IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පෝස්ටර් අලවන්න දුන්නු පිටිවලින් රොටී පුච්චන්කාලා

ඌව පළාතේ එක්තරා ඡුන්ද අපේක්‍ෂකයකු සිය මැතිවරණ පෝස්ටර් ඇලවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම සඳහා දුන් පිටි මුලකින් රොටී පුළුස්සාගෙන කෑ බව කියන ආධාරකරුවන් පිරිසක් පිළිබඳ ලංකාදීපයට වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ඔහු මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එක්තරා දේශපාලන පක්‍ෂයකින් තරග වදින අපේක්‍ෂයෙකි. ඔහු ඉතා අමාරුවෙන් මුද්‍රණය කරගත් පෝස්ටර් මිටිය තම ආධාරයට පැමිණි කීපදෙනකු අත තැබුවේ ඒ සියල්ල ගස් ගල් මත මෙන්ම තාප්පවලද අලවන ලෙස උපදෙස් දෙමිනි.

අවශ්‍ය පාප්ප හදාගන්නට පිටිමුලක් ද ඇඟ රත්කර ගන්නට බෝතලයක් ද ලැබිණි.

පිරිස පෝස්ටර් ඇලවීම ආරම්භ කරන්නට පෙර බෝතලය හිස් කළේ ඉතිරි කාර්යය සඳහා හොඳ ගැම්මක් අවශ්‍ය බව එකිනෙකාට පවසමිනි.
බෝතලයෙන් ඇරඹි සාදය දෙක තුන වූයේ ඊට තවත් කීප දෙනකුත් හවුල් වූ බැවිනි.

අවසානයේ එක් අයකුගෙන් ආවේ අපූරු යෝජනාවකි.

අපි මේ පිටිවලින් රොටි හදමු. යෝජනාවට විරෝධයක් නොවූ තැන පාප්ප හැදිල්ල පසෙක තැබූ පිරිස ඉන් රොටි හදාගෙන කන්නට වූයේ  ඕකා දේශපාලනය කරන්නෙත් බං කන්න හොයා ගන්න මිසක් රට දියුණු කරන්න නොවෙයි නේ යැයි එකිනෙකාට කියා ගනිමිනි.



අදහස් (0)

පෝස්ටර් අලවන්න දුන්නු පිටිවලින් රොටී පුච්චන්කාලා

සමන්ත Thursday, 11 September 2014 09:20 PM

අපේ ගමේ පෝස්ටර් අලවපු කෙනෙක් ගේ දුවට සා පෙළ ගණිතය සාමාර්ථයක් වත් නැහැ. එ්ත් රජයේ ලිපිකාරිණියක්. පෝස්ටර් අලවන අයගේ ළමයෙකුට රැකියාවක් වරදින්නේ කලාතුරකින්. ඒ නිසා තමන්ගේ ළමයාට රැකියාවක් සොයන දෙමව්පියන් ඔක්කොම මේ වැඩේට බස්සා නම් හරි. (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 10:10 PM

රේමන් මත් පැන් වීසි කරන රටන් ලෝකේ කොහෙවත් අහල තිබෙනවද ? (නදී)

:       0       0

රූපවතී Thursday, 11 September 2014 09:59 AM

රොටී කියන කොට මගෙත් කටට කෙල ඉනුවා. හොද පොල් රොටියක් දෙහි ඇඹුල් සමග ලුනු මිරිසකුයි..! ෂාහ් ..දෙපාරක්ම කෙල ගිලුනා (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 10:15 PM

ඡන්ද අපේක්ෂකයාටත් අන්තිමට කන්න වෙන්නේ රොටි තමා (නදී)

:       0       0

චන්දි Thursday, 11 September 2014 10:01 AM

නියම වැඩේ කරලා තියෙන්නේ කමෝන්. (නදී)

:       0       0

දීපිකා Friday, 12 September 2014 12:19 PM

රොටියක් උනත් නොමිලේ කන්න ලැබෙන්නේ ඡන්ද කාලෙටනේ. අපේ ජනතාව මෝඩමත් නැහැ (නදී)

:       0       0

නිශාන් Friday, 12 September 2014 12:32 PM

නියමයි නරක නැහැ වැඩේ (නදී)

:       0       0

සරත් Thursday, 11 September 2014 11:26 AM

දැන් අපේ රටේ අය බුද්දිමත්. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 12 September 2014 04:12 AM

චන්ද දායකයාගේ මූලික අවශ්‍යතාවය ගැන චන්දෙ ඉල්ලන අයට පහදලා දෙන්න මීට වඩා උදාහරණ ඕනෙද...? (නදී)

:       0       0

ටිරෝන් Friday, 12 September 2014 01:14 PM

ඇත්තටම ජනතාව නම් එච්චර මෝඩ නැහැ. පිනට කන්නයි බොන්නයි තමයි කෑදර. නිකන් ලැබෙන බත් පැකට් එකට පෙළපාලි යන මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ.(නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 11 September 2014 04:43 AM

පෝස්ටර් ඈලෙව්වත් ටික වෙලාවකින් වෙනත් පක්ෂ උඩින් අලවනවා. පොලීසියෙන් ගලවනවා ,රොටියක්,කොත්ත රොටියක් ,හදාගෙන කෑම නිවැරැදියි (නදී)

:       0       0

සුමින්ද වියට්නාමය Thursday, 11 September 2014 05:19 AM

තාප්පවල ගානවට වඩා කනවා නම් නරක නැහැ. (නදී)

:       0       0

රුවන් Thursday, 11 September 2014 05:57 AM

පෝස්ටර් ටිකත් බෝතල් පත්තර ගන්න කඩේකට දුන්නා නම් කටගැස්මේ ගාණත් හොයාගන්න තිබුනා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 12 September 2014 05:28 AM

දැක්කද ඌව පළාතේ ඉන්නේ දක්ෂ වැඩකාරයෝ! (නි)

:       0       0

අජිත් Thursday, 11 September 2014 01:05 PM

නියම කට්ටියක්නේ. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 11 September 2014 06:50 AM

තමන්ගේ විරුද්ධ අපේක්ෂකයෙකුගේ තරහකාරයින්ට වැඩේ බාරදුන්නා නම් අවංකව වැඩේ කරගන්න තිබුනනේ. (නි)

:       0       0

සමන්ති Thursday, 11 September 2014 01:37 PM

අනේ මන්දා රූපවති, අහක තිබෙන රොටියකට කොහේටහරි වෙලා ඉඳගෙන කෙළ හලනවට වැඩිය වෙනත් අදහසක් ඔයාගේ ඔලුවට ආවේම නැද්ද? මට නම් මේ පුවත දැකලා හිතුනේ මේ විදිහට ගියොත් එහෙම, ඉදිරියේදී බඩගින්න නිවාගන්න මිනිසුන් රොටි නෙමෙයි පාප්පත් කයි කියලයි. ඒ තරමටම බඩු මිල වැඩියි. අපි කන හැටි ළිපා දනියි . (නි)

:       0       0

ධම්ම Thursday, 11 September 2014 06:53 AM

පෝස්ටර් අලවන කට්ටියට පක්ෂයක් නැහැ. ඔවුන් ඕනෑම පක්ෂයකට වැඩ කරනවා බෝතලෙයි බත් මුලයි ලැබෙනවා නම්. මෙතන බෝතලේ ලැබුනට බත් මුල ලැබිලා නැහැනේ එ්කයි පිටි ටිකෙන් රොටී කාලා තියෙන්නේ. (නදී)

:       0       0

මාලි Thursday, 11 September 2014 01:50 PM

හොද වැඩේ (නදී)

:       0       0

සමන්ති Thursday, 11 September 2014 02:00 PM

ඇන්ටන් රෝඩ්රිගුගේ ගීතයක් මතක් වුනා රොටී ගැන කියවෙන. (නදී)

:       0       0

රේමන්ඩ් Thursday, 11 September 2014 07:24 AM

මෙය සියලු දෙනාට හොඳ පණිවිඩයකි. සියලු දෙනා කළ යුතතේ මෙයයි. මත්පැන් විසිකලා නම් වඩාත් හොදයි. (නදී)

:       0       0

සුගුනවති Thursday, 11 September 2014 02:47 PM

මොළය ඇති මිනිස්සු ප්‍රයෝජනයක් ඇති වැඩකට පිටි යොදවලා (නි)

:       0       0

කුමාරි Thursday, 11 September 2014 03:27 PM

එල කිරි වැඩක්. හැම ඡන්දදායකයෙක්ම තේරුම්ගන්න. මේ අය දින්නම අත දුන්න අය ලගට ආවත් ගනන් ගන්නේ නැහැ. එයාලගේ හත්මුතු පරම්පරාවම ගොඩ.(නදී)

:       0       0

විකුම් Thursday, 11 September 2014 03:44 PM

ලෝකේ සංවර්ධිතම රටේ මිනිස්සු බයිට් එකට හොරෙන් රොටි පුච්චගෙන කන්නේ දේශපාලකයින්ට විහිලුවට වගේ පාඩමක් උගන්වන්න වෙන්න ඇති නේද? (නදී)

:       0       0

ප්‍රියනාත් Saturday, 13 September 2014 08:11 AM

ටිරෝන්, ඔබ හරියටම හරි. ඔය අපේ රටේ මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරීන් පගා ගන්නේ සැපවත් ජීවිත ගතකරන්නද? නැහැ. ඒ වගේම තමයි ඔය දේශපාලකයන්ට කොඩිවැල් අදින හා පෝස්ටර් අලවන්න යන පාප්පයෝ. බඩ ගැන විතරයි හිතන්නේ. (නි)

:       0       0

නිසාර් Thursday, 11 September 2014 07:56 AM

කතාව ඇත්ත. ඡන්ද ව්‍යාපාරය කියන්නේ එ්කටයි. ව්‍යාපාර කරන්නේ ලාබ ලැබීමට මිසක් පින් අනුමෝදන් කරන්න නෙවයිනේ. (නදී)

:       0       0

මිනිපේ Thursday, 11 September 2014 04:21 PM

ධම්මි, එහෙම කියන්න එපා. එදා පොස්ටේර් අලවපු අය, අද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. පෝස්ටර් අලවන්නා පක්ෂයේ ඇප්‍රන්ටිස් තනතුරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site