රාත්‍රියේ හොර පුවක් කැඩීමට ගස් නැගි පුද්ගලයකු නැගි ගස ගැලවී අඹ ගසක සිරව සිටියදී ගම්මුන්ට හමුවීමේ පුවතක් පාතදුම්බර කඳුකර ගම්මානයකින් වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේයි.
මත්පැනට තදින්ම ලොල් වූ තනිකඩ පුද්ගලයෙකු වූ ඔහු කුලියක් කර ජීවිතය ගැට ගසා ගත්තද තම මත්පැනට අවශ්‍ය මුදල් බොහෝ විට සොයා ගත්තේ අසල්වැසි ගෙවතුවලට පැන හොරෙන් පුවක් හෝ පොල් කඩා විකිණීමෙන් ලැබෙන මුදලිනි.
කෙසේ නමුත් එදින රාත්‍රියේ ප්‍රදේශය පුරා පැවැති මොර සූරන වර්ෂාව මධ්‍යයේ අසල්වැසි ගෙවත්තක තිබූ පුවක් ඉත්තක් කැඩීමට ගස් නැගි ඔහුට දෙලෝ රත්වූයේ පුවක් ගස ටිකෙන් ටික ඉදිරී වැටීමට පටන් ගැනීම නිසාය.
කර කියා ගත නොහැකි වූ ඔහු වැටෙන ගස බදාගෙන සිටීමත් සමගම එය නතර වූනේ අසල අඹ ගසක සිරවීමෙනි.
ඉන් මිදී පළා යාමට කොතෙක් උත්සාහ කළද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ තැන පසුදින උදෑසන වනවිටත් අඩ සිහියෙන් සිටි එම පුද්ගලයා ගම්මුන් විසින් දැක වදෙන් පොරෙන් බිමට බස්වා ගත් බව වැඩිදුරටත් වාර්තාවේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd