තම දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා අලූතින් මසන ලද පාසල් නිල ඇඳුම රැගෙන එන්නට නගරයේ මැහුම් හලකට ගිය පියකුට තමා පැමිණි කාරණය අමතක වී ගමේ කසිප්පු තිප්පොළට ගොස් එහිම නිදාගත් බව කියවෙන පුවතක් වියලූවෙන් වාර්තා විය.
මාපියන් පිරිසක් කී අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු මත්පැනට ලොල් වූවෙකි. සියලූ කාරණා දෙවනුවට තබන ඔහු බොහෝ විට පළමු තැන දෙනුයේ මත්පැන්වලටය.
පසුගිය දිනෙක ඔහුට බිරිඳ රාජකාරියක් පැවැරුවේ රුපියල් 500 ක් ද අතේ තබමිනි.
”හෙට දරුවා පාසලට බාර දෙනව. හංදියට ගිහිං ටේලර් සාප්පුවෙ තියෙන දරුවගෙ සූට් එක අරං එන්න. හෝදල මදින්නත් තියෙනවා” බිරිඳ එසේ කීවේ ඉක්මනට පැමිණෙන ලෙසද ඉල්ලීමක් කරමිනි.
රුපියල් 500 නෝට්ටුව අතින් ගත් ඔහු ඉගිලූණේ ගමේ කසිප්පු තිප් පොළටය. රුපියල් 500 කසිප්පු හිමියා අත තැබූ ඔහු ඇති වෙන්න බිව්වේය. පදම ඉක්මවූ ඔහු ආ කාරණාව පසෙක තබා එහි වූ පිල් කොටයකට ඇල වූයේ බොහෝ සැහැල්ලූවෙනි.
රෑ බෝ වෙද්දීත් සැමියා එන වගක් දැක ගන්නට නොමැති වීම නිසා කබලයට පත් බිරිඳද හුළු අත්තක් අතින් ගෙන දරුවාද රැුගෙන මහ මගට බැස්සේ සැමියා ගැන සොයන්නටය.
ටික දුරක් යද්දී ඇයට සියලූ තතු දැක ගන්නට ලැබුණේ ගමේ තරුණ පිරිසෙන්ය.
කරන්නට දෙයක් නොවූ ඇය මහ ?ම මැහුම් හල් හිමියා සොයා ගොස් දරුවාගේ රෙදි ටික ආපසු ගත්තේ ඔහුටද නොවඳිනා වැඳුම් වඳිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි අක්කේ, ස්තුතියි මට ලිව්වාට. පහන්ගේ ඊ මේල් ලිපිනය මම හොයාගෙන මගේ ස්කයිප් නේම් එක එවන්නම්. 11.01.34.එක මගේ අදහසක් නෙමේ. අක්කේ,රූපා අක්කා,ඉන්දු,දිසා අයියා,මටත් නිතරම මතක් වෙනවා. අද මගේ උපන් දිනේ. චන්දි අක්කේ කවියක් ලියන්න. ඔයාලාට දළදා සමිදු පිහිට පාර්ථනා කරමි.(නදී)
බුදු තාත්තේ බොන්න එපා (දිල්)
නිලූ නංගි, මම රූපා දිසා පහන් ඉන්දු හැමදාම වගේ ස්කයිප් වලින් හමු වෙනවා , කවුරුත් ඔයා ගැන කතා වෙනවා, ඔයාව සම්බන්ද කර ගන්නේ කොහොමද ..? අපේ සරත් (කොහිල වලේ) සොයා ගන්නත් බැරි වුනා. සරත් මෙය දුටුවොත් ස්කයිප් එකෙන් මාව ඇඩ් කර ගන්න. නිලූ නංගි අපි එසැනට ගොඩවී ඔයාල ලියන දේවල් කියවනවා, නමුත් දැන් වෙනදා වගේ ලියන අයත් කියවන අයත් ගොඩක්ම අඩුයි නේද ? විශේෂයෙන් දෙයියෝ සාක්කි තීරුව ගැන ගොඩක් කනගාටු හිතෙනවා. ඊටත් වඩා මෙම සිද්දියේ ඇති පියා ගැන ගොඩක් කලකිරීමට හේතු වුනා. පව් අහිංසක දරුවෝ.(නදී)
දුවගේ යුනිෆෝම් එක මහන්න දීපු සල්ලි වලින් බීපු මිනිහෙක් ගැන අහන්න ලැබුනේ පසුගියදා හලාවතින් .(නධී)
දුවගේ යුනිෆෝම් එක මහන්න දීපු සල්ලි වලින් බීපු මිනිහෙක් ගැන අහන්න ලැබුනේ පසුගියදා හලාවතින්.(නදී)
මත් වතුරට පුරුදුවුනොත් සැතපුම් ගානක් හරි ගිහිල්ල බොනවා. එහෙම නැත්නම් හදාගෙන බොනවා. අද පොලිසියෙන් ඇල්ලුවොත් හිරේ ගිහිල්ලා ඇවිත් ඒ රක්ෂාවම තමා කරන්නේ. මිනිස්සු බොන එක නව තින්නෙත් නැහැ මිනිස්සු හොරට පෙරන එක නවතින්නෙත් නැහැ. (නදී)
දැන්කාලේ ඉන්න තාත්තල තමාගේ දරුවෝ ගැන ඔයට වැඩිය හිතන්න ඕනේ පේනවා නේද ගිය සතියේ මස නමයක දරුවා මැරුව ඔයවගේ තාත්තල පනපිටින්ම උලතියන්න ඕන (දී)
නිලූ, දිසා අයියාත් මේ දවස්වල ලංකාවේ, ඔයාට එයාව හම්බුවෙන්න පුළුවන් එහෙදි.(නදී)
ලාල් කැන්ඩි, මොකද දොඩවන්නේ. , ඔයත් බීලද ඉන්නේ.(නදී)
මෙවන් මිනිසුන් සමග තමයි අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ (දී)
චන්දි අක්කේ අදහස් 3න් 1යි නේද ඇත්තටම ඔයාගේ. අක්කලා එකතුවෙලා වෙනම සංගමයක් හදපු එක හොඳයි. පෙත්තාවයි, සමදරාවයි නම් ගන්න එපා (දී)
චන්දි අක්කේ ගොඩාක් ස්තුතියි. මම යන්නේ අප්‍රේල් මාසේ.(නදී)
චන්දි අක්කේ ඔයා ඉන්දු,රූපා අක්කා නොලිව්වාට මේ තීරුව කියවනවා කියා මා විස්වාස කරනවා. දිසා,සරත් අයියලාත් එහෙම ඇති. අක්කේ ඔයාට පුලුවන් කමක් තියෙනවනම් මට ඔයාව ලංකාවේදී දකින්න පුලුවන් විදිහක් ලියන්න. මගේ මිතුරු මිතුරියන් සැමට දළදා සමිදු පිහිට පාර්ථනා කරමි. දවසක් එනවානම් ඉස්සර වගේ ඔයාලගේ නම් ටික මේ තීරුවේ දකින්න.(නදී)
නිලූ නංගි, පහන්ගේ ඊමේල් එකට ලියන්න ඔයාගේ ස්කයිප් නේම් එක අපි පහන්ගෙන් ඉල්ලා ගන්නම්, නංගි.., 2014-01-21 05:46:11 කොමන්ට් එක මම ලිවේ නමුත් 2014-01-21 09:04:09 ඒක මගේ නොවෙයි නිලූ.(නදී)
මෙහෙමත් තාත්තල.............(අ)
ගස් ගෙම්බෝ මගේ නමින් ලියන එක නතර කරන්න. මේ කියන්නේ 2014-01-19 14:50:07 ට අදහස් දාපු මෝඩයට.(නදී)
88 ජේ.වි.පි කාලේ ගම්වල පමණක් පිරිමි බීල ඇවිත් ගෙවල්වල රණ්ඩු කරනකොට පහුවදා ගමේ කොල්ලෙකුට කියනවා එදාම රෑ අර කොල්ලෝ ගෙවල් වලට ඇවිත් අර මනුස්සයට කියනවා කරපු වරදට දඩුවමක් විදිහට ගමේ ප්‍රසිද්ද තැනකට ඇවිත් කරපු වරද කියකියා දවසක්ම ඉන්න කියලා. ඒක දකින කිසි කෙනෙක් නැවත ඒවගේ වැරදි නොකරන්න වගබලාගන්නවා .ඒ දවස් වල ඔයවගේ ප්‍රසන ගෙවල්වල නොතිබුන තරම්. මිනිස්සු හදන්න නම් ඒවගේ දඩුවම් සුදුසුයි. (නදී)
ඇයි දෙවියනේ, මේ වැනි පියවරු මැව්වේ? (නදී)
ඇයි හැමෝම තාත්තලට විතරක් බනින්නේ, ළමයිට නොසලකන අම්මල කොච්චර ඉන්නවද ? (නදී)
නිලූ විතානගේ සහ චන්දි, කරුණාකර ඔගොල්ලොන්ගේ සමිතියේ වැඩ ස්කයිප් මඟින් කථා කරගන්න, මේ එසැණ තීරය අපි ඔක්කොටම අයිතියි. ස්තුතියි.(නදී)
ඔයාට සුබම සුබ උපන් දිනයක් නංගියෝ..,මගේ උපන් දිනේ ජනවාරි 19 වෙනිදා, එදා මට, පහන් රූපා ,විෂ් කරා , ඉන්දු,දිසා ලංකාවේ නිසා එයාලට මට විෂ් කරන එක මිස් වෙන්න ඇති..!! මෙන්න කවියක් ඔබට.., '' මෙලොවට බිහි වෙලා අද වැනි දිනක ඔයා.., සමරනවාද අද එය තනියෙන්ම ඔයා ...,සිතු පැතු හැම දේම ඔබේ ඉටු වෙන්න කියා.., පතනවා අක්කි චන්දි හද තුල ඇතිව දයා...!!! වාසනාවන්ත හෙට දිනක් ඔබට ප්‍රාර්ථනා කරමි ....!!! (නදී)
මෙහෙමත් බේබදු තත්තා කෙනෙක්.(නදී)
ඒ ළමයා ඉස්කෝලේ යනවාට වඩා කසිප්පු බොන එක වටිනවා (දී)
මෙවැනි මිනිස්සු සමාජයේ ඉන්නවා තාත්තා කියන්නත් ලැජ්ජයි මෙවන් අයට (දී)
අපේ රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න ඕනේ නැතිනම් ඉදිරියට මිට වඩා දේවල් අහන්න දකින්න පුළුවන්.. (දී)
අසාධ්‍ය වූ විට අන් අයගෙන් වකුගඩු, ලේ හෝ වෙනයම් ආර්ථික සහන ඉල්ලන්න ඇති සාදාචාරාත්මක අයිතිය රැකගන්න නම් නොබී ඉන්න. (නදී)
ආ මට අහන්න බැරි උනා නිලූ නංගිට දැන් කීයද? මට ලැබුවේ 58 .(නදී)
පහත් තත්ත්වයේ සිටින පියෙක් (අ)