(තිහගොඩ - උපසේන ලියනගම)
වයඹ පළාතේ පාසල් ගුරුවරියක වූ ඔහු තම බිරියත් සමග නිතර පැවැති ආරවුල් නිසා දිවි ගමන ගෙන ගියේ මහත් කලකිරීමකිනි.
විදුහලේ මාර්ගෝපදේශන ගුරුවරයා සමග මේ පිළිබඳව කතා කළ විට ඔහු මේ ගැටලූවලට න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් කීපයක් කියා දී ඒවා අත්හදා බලන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශන සාර්ථක විය. දැන් මේ දෙදෙනා කිරි පැණි වගේය. මේ සුහදතාවට මග පෙන්වූ තම හිතවතාගේ නිවෙස සොයා මේ දෙදෙනාම පසුගියදා ගියේ අවුරුදු තෑගි ද රැගෙනය. එහෙත් නිවසේ සිටියේ හිතවතා සහ ඔහුගේ දුව පමණකි. ”වයිෆ් අවුරුදු ගමනක් ගිහිං” කී ඔහු මුළුතැන් ගෙට ගියේ අමුත්තන්ට තේ හදන්නටය.
ඒ අතරතුර අමුත්තන් අසලට ආ දුව ”තාත්තා කීවේ බොරු හැමදාම අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා අද තාත්තා අම්මට ගැහුවා. අම්මා අඬාගෙන මහගෙදර ගියා.” කීවෙන් අමුත්තන් දෙදෙනාට තරු පෙනුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා තුල ඇති ලෝකය දැන දිනා ගැනීම අසීරු කටයුත්තකි. (ස)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ නිකන්ද? (ස)
අනුන්ට උපදෙස් දෙන එක තමා මේ ලෝකේ තියෙන පහසුම වැඩේ.(ම)
"වයඹ පළාතේ පාසල් ගුරුවරියක වූ ඔහු තම බිරියත් සමග" මාර වැඩේ ලෙස්බියන් විවාහයක් වගේ (බ)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. (ස)
හුඟක් උපදෙස් දෙන්නන්ට මේ දේ සිද්ද වෙනවා. (ර)
දුමින්ද හරි. කෙනෙකුට තියෙන අමාරුම දෙය ඕක තමයි (දී)
මගේ යාලුවෙකුගේ අවිවාහක ලොකු නෑනා තමයි ඒ පවුලේ අඹු සැමි ප්‍රශ්න වලට උපදෙස් දෙන්නේ. පවුලේ ලොකු සහෝදරි නිසා ඔක්කොම දත කට පුට්ටු කරගෙන ඉවසනවා. (ර)
සුමාල්, මෙතන කාටදෝ පටලැවිල්ලක් වෙලා. (ර)
අපෝ! මේක හරිම සාමාන්‍ය දෙයක්. අපේ ලංකාවේ පවුල් හදන්න උපදෙස් දෙන තරමක් දෙන්නේ හරියට පවුල් කන්නෙ නැති අය. ගොඩ පෙරකදෝරුකම් කරන්න අපේ කට්ටය හරි ආසයි. කරන්න ලේසිම දේ කටින් උදව් කිරිමනේ. (නි)
ඕක සාමාන්‍ය දෙයක්නේ අනේ (දී)
"අද තරහා අදම අමතක කරන්න" හෙටත් එහෙමම කරන්න. සැමදා සතුට. කරලා බලන්නකෝ. ( දී)
පාඩුම ලබන සංස්ථාව පවුල් සංස්ථාව (බ)