දියේ ගිලී මියගියත් පොලිස් අත්අඩංගුවට නම් පත්විය නොහැකියැයි පැවසූ තරුණයෙක් පිළිබඳ පුවතක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.
පොලිස් පිරිසක් මේ ගම්මානයට ගියේ මත්කුඩු උරන තරුණ පිරිසක් ඉන්නා බවට ලත් තොරතුරක් අනුවය.
සැකකරුවන් දෙතුන්දෙනකු අල්ලා ගත්තත් මේ කණ්ඩායමේ නායකයා අල්ලා ගැනීමට බැරිවිය. පිරිසේ නායක නිලධාරියා සැකකරුවන් සමග නිලධාරීන් පිටත් කර හැරියේ ඔවුන් ළඟ තබාගෙන සිටීම අපහසු නිසාය.
කණ්ඩායම බාර නිලධාරියා සගයකු සමග යද්දී තවත් සැකකරුවෙකු අල්ලා ගැනීමට හැකිවූ අතර පිරිසේ නායකයා වෙල් යායේ ඇනිකට් එක අසල කුඩු උරමින් ඉන්නා බව දැනගත් නිලධාරියා එහි ගියේය.
පොලිස් නිලධාරින් දෙන්නා දුටු ප‍්‍රධාන සැකකරු දිය ඇළට පැන්නේ පොලීසියෙන් ගැලවෙන්නටය. සිතුවාටත් වඩා ජල පහර සැර නිසා ඔහුට එහි රැුඳී සිටීම අපහසු විය. ඒ බව දුටු පොලිස් නිලධාරියා ජීවිතය බේරාගැනීමට නම් ගොඩට එන්නැයි ඔහුට කීවේය.
අනේ සර්, දියේ ගහගෙන ගිහින් මළත් ගොඩ නම් එන්න බැහැ. සර්ලා මට නඩු දානවනේ.
අනතුරුව පොලිස් නිලධාරියා ක‍්‍රියාත්මක විය. දියට පැන්නේය. සැකකරු අල්ලා ගොඩට ගෙන ආයේ ඔහුගේ දිවි බේරන අදහසිනි. ඔහු සිටි තැන තිබූ තහනම් මත්ද්‍රව්‍ය ආදියද බාරයට ගත්තේය. පොලිසියට ගෙනවිත් නඩුවක් පවරා අධිකරණයට ඉදිරිපත් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියට බයේ ඇළට පැන්න කුඞ්ඩා මාට්ටු
අජිත් Sunday, 05 January 2014 06:36 PM
ගුණරත්නගේ කියමනට මාත් එකඟයි. (ත)
සමීර සාලින්ද Thursday, 02 January 2014 05:32 PM
කුඩු ව්‍යාපාරිකයන් ද අත්අඩංගුවට ගන්න. (ත)
සෑම් Thursday, 02 January 2014 06:20 PM
කුඩු උරන අය අල්ලනවා. කුඩු ගෙන්වන අය අල්ලන්නේ නෑ. (ත)
අසාද් Thursday, 02 January 2014 06:55 PM
කුඩු ගෙන්වන අයගෙන් වාසි තියෙන නිසාද දන්නේ නෑ අල්ලන්නේ නැත්තේ. (ත)
ගුණරත්න Thursday, 02 January 2014 07:39 PM
කුඩු ගෙන්වීමෙන් ඇතැම් දේශපාලනඥයන්ගේ මඩිය සරුවේ. කුඩු බොන වුන් අල්ලා දඩ ගැසීමෙන් රජයේ ආදායම සරුවේ. (ත)
සමන්ති Saturday, 04 January 2014 05:21 AM
කුඩු ගෙන්වන කෙනා පගාව දී ගොඩ යයි ලියුම් දෙන එකා නිදහසේ ගෙදර යයි . පොලිටික්කා කුඩු මුදලින් ඡන්දය දිනයි .කුඩු බොන එකා හිරගෙදරින් එලොවට යයි.(නදී)
ජානක Sunday, 05 January 2014 08:52 AM
පොලිසියට අහුවෙනවාට වඩා ගගේ පනිනවා හොදයි කියලා හිතෙන්න ඇති (දී)
කුමාරි Thursday, 02 January 2014 10:39 AM
උරණ යයි බෙදන යයි විතරක් නෙමේ මේ රටට ඔය ජරාව ගෙන්වන අපරාද කාරයෝ නවත්තන්න.(නදී)
සෙන්තිලන්තන් Friday, 03 January 2014 05:20 AM
කුඩු උරණ ඔය පොඩි අසරනයන්ව අල්ලන්නේ නැතුව,අල්ලන්නි ඕන ලංකාවට කුඩු තොග වශයෙන් පිටින් ගෙන්වන අයව. (අ)
කාලිංග Sunday, 05 January 2014 01:15 PM
අනේ අපේ රටට වෙච්ච දෙයක් (දී)
කසුන් කෞශල්‍යා Sunday, 05 January 2014 01:15 PM
මේ මිනිහට ගහල ඇඟේ ඈට කඩන්න තිබුනේ (දී)
ඉන්දු මෙල්බෙර්න් Saturday, 04 January 2014 03:54 PM
ඔය වගේ අර කන්ටෙනේර් එක ගෙනාව අයවත් අල්ලන්නකෝ රාළහාමි.(නදී)
බමුණු Thursday, 02 January 2014 01:35 PM
අපි මොනවා කී වත් කුඩු ගහන එකා තමයි එකේ රස දන්නේ. එහෙම නේද ආයුබෝවන්.(නදී)