මාතරට නුදුරු උප නගරයක සති පොළකි. ගමේ පොල් හිඟයක් වූයෙන් පොල් ගෙඩි කීපයක් මිලදී ගැනීමට ඔහු පසුගියදා මේ පොළට ආවේ උදේ පාන්දරය. එහිදී ඔහු දුටුවේ එක් එක් ප‍්‍රමාණයට වර්ග කරන ලද පොල් ගොඩකි. ඔහු ඉන් ලොකු මට්ටමේ පොල් ගෙඩියක මිල ඇසීය. ”ලොකු ඒවා පනහයි” වෙළෙන්දා කීවිට ඔහු මහ හඬින් ”පුහ්” කීවේය. ”පොඩිම ඒවා? ”ඔහු යළි ඇසීය. ”තිස් පහයි” වෙළෙන්දා කී විට ඔහු යළිත් ”පුහ්” කීවේය. අවට වුවෝ සිනාසුණහ. වෙළෙන්දා එක්වරම පොල් ගෙඩියක් ගෙන ඔහුට දමා ගැසුවේ කෝපයෙනි. එය වැලමිටෙහි වැදී ඔහු කෙඳිරි ගාගෙන ඉවතට දිව ගියේය. පසුව අසල වූ මුර පොළෙන් පොලිස් නිලධාරියකු කැඳවාගෙන ඔහු ආ විට වෙළෙන්දා කීවේ ”මම දහ අතේ ඇවිදාල මේව ගෙනාවේ සර් මෙයාගේ විහිළුවට යකා වැහුණා” කියාය. ”තමුන් කට පරෙස්සම් කර ගන්නවා” පැමිණිලිකරුට කී පොලිස් නිලධාරියා තමුන් ආවේග පාලනය කර ගන්නවා” වෙළෙන්දාට කියමින් දෙදෙනාම සමාදාන කොට ආපසු ගියාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිහ්.. හිහ්..හී..!(නු)
එන්න එන්න. පොල් ලාභයි. (නි)
ප්‍රසන්න හාස්‍ය රසය විදීමට බුද්ධියත් කලාව රසවිදීමට පෙර පින් කර තිබීමත් අවශ්‍යයි . (නු)
දැං ඉතිං දෙවියෝ කෝප වෙයි එයාට පොල් ගැහුවෙ නැහැනෙ..!(නු)
රාලහාමිත් බයවෙන්න ඇති පොල් ගෙඩි පාරක් කන්න වෙයි කියලා.(නදී)
වෙලෙන්නදා දන්නෙ නැහැ ඔහුට වලිප්පුවක් තියෙනවා කියලා..!(නු)
නියම වැඩේ සමහර අය මිනිස්සු ඉදිරියෙ මේ වගේ විහිළු කරන්න ගිහිං ඉල්ලන් කනවා..!(නු)
....පොල් ගෙඩියකින් ගහන්නකො ....ගෙදර ගෙනියන්න.(නු)
”පුහ්” (නි)
ආයේ මොකුත් නෑ පොල් අඩිවලින්ම දෙන්න ඇති. (අ)
එයාට තිබුණෙ රුපියල් පනහෙ ගොඩෙන් හොද පොල් ගෙඩියක් තෝරාගෙන වෙළෙන්දගේ ඔළුවෙ ගහන්නයි.. එතකොට එයා ඒවා කරන්නෙ නැහැ.!(නු)
ඉතිං ප්‍රසන්න මේක හිනාවෙන්න නොවෙයි.. නිදාගන්නයි කියන්නෙ...?(නු)
අනේ ඉතිං ප්‍රසන්න මහත්තයෝ හදිසි වෙන්න එපා හිනා යන කෑල්ල හෙට කියයි..!(නු)
පොල් මුදලාලි පොලිස් නිලධාරියාට එහෙම පොල් ගෙඩියෙන් ගහන්න ගියේ නැද්ද?(නු)
ගණන් ඇහුවම එලොව පොල් පෙනෙන්න ඇති එයාට (අ)
මහා සොනගෙ කඩෙන් ගෙනා පොල්ද දන්නේ නැහැ (අ)
ප්‍රසන්න දකුණෙද? (නි)
මට හිතෙන්නේ එයා හොදට පොරපොල් සෙල්ලම් කරපු කෙනෙක්. (නි)
මුදලාලිට එලොව පොල් පෙනෙන්න ඇති. (නි)
බඩු මිළ ඇහුවහම කාට වුණත් කේන්ති යනවා. (නි)
ලංකාවෙ මම දැකපු දුර්වල කම තමයි ගණුදෙනුකරුවන්ට සේවා සැපයීමේ දුර්වල කම..(නු)
නඩුභාණ්ඩය ලෙස ඉදිරිපත් කළ පොල් ගෙඩියට මොකද උනේ.? රාළහාමි පොල්ගෙඩිය රාජසන්තක කළාලු..!(නු)
කෝ ඉතිං හිනා යන හරිය? (නි)
හිනා උන එක වැරදියි.. ඒත් පොල් මිල ටිකක් වැඩියි නේද?(නු)