා පාසලක් නේද? (නි)

:       0       0

සමීර Friday, 19 October 2012 09:31 PM

බල්ලාව විදුහල්පතිතුමියගේ පරණ ඥාතියෙක් වෙන්න ඇති....(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 19 October 2012 11:00 AM

මේ පුවත ඊයෙ තිබුණෙ විදුහල්පති තුමා කියලා..!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Sunday, 21 October 2012 03:10 PM

අලුත් එකක් පළ කරන්න. (නි)

:       0       0

කෝසල ගාල්ල Friday, 19 October 2012 11:53 AM

බල්ලා තුල මිනිසුන් තුල නැති ගුණ අති බව මෙයින් ගත හැකි දෙයයි..!(නු)

:       0       0

හිල්මි Sunday, 21 October 2012 01:47 AM

බල්ලා නැවත පාසලට එන්න ඇත්තේ ගුරුතුමියට පාඩමක් උගන්වන්න වෙන්න ඇති..!(නු)

:       0       0

මුතුකුඩ Saturday, 20 October 2012 12:25 AM

බල්ලා හොද බව ඇත්ත නමුත් බල්ලොත් එක්ක නිදියාගත්තොත් නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්කනේ..!(නු)

:       0       0

චමින්ද Sunday, 21 October 2012 04:41 PM

මෙරට බොහෝ පාසල් අද බල්ලාට ගොසිනි. (ස)

:       0       0

ලලිත් කටාර් Friday, 19 October 2012 12:32 PM

ලංකාවෙ දැං ඉන්න බල්ලොයි කුකුලොයි කිසිම හැදිච්ච කමක් පෙනෙන්න නැහැ වගේ.. එයාලත් කරදර කරන්නෙ ගැහැණුන්ටමයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site