වාහන තනි අතට දිවෙන මාර්ගයක දෙමටගොඩ දෙසට ගමන් ගන්නා ත්‍රීරෝද රථයකි. එයට පිටුපසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයකි. මුලින් පැමිණි ත්‍රීරෝද රථය නතර කළ විට පසුපසින් පැමිණි ත්‍රීරෝද රථය සංඥා එළි දල්වා රථය පසු කිරීමට සැරසුනි. එවිටම වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථය පසුකර යෑමේදී එහි වැදී මෝටර් රථයේ දොර සීරිමකට ලක්විය.
වහාම මෝටර් රථය නැවැත් වූ රියැදුරා ඉන් බැස “බලනවකෝ තමුසෙගෙ වැඩෙන් අලුත්ම වාහනේ සීරුනානේ” යනුවෙන් ගෝරානාඩු කළේය. “මම මොනවා කරන්නද. මම සිග්නල් දාලා ඉස්සරහට යද්දී ඔයානේ ඕවර් ටේක් කරන්න ගිහින් හූර ගත්තේ” ත්‍රීරෝද රථ රියැදුරා පැවසීය. “මේක රජයේ වාහනයක්” මෝටර් රථ රියැදුරා කී විට “කාර් එකේ රාජ්‍ය ලාංඡනය නැහැනේ. අපි පොලිසි යමු” ත්‍රීරෝද රථ රියැදුරා පැහැදිලි කළේය.
“අපිට පොලිසි ගානේ යන්න පරක්කු වෙනවා අපි නඩුවකට උසාවි යන ගමන්” මෝටර් රථයේ පැමිණි අයෙක් පැවසීය. “මේකට රුපියල් තුන්දහක් වත් යනවා”. රියැදුරා පැවසූ විට “ඉතින් ඉන්ෂුවරන්ස් එකට කතා කළා නම් ඉවරයිනේ” ත්‍රීරෝද රථ රියැදුරා පවසා “මට රුපියල් පන්සීයක් නම් දෙන්න පුළුවන්, ඊට වැඩිය දෙන්න අමාරුයි” යැයි කීය. රුපියල් පන්සිය අතට ගත් මෝටර් රථයේ රියැදුරා වාහනේ සිටි තැනැත්තා සමග පිටත් විය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
2025 ඔක්තෝබර් මස 08
1659
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1405
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියට යමු කීවාම රු:500 අරන් මාරුවෙලා
විකි Monday, 25 July 2016 02:27 AM
ලියනගේ මහත්තයෝ එතකොට කිසිම අවුලක් නැහැනේ. පිටිපස්සෙන් හැප්පුවත් ඉන්ෂුවරන් එකෙන් ගන්න කියනවා. පාඩුව අන්තිමට නිසිපරිදි ගිය මනුස්සයාටයි. (නි)
ධම්ම Friday, 22 July 2016 04:36 PM
මෙච්චර නීතිගරුක මොහු ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරෙක් කියලා හිතාගන්නත් අමාරුයි (නි)
ලියනගේ Sunday, 24 July 2016 07:37 AM
රියදුරු මහත්වරුනි , අනතුරක් සිදු වුනාම ..නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ..ඔහොම මුදල් දෙන්න ඕනේ නැහැ රක්ෂණය කරලා තියෙන්නේ ..ඔවැනි අනතුරු වලටයි ..මම නම් කිසිම දිනයක ..මුදල් දෙන්නෙත් නැහැ එහෙම ඕන කමකුත් නැහැ ....කියලයි මගේ හැගීම ..(හේ)