IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොලීසියෙන් බේරෙන්න රියැදුරු අමුතු උප්පරවැට්ටියක් දාලා

වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් බේරී යාමට රියදුරු බලපතක් නොමැතිව මෝටර්රියක් පැදවූ රියැදුරු රිය පාර මැද නවතා පයින් ගමන් කළ පුවතක් බරාගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

බරාගෙදර පාලමට ආසන්නව පොලිස් නිලධාරීන් නිතර නිතර බෙරවත්ත පඩිවෙල හරහා කුලියාපිටිය දෙසට ධාවනය වන රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටින ස්ථානයක් ඇත. රථ වාහන රියැදුරන්ට මෙම ස්ථානය ආසන්නට ළං වනතුරුම දැක ගත නොහැකිය. පසුගිය දිනක සවස් කාලයේ අලුත් මෝටර්රථයකින් බෙරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයට යමින් සිටියහ. මෝටර්රථය පදවා ගෙන ගිය රියැදුරාට රියදුරු බලපත්‍රයක් නොතිබිණි. බරාගෙදර අනගාරික ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය පසුකර පාලමත් පසුකර ටිකදුරක් ඉදිරියට මෝටර්රථය ගමන් කොට එක වරම පාර මැද නතර විය.

එය පදවා ගෙන පැමිණි රියදුරා වාහනයේ තිබූ පාර්සලයක් අතින් අල්ලා ගෙන පොලිස් නිලධාරීන් ඉදිරිපිටින් කිසිවක් නොදන්නා අයකු ලෙසින් ගමන් කළේය. මෝටර්රථයේ වාඩි වී සිටි පිරිසට කර කියා ගත හැකි කිසිවක් නොවීය. පාර දෙපැත්තෙන් එන වාහන මෝටර්රථය අසලින් ගමන් කිරීමේ අසීරුතාවක්ද මතුවිය. වාහන තදබදය වැඩි වන හෙයින් එයට පිළියමක් වශයෙන් මෝටර් රථයේ පැමිණි අයකු කැමැත්තෙන් ඉදිරිපත් වී රියැදුරු අසුනේ වාඩි වී මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කොට පොලිස් නිලධාරීන් පසුකර යන විට එය නවත්වන ලෙස අණ කළේය. එහි සිටි පිරිස බිමට බැස පොලිස් නිලධාරීන් අසලට ගියහ. වාහනයේ රියැදුරා තමාද? පොලිස් නිලධාරියෙකු ප්‍රශ්න කළේය.

රියැදුරු බලපත්‍රය ඇතුළු වාහනයේ ලියකියවිලි සියල්ල පොලිස් නිලධාරියා පරීක්ෂා කළේය. පසුව මොකද වාහනය පාර මැද නතර වුණේ. කලින් වාහනය එළවා ගෙන පැමිණි රියැදුරා කෝ එයාට මෙහාට එන්න කියන්න. එයා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නැහැ. වාහනය පාර මැද නතර කළා. එයා ඉස්සරහට ගියා. මෝටර් රථයේ සිටි අයගෙන් එක් තැනැත්තෙක් කීවේය. මට බොරු කියන්න එපා. මිනිහට ලයිසන් නැහැ නේද. එක වැරැද්දක් නොවෙයි. වැරදි දෙකක් කරලා තිබෙනවා. සර්, අපි මේ කුලියාපිටිය කැබැල්ලෑවල පන්සලේ බෝධි පූජාවකට යන ගමන්. අපිට යම්කිසි සාධාරණයක් කරන්න. රියැදුරු බලපත්‍රයක් නැති නිසා තමයි එයා ගියේ. පාර මැද්දේ වාහන නතර කරන සිරිකත් තියෙනවාද? ඔය ටිකට වාහන කීයක් අපහසුතාවට පත් වුණාද පොලිස් නිලධාරියා කියා ගෙන ගියේය. ඒ අනුව තරයේ අවවාද කොට මින් පසු එවැනි වැරදි නොකරන ලෙස දැනුම් දී එම ස්ථානයෙන් යාමට අවසර ලැබිණි. මෝටර් රථය ටික දුරක් ඉදිරියට ගමන් කරන විට රියැදුරු බලපත් නොමැති රියැදුරු මෝටර් රථයට ගොඩ වුණේ මුව පුරා නැගුණු සිනහවක් පාමිණි.

(බිංගිරිය - වික්ටර් සෝමවීර) 



අදහස් (0)

පොලීසියෙන් බේරෙන්න රියැදුරු අමුතු උප්පරවැට්ටියක් දාලා

නන්දලාල් ද සිල්වා- ප්‍රංශය Thursday, 06 October 2016 05:12 PM

ලයිසන් නැති වුණත් මිනිහට මොළේ කළඳක් හරි තිබිලා තියෙනවා. එවෙලේ මොළේ පාවිච්චි කරලා දඩයක් නොකා එයා ශේප් වෙලා ගියා. (නි)

:       0       0

ශෙහාන් Thursday, 06 October 2016 07:55 PM

ලයිසන් නැති අයත් එක්ක ගමන් යන අයත් ඊටහපන් (නි)

:       0       0

සෑම් Thursday, 06 October 2016 09:00 PM

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" කියන එක සත්‍ය බව පෙන්වන තවත් අවස්ථාවක්. (නි)

:       0       0

රූපවතී Saturday, 08 October 2016 02:42 AM

අපේ රටවල නීතියේ දුර්වලකම් නිසා කොපමණ අනතුරු වලින් මිනිසුන් මැරෙනවද? වාහන ලයිසන් දෙනවිට හොඳ පුහුණුවක් මාර්ග සංඥා ගැන අවබෝධයක් වගේම ඒ පදවාගෙන යන වාහනය ඉන්ෂුරන්ස් කරීම අනිවාර්ය කිරීම කරන්න. අනතුරු අඩුකර මහජන ජීවිත ආරක්ෂා කිරීම ඒ අදාළ බලධාරීන්ගේ වගකීම. (නි)

:       0       0

අජිත් Friday, 07 October 2016 02:39 AM

හොඳ පොලිස් නිලධාරියෙක් (නි)

:       0       0

අකිල Friday, 07 October 2016 02:42 AM

සෑම් මොකද, යන්නේ කොහෙද මල්ලේ පොල්ද? (නි)

:       0       0

පද්මිණි Friday, 07 October 2016 04:59 AM

කුරුණෑගල ඉන්නේ තැනෙ හැටියට ඇනේ ගහන්ට දක්ෂ බුද්ධිමතුන්. (ම)

:       0       0

අබරන් Thursday, 06 October 2016 11:07 AM

පොලිසිය රස්සාව හරියට දැනගෙන ඉඳලා නැහැ, රියදුරු නොමැති වාහනය පොලිසියට රැගෙන ගොස් රිමාන්ඩ් බාරයේ තියන්නට තිබුනා... (ර)

:       0       0

ගුණසිරි Saturday, 08 October 2016 01:46 PM

පද්මිණි, තැනේ හැටියට ඇණේ නොවෙයි, සිද්ධවෙන්න තිබුනේ තැනේ හැටියට හැසිරෙන්න. නැත්නම් පාරේ මැද වාහනය නවතා දමායෑමෙන් විශාල අනතුරක් වෙන්නට තිබුනා නේද (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 08 October 2016 01:51 PM

රූපවති නංගිගේ කතාව මමත් අනුමත කරනවා. ලංකාවේ මේවගේ දුර්වලකම් නිසා දවසකට අනතුරු කොපමණ සිද්ධ වෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 395 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 474 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 600 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 860 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 468 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 861 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1199 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site