රැකියාව ලෙස නාටාමි වෘත්තිය කළ අයෙකි. දිනය ආරම්භ කළේත් අවසන් කළේත් ගංජා සුරුට්ටුවකිනි. පසුගිය දිනෙක ගංජා තිත්පොළකට රිංගුවේය. ගංජා මිටියක් මිලදී ගත් හෙතෙම එහි ඇති ගංජා ඇට ඉවත් කරමින් මහ පාරේ එන්නට විය. ටික දුරක් පැමිණ හිස ඔසවා බලද්දී මහ පාරේ තමන් දෙසට පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු දැක ගන්නට ලැබිණි. මෙහොතකින් තමුන්ට අත්වන ඉරණම සිහිපත් වූ ඔහුට ගණ දෙවි නුවණ පහළවිය. ගංජා මිටිය කටේ දමා හැපුවේය. මොහොතකින් සියල්ල ගිල දැම්මේ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. ඔහු දෙසවත් නොබැලූ පොලිස් නිලධාරීහු ඔවුන් ආ ගමන යන්නට ගියහ. “ අපරාදේ...” ඔහුට කියැවිණි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා යහතින් ඉන්නවද හැබෑටම? (හේ)