(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
අසල්වැසියා තමන්ට හූනියම් කිරීමෙන් කරදර පැමිණෙන බට පැමිණිල්ලක් කිරීමට පොලිසියට පැමිණි මෝඩපහේ කාන්තාවකට පොලිසිය දැක්වූ ප්‍රතිචාරයෙන් හූනියම කැපීයාමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිසියකින් වාර්තාවිය.
සිද්ධිය මෙසේය. ඇය ඉතා දුෂ්කර ප්‍රදේශයක තරමක වයස්ගත කාන්තාවකි. අමානපයෙන් සිටින අසල්වැසියන් තමාට හූනියම්කිරීම නිසා නිවසේ වටා රාත්‍රියට විවිධ ශබ්ද ඇසෙන බවත් සිරුර රත්වී දැවිල්ල ඇතිවන බවටත් මේ පිළිබඳව අසල්වැසියාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට පැමිණි බවත් නිලධාරීන්ට ඇය කියා ඇත්තේ හැඬූ කඳුළිනි.
කාන්තාවකගේ මානසික තත්ත්වය තේරුම් ගත් නිලධාරීන් පැමිණිල්ල ලියාගන්නා බවට අඟවමින් හූනියම් කිරීමට අදාළ පනතින් අසල්වැසියාට නඩු පවරන බවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කාන්තාව අස්වසමින් කියා ඇත.
තම පැමිණිල්ලට නීතිමය පියවර ගැනීමට නිලධාරීන් ක්‍රියා කිරීම පිළිබඳව මහත් සතුටට පත්වූ කාන්තාව පොලිසියෙන් පිටව ගොස් ඇත. ආපසු තම ගමට පැමිණි කාන්තාව ගමේ අයට කියා ඇත්තේ තමන්ට අසල්වැසියා හූනියම් කළ බවට පොලීසියට පැමිණිලි කළ බවත් ඒ අනුව පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ නිසා හූනියම් කැපීගොස් දැන් කිසිදු කරදරයක් නොමැතිව හොඳින් ජීවත්වන බවත්ය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පොලිසිය හූනියමක් කපලා