කසිප්පු පොළට පොලිසියෙන් පැන සිටියදී කසිප්පු බොන්නට එහි ආ පොල් කඩන්නකු ගෙදර ගෘහ මූලිකයා සේ කුස්සියට ගොස් බත් මුට්ටියෙන් බෙදාගෙන කා කිසිත් නොදන්නා සේ පිටව යාමේ සිද්ධියක් පිළිබදව මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. ලත් තොරතුරුක් අනුව පල්ලෙවෙල පොලිස් මුරපොළේ නිලධාරි පිරිසක් වැටලීමක නිරතව සිටියහ. පොලිස් පිරිස කසිප්පු පොළ පවත්වාගෙන යන අයගේ නිවෙස හා අවට සෝදිසි කරමින් සිටියේ සඟවා ඇති කසිප්පු සොයා ගැනීම සදහාය. නිවැසි කත පොලිසියේ කටුයුත්ත දෙස අමනාපයෙන් යුතුව බලා සිටියදී තලත්තෑනි පුද්ගලයකු එහි පැමිණියේය. ”කෑම උයලා ඉවරද?” ඔහු කාන්තාවගෙන් විමසීය. කාන්තාව කිසිවක් නොකීවත් මේ පුද්ගලයා කෙළින්ම ගියේ කුස්සිය දෙසටය. පොලිස් පිරිසේ ප‍්‍රධානියා ඔහු ගැන සැක සිතා සෝදිසියෙන් සිටියදී කුස්සියට ගිය ඔහු කළේ බත් මාළුපිනි බෙදාගෙන දිවා ආහාරය ගැනීමය. කෑම කා ඔහු පිටව යද්දීවත් කාන්තාව කතා කළේ නැත. මේ පුද්ගලයා කාන්තාවගේ සැමියායැයි පොලිසිය අනුමාන කළේය. පොලිස් පිරිස නඩුබඩු කිසිවක් සොයා ගැනීමට නොහැකිව පිටව ගියේ වැටලීම අසාර්ථක වූ නිසාය. පොලිසිය එද්දී සැමියා කසිප්පු තොගය සැඟවීමට ගොස් ඇති බවත් පොලිිසිය සිටියදී එම නිවෙසට ආවේ එහි නිතර එන යන ගනුදෙනුකරුවකු වන පොල් කඩන්නකු බවත් පොලිස් පිරිස දැකීමෙන් කරකියාගත හැකි දෙයක් නැතිවූ පොල් කඩන්නා ගෘහමූලිකයා සේ පෙනී සිටිමින් දිවා ආහාරය ගෙන යාම නිසා නිවැසි කත සිය සැමියා වෙනුවෙන් යළි ආහාර සැකසීමේ යෙදී ඇති බවත් පසුව පොලිසියට දැන ගන්නට ලැබිණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසිප්පු බීලා පොල් ගස් නගින්න එපා...කොහොම උනත් අපූරු මොලේ (ස)
මම ප්‍රභාත් එක්ක එකඟයි (ස)
අර්ථය "සැමියා වෙනුවෙන් යළි ආහාර සැකසීමේ යෙදී ඇති බව"(දී)
ප්‍රභාත්, ඒ එංගලන්තයනේ. අපිත් ඉක්මණටම දියුණු වෙමුකෝ. (නි)
මෙහෙත් එහෙමයි . එංගලන්තේ වගේ (ස)
තිලක් තමයි මෙතන මෝඩ ප්‍රශ්නයක් මතුකරලා තියෙන්නේ (ස)
බත් වේල වගේද, ගණ දෙවි නුවණ පාවිච්චි කර වෙන්නට ගිය විනාශයෙන් බේරුණ එක? (නි)
උසස් පරික්‍ෂකයින් නැති කමේ දුර්වල කම කලින් හොඳට හොයල විපරම් කරල නෙමේද ඔය වැටලීම් වලට යන්නේ. පොලිසියේ දුර්වල කම (ස)
රැකියාවට පොල් කැඩුවත් ඔහු බුද්ධිමතෙක්. තැනට සුදුසු නුවණ අගය කරනවා. (නි)
පස්සේ මොකද වෙලා තියෙන්නේ (දී)
මදැයි බත් විතරක් කාලා ගියා. (නි)
දමිත් කිව්වා හරි, පොලිසියට අවශ්‍ය මෙහෙම ස්ථානෝචිත ප්‍රඥාව තියෙන අය.තිලක් හිතපු විදියට එය පහත් රැකියාවක් කියල නෙමෙයි. මෙතන තියෙන්නෙ තැනේ හැටියත මොලේ පාවිච්චි කිරීමේ දක්ශකම.(ස)
බුද්ධිමත් පොල් කඩන්නෙක් (ස)
කාලා බිලා යන්න පුළුවන් වෙලා (දී)
සරා ගොයියා වගේ කෙනෙක් (ස)
දමිත් කියන එක හරි. (නි)
තිලක් මහත්තයාට ලෙඩක්ද? (නි)
මේ මහත්තයා හරියන්නේ පොල් කඩන්න නෙමෙයි,පොලිසියට. (නි)
හැමදාම කසිප්පු කතාවක් (දී)
ස්ථානෝචිත ප්‍රඥාව... (නි)
නියමයි. ටෙලිනාට්‍යයක් වගේ (ස)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..(නු)
සමහරවිට පොල්කඩපු කෙනා උපාධිකාරයෙක්ද දන්නෙ නැහැනේ? මොකද අද ලංකාවේ රැකියා විරහිතභාවය ඉතා උග්‍රයි. (නි)
ඇයි දමිත් මහත්මය එහෙම කියන්නේ පොල් කැඩීම පහත් රැකියාවක් කියලද හිතන්නෙ . රස්සාවල උස් පහත් බවක් නෑ. මේ මමත් රස්සාවට පොල් කඩල තියෙනවා. රබර් කිරි කපල තියෙනවා. පුවක් කඩල තියෙනවා.වරද කුමක්ද? අපේ සමාජයට වැරදිලා තියෙන්නේ ඔය සුද්ද අපේ රටට බෝ කරපු මහන්තත්ත්ව කම. රස්සාව කරන්න ලජ්ජා වෙන්න එපා. ඔබ වැනි අයගෙ සමාජ මානසිකත්වය නිසා ඇතැම් රැකියා කරන්න මිනිස්සු ලජ්ජා වෙනවා. මේ හැම රැකියාවක්ම සේවාවක්. ඒවා සමාජයට අත්‍යවශ්‍යයි. සමාජය පිළිගත් රස්සාවක් බවට පත්කලොත් පොල් කැඩීමට උගත් තරුණ පිරිස් ඉදිරිපත් වේවි. අද පොල් කදීම ඉතා හොඳ ආදායම් මගක්. දිනක අදායම 3000ක් වගේ. (ස)
දමිත් ඔබේ එක අදහසකට මට නම් එකග වෙන්න බැහැ. මමත් රැකියාව කරන්නේ එංගලන්තයේ. සුද්දන්ගේ අතර නම් උස් පහත් බේද 99% ම නැහැ. මෙහේ ඕනෑම ආයතනයක ප්‍රධාන නිලධාරියට සුලුසේවකයා පවා කතා කරන්නේ ඔහුගේ නමින්. රැකියාව, නිලය කුමක් උවත් ඒක එලෙසමයි. මේ ඉන්න කිසිම සුදු ජාතිකයෙක් තමන් කරන රැකියාව ගැන උස් පහත් බේදයක් නැහැ. බොහෝ වෙලාවට මගේ ආයතනයේ ප්‍රධාන කළමණාකරු ඔහුගේ විවේක කාලයේදී එම ස්ථානය පවා අතුගා පිරිසිදු කරනවා. මුලදී ගිය දවස් වල මටත් පුදුම හිතුන. නමුත් අපේ රටේ විදිහ වෙනස් නේද.(ස)
අශෝකට තේරුණත් තිලක් මහත්තයා නම් පටලවාගෙන වගෙයි. (නි)
කොහොමද මොලේ (දී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
අහ්...! එංගලන්තේ එහෙමද? මෙහෙත් එහෙමයි.. මම නවසීලන්තෙ පොල් කඩනවා.. (නු)
පොලිස්සියේ මහත්තුරුන්ට පොල් කඩන කෙනෙක් තරම්වත් මොළයක් නැහැනේ. ලැජ්ජාවේ බැහැ. (නි)