පොලිස් නිලධාරියෙකු ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමා සපා කා ගිල දැමූ කාන්තාවක් පිළිබඳ පුවතක් කන්දකැටිය පොලීසියෙන් ලංකාදීපයට වාර්තාවේ. සිද්ධිය මෙසේය පසුගිය දිනෙක කන්දකැටිය පොලිසියට තොරතුරක් ලැබුණේය.
ඒ තම බල ප්‍රදේශයේ ගමක ගංජා අලවියේ යෙදෙන කාන්තාවක් ගැනය. ලද තොරතුරු ඔස්සේ පොලිස් සැරයන්වරයකු ඇය සොයා ගියේ ඒ පිළිබඳව විමර්ශනය කරන්නටය. පොලිස් නිලධාරියා තමා දෙසට එනු දුටු කාන්තාව තමන් කරමින් සිටි කාර්යය පසෙක තබා පස්සෙන් පස්සට ගියේ පොලිස් නිලධාරියාටද ඇනුම් පදයක් කියමිනි.
අත්දැකීම් සහිත පොලිස් නිලධාරියාගේ උකුසු ඇස යොමු වූයේ කාන්තාව ගුළි කරගෙන සිටි අත දෙසටය. “මොනවද ඔය අතේ කෝ බලන්න” පොලිස් නිලධාරියා කාන්තාවගෙන් විමසුවේ සැක හැර දැනගන්නටය. පස්සෙන් පස්සට යන අතරතුර “මොනවත් නැහැ” යැයි පැවැසූ කාන්තාව එක්වරම පොලිස් නිලධාරියා ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටය එය දැවටූ කඩදාසියද සමග කටේ දමාගෙන සපා කා ගිල දැම්මේ පොලිස් නිලධාරියාද අන්දමන්ද කරමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැටලීම් වලට යනවිත් අඩුම වශයෙන් දෙන්නෙක් වත් යා යුතුයි සාක්ෂියක් වසයෙන්,පේදුරු ගංජා කට්ටියක් කියන්නේ අර ඔයාල හවසට බොන දුන්වැටි හදන්නේ ඒවාට තමයි (බ)
කට්ට කෛරාටික වෙට්ට පිත්තල කපටි ගැහැණියෙක් (නි)
ඉතින් මෙයාව පොලිසියට ගෙනිහින් බඩ සුද්දයක් දීලා ගංජා කට්ටේ ආපසු ගන්න තිබුනනේ.... (නි)
ගංජා කට්ටේ කියන්නේ මොකක්ද? (බ)