(වියලුව වාර්තාකරු)
හිටි හැටියේ ම පහළ වූ ගණදෙවි නුවණ මෙහෙයවා තම නිලයේ ගෞරවයත්, නීතියත්, තම ක්ෂේත්‍රයේම ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අභිමානයත් රැකගත් අපූරු පොලිස් නිලධාරීයකු පිළිබඳ පුවතකි.

ඔහු ඌව පළාතේ එක්තරා පොලිස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් රථ වාහන අංශයට සම්බන්ධ නිලධාරියෙකි.
පසුගිය දිනෙක සහෝදර නිලධාරියකු සමග හෙතෙම මහ මගට බැස්සේ රථ වාහන සම්බන්ධයෙන් වැරදි කරන අවිනීත රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ අපේක්ෂාවෙනි.
හිස්වැසුම් නොමැති යතුරුපැදිකරුවන් කීප දෙනකු මෙන්ම අධික වේගයෙන් වාහන පැදවූවෝද, ගමන් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ කීප දෙනකුද ටික වේලාවකදීම ඔවුන්ට නීතියේ රුහැනට හසුකර ගැනීමට හැකිවූ අතර ඔවුන් කීප දෙනකුටම දඩ කොලද ලියැවිණි.
ඔය අතරේ මාර්ගයේ ගමන් ගත් මැදිවියේ පුද්ගලයකු විසින් ධාවනය කරවූ යතුරුපැදියක් ද මොවුන් විසින් නතර කරනු ලැබුවේ එය පැදවූ පුද්ගලයා හිස් වැස්මක් නොමැතිව යතුරුපැදිය ධාවනය කරනු දැකීමෙනි.
මම අහවල් පොලීසියේ අහවලා ගෙදර එහා පැත්තේ. මම මේ එහා පැත්තේ කඬේට යන්න ආව නිසා තමයි හෙල්මට් නොදැම්මේ දුර යන ගමනක් නෙමෙයි. පොලිස් නිලධාරියාගේ සංඥාවට අවනතව යතුරුපැදිය නතරකළ පුද්ගලයා එහි සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියාට පවසා සිටියේ සිදුවූ වැරැද්ද සාධාරණීකරණය කරමිනි.
එහෙත් එම වරදම සිදුකළ තවත් කීප දෙනකුම එම ස්ථානයේ සිට සිදුවන්නේ කුමක්දැයි බලා සිටීම නිසා බෙහෙවින් අසරණ වූ රථ වාහන අංශ නිලධාරියා කරන්නේ කුමක්දැයි කල්පනා කරන්නට වූවේ නීතියත් තම අභීමානයත් පමණක් නොව තම ක්ෂේත්‍රයේම ඉහළ නිලයක් දරන සහෝදර නිලධාරියාගේ නම්බුවද රැකීම තම යුතුකම විය යුතු බව සිතින් මෙනෙහි කරමිනි.
මොහොතක් ගතවෙද්දී ඔහු එම ස්ථානයේ සිටි තරුණයකුගෙන් හිස්වැස්මක් ඉල්ලාගෙන සාජන් මහත්තය, මේ හෙල්මට් එක දාගෙන ගෙදරට ගිහිල්ල ඔයාගේ හෙල්මට් එක අරන් ඇවිත් කඬේට ගිහින් එන්න යැයි කීවේ සිය ගණ දෙවි නුවණ මෙහෙයවා රැවුලත් කැඳත් යන දෙකම බේරා ගනිමින්ය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් ලොක්කා ගණදෙවි නුවණින් ජාං බේරාගනී