පොලිස් නිලධාරියෙකු ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමා සපා කා ගිල දැමූ කාන්තාවක් පිළිබඳ පුවතක් කන්දකැටිය පොලීසියෙන් ලංකාදීපයට වාර්තාවේ. සිද්ධිය මෙසේය පසුගිය දිනෙක කන්දකැටිය පොලිසියට තොරතුරක් ලැබුණේය.
ඒ තම බල ප්‍රදේශයේ ගමක ගංජා අලවියේ යෙදෙන කාන්තාවක් ගැනය. ලද තොරතුරු ඔස්සේ පොලිස් සැරයන්වරයකු ඇය සොයා ගියේ ඒ පිළිබඳව විමර්ශනය කරන්නටය. පොලිස් නිලධාරියා තමා දෙසට එනු දුටු කාන්තාව තමන් කරමින් සිටි කාර්යය පසෙක තබා පස්සෙන් පස්සට ගියේ පොලිස් නිලධාරියාටද ඇනුම් පදයක් කියමිනි.
අත්දැකීම් සහිත පොලිස් නිලධාරියාගේ උකුසු ඇස යොමු වූයේ කාන්තාව ගුළි කරගෙන සිටි අත දෙසටය. “මොනවද ඔය අතේ කෝ බලන්න” පොලිස් නිලධාරියා කාන්තාවගෙන් විමසුවේ සැක හැර දැනගන්නටය. පස්සෙන් පස්සට යන අතරතුර “මොනවත් නැහැ” යැයි පැවැසූ කාන්තාව එක්වරම පොලිස් නිලධාරියා ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටය එය දැවටූ කඩදාසියද සමග කටේ දමාගෙන සපා කා ගිල දැම්මේ පොලිස් නිලධාරියාද අන්දමන්ද කරමිනි.
(වියලුව වාර්තාකරු)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් කනෙන් රිංගා කත ගංජා කට්ටය ගිලලා
සිංහ Thursday, 24 November 2016 09:28 AM
මේවගේ වැටලීම් වලට යනවිත් අඩුම වශයෙන් දෙන්නෙක් වත් යා යුතුයි සාක්ෂියක් වසයෙන්,පේදුරු ගංජා කට්ටියක් කියන්නේ අර ඔයාල හවසට බොන දුන්වැටි හදන්නේ ඒවාට තමයි (බ)
පිටබැද්දර ජයා Tuesday, 22 November 2016 09:35 PM
කට්ට කෛරාටික වෙට්ට පිත්තල කපටි ගැහැණියෙක් (නි)
අබය Tuesday, 22 November 2016 10:13 PM
ඉතින් මෙයාව පොලිසියට ගෙනිහින් බඩ සුද්දයක් දීලා ගංජා කට්ටේ ආපසු ගන්න තිබුනනේ.... (නි)
පේදුරු Thursday, 24 November 2016 02:00 AM
ගංජා කට්ටේ කියන්නේ මොකක්ද? (බ)