පොල් ත‍්‍රිකෝණය පැත්තේ කතාවකි. ඇය රූමත්ය. උගත්ය. තවමත් අවිවාහක වියෙහි පසුවූයේ උගත්කමට ගැලපෙන කෙනෙකු නැති නිසායැයි බොහෝ දෙනෙක් කීහ. අද කාලේ උගත්කම තිබුණට මදී වත් පොහොසත් කමක් තියෙන තැන් තමයි පිරිමි හොයන්නේ නැතිනම් දැන් හත් අට දෙනෙක්ම ආවානේ පවුලේ ඇතැම් වැඩිහිටියෝ එසේ කීහ. ඒ අනුව කටයුත්ත කපුවෙකුට පැවරුයේය. පසුදින වෙනස්කම් රැසක් ගෙවත්තේ සිදු කළේය. පොල් ලෙලි ලොරි දෙකක්ද වියළි පොල් අතු ලොරියක්ද ගෙවත්තේ ගොඩගැසුණේ කපුවාගේ උපදෙසිනි. දින තුනක් ගෙවුණේය එදින නිවාඩු දිනයකි. මනාලිය බැලීමට තවත් පිරිසක් පැමිණියහ. ඔවුන් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකය. ගෙවත්තට ඇතුළු වෙද්දීම විශාල පොල්ලෙලි ගොඩකි. තවත් පසෙක පොල් අතු ගොඩකි. ගෙවත්තේ පොල්ගස් කිහිපයක් පමණක් තිබුණ ද විශාල ආදායමක් ඇති පොල්වත්තක් ඇති බව බලන්නෙකුට පෙනුනේය. පැමිණි අමුත්තන් සතුටින් ඉපිලී ගොස් ඇති බව පෙනී ගියේය. ඒ පොල් ලෙලි ගොඩ සහ පොල් අතු ගොඩ දැකීමෙනි. වරෙකට පොල් කොච්චරක් විතර කැඩෙනවද පැමිණි වැඩිහිටියෙක් ඇසීය. කියන්න බෑ ඔය සුළු ගණනක් කැඩෙනවා. නිවැසියෙක් කීවේය. ඔය ඔහොම කීවාට වාරෙකට ගෙඩි හත් අට දාහක් විතර කැඩෙනවා ඇති ආදායම් වැඩිපුර තියෙන අය ඒවා කියන්නේ නෑනෙ. අපේ කොල්ලගේ වාසනාව තියෙන්නේ මේ පැත්තේ තමයි. මනාල පාර්ශවයේ වැඩිහිටියෙක් කීවේය. කටයුත්ත තීන්දු විය. පසුදින හිස් ලොරි දෙකක් පැමිණ පොල්ලෙලි ගොඩ සහ පොල් අතු නැවත පටවාගෙන ගොස් තිබිණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. සල්ලි නැත්නම් මේ කාලේ ආදරෙත් ඉවරයි..