වයඹ පළාතේ උප නගරයක වූ මාළු වෙළෙඳසලකි. උදේ පාන්දර නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට එක් රැස්ව සිටියහ. මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය. සේවකයා ඔහුගේ ඉල්ලීම පරිදි බළ මාළු කිලෝවක් කපා දී ”රුපියල් හාරසිය හැටක් ගෙවන්නැ”යි කීවේය. ඔහු මුදල් පසුම්බියෙන් මුදල් අදින අතරේ මුදලාලි සේවකයාට සමීපවී රහසින් කීවේ මේ අලූතින් ළඟ පොලිසියට පත්ව ආ ස්ථානාධිපති බවකි. සේවකයා සිනාසී ”මහත්තය හාරසියයක් ගෙව්වම ඇති” කීවේය. ”ඉතිං රුපියල් හැටක් පාඩුයිනෙ” ස්ථානාධිපති කියත්ම මුදලාලිද කීවේ ”නෑ... නෑ... ඇති” කියාය. එවිට පොලිස් ස්ථානාධිපති මාළු මිලදී ගැනීමට ආ පිරිස දෙස බලා ”ඔය ගොල්ලත් බළ මාළු ගන්නවනම් කිලෝවකට රුපියල් හාරසීයට වඩා ගෙවන්න එපා. පන්සීය නම් රුපියල් දෙසියයි හරිද?” කීවෙන් මුදලාලිට දෙවියන් සිහිවුණාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනේ කියන්නේ මිනිසුන් අතර දෙවියන් වගේ අයත් ඉන්නවා කියලා. (ත)
ඔබේ රාජකාරී කාලය තුලදීත් මෙලෙසම අසරණයන් පීඩනයට ලක් කරන්නන්ට විරැද්ධව කටයුතු කරන්න.ඔබට සුහ අනාගතයක් පතමි!!!(ස)
මුදලාලි ලඟ බාල මාළු කපන පිහිය තිබුණේ නැද්ද? (ත)
නියම පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක්. (නි)
ගාණ හරි. මොකද, අරන් ගිය මාලු කුණු වෙලා. (නි)
ගොඩක් හොදයි. සුභපැතුම්. (ත)
" මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය." මේ වගේ අය ඉන්වද ඇත්තටම අපේ පොලීසියේ......(ස)
පොලීසියේ මෙහෙම අය ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. (ත)
ඒ මහත්තයා පස්සේ ගියානම් අනික් බඩුත් අඩුවට ගන්ඩ තිබුනා. (ත)
ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)
අනේ පොලීසිය අනුහසින් අනික් බඩුවල මිලත් අඩුවෙනවානම්.
ඉතාමත් හොදයි. (ත)
"ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවට.." (නි)
දැන් ඉතිං මුදලාලි මාලු ටික නොමිළයේම ගෙදරටම ගෙනත් දේවිනේ. (නි)
මුදලාලි රුවටිලා.. මෙයා ටෙලිනාට්‍යයක රගපානගමන් ඇවිල්ල තියෙන්නෙ.. නැත්නම් අපේ පොලිසිවල ඉන්නවද මෙහෙම අය..??
ඔහු හොද මිනිසෙක්..!!(නු)
මේක ඇත්තටම ලංකාවේ වුණු දෙයක්ද? (නි)
පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක් හොද මිනිසෙක් .(වි)
වයඹ පළාතේ මිනිස්සු කොහොමත් හොඳයි. (ත)
අනේ බොරු...කපපු බල මාළු කිලෝ එකක් රු.700 කටත් වැඩියි....(ස)
අනේ බොරු. (නි)
අපේ අය තමයි පොලීසියට ජරාව කවන්නේ. (ත)
බලාගෙන යනකොට පොලීසියෙ අයත් හොදයිනේ. (ත)
සල්ලි දීලා මාළු ගන්න මහත්වරුතෝ පොලීසියේ ඉන්නවා නේද? (ත)
මොවන කලත් මට නම් හිතෙන්නේ පොලීසිය චී කියලා තමයි. (ත)
ලැල්ලට මාළු දෙන්නේ පොලිසියෙන් ද දන්නේ නැහැ (අ)
ලෑල්ලට මාලු දාන්නෙ පොලිසියෙන්ද දන්නෙ නැහැ...!!!(නු)
ස්ථානාධිපතිතුමා තාම අළුත් නිසයි සල්ලි දීලා මාලු ගත්තේ. පහු වෙද්දී බලන්නකෝ. මාලු වෙළෙන්දාට දෙවියන්ගේම පිහිටයි. (නි)
අපි සැමදා විශ්වාස කරන ලංකාදීපය සැමදා බැබළේවා! (නි)
මේ තැනැත්තා පොලීසියෙ වෙන්න බැහැ.මොකද මේ කාලෙ පොලීසියෙ උදවියගෙ ආදායමේ හැටියට ඔය මාළු කිලෝවක්,සහල් කිලෝ 4-5ක්, එලවළු කිලෝ 2-3ක් එහෙම මිළදි ගන්නෙ නැහැ. ජීප් රිය පිරෙන්න අරගන්නවා මිසක්. සමහරවිට විශ්‍රාම ගිය රාළහාමි කෙනෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ. (නි)
අනේ පව් මුදලාලි..(ස)
මේක නම් ලංකාවේ එකක් වෙන්න බැහැ. මාලු,මස් සල්ලි දීලා ගන්න පොලිසියේ මහත්වරු ඉන්නවද ලංකාවේ? (නි)
මේක හොදයිද? නරකයිද? (නි)
මුදලාලිත් මෝල් ගහක් ගැන හිතලා බලයි වගේ. (නි)
ඕඅයිසී මහත්තයා හිංදි චිත්‍රපට එහෙම බලලා ඇති නේද? වැඩිය අනං මනං කරන්න යන්න එපා.. කලිං අය හිටපු විදියට ඉන්න.. නැත්නං අපරාදෙ ප්‍රශ්න ඇති වෙනවා..!!(නු)