(දූනගහ බටේපොල විජයසිරි)
වත්තේ පොල් කැඞීමට පොල් පැසී ඇති දැයි බලන්නට යැවූ පණිවුඩකරුවා පොල් කඩා විකිණීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
දිවුලපිටියට නුදුරු ගමක ඉඩමක් නගරවැසියකුට අයත්ය. එම ඉඩමේ ගස්වල පොල් කඩන්නේ ගස් නැගි පොල් කඩන්නකු විසිනි. පොල් කඩන්නා නගරවැසියා හමුවට ආවේ වත්තේ පොල් පැසී ඇත්නම් කඩමුද කියා අසමිනි.
ඉඩම් හිමියා කීවේ ”ටික දිනකින් වත්තට ගියේ නැහැ. පොල් පැහිලා නම් කඩමු. වත්තට ගිහින් බලල මට පණිවුඩයක් එවන්න” කියාය. ”පොල් පැහිලා නම් පණිවුඩයක් එවන්නම්. නැත්නම් මම ඒ පාරෙන් ගෙදර යන්නම්. මෙහේ එන්නෙ නෑ” පොල් කඩන්නා කීය.
එසේ කියූ පොල් කඩන්නා වත්තට ගොස් පොල් ගස් 5කට නැග පොල් ගෙඩි 55 ක් කැඩුවේය. එය අසල කඩයකට වික්කේ මහත්තයට සල්ලි බේරන්න යන්න හදිසියි කියමිනි.
පොල් ගෙඩි ටික විකුණා ගත් පොල් කඩන්නා මුදල් ද රැුගෙන ගෙදර ගියේ වතුහිමියාට පින් දෙමිනි. පසුදින වතුහිමියා ඉඩමට ආවේ පොල් පැසී ඇතිදැයි බැලීමටය. එවිට ඔහුට පොල් කඩන්නාගේ ක‍්‍රියාව දැන ගත හැකිවිය. ඒත් ඔහු පොලිසි ගියේ නැත. ඔහු කීවේ ”දැන් හොරුත් නැත. බඩුත් නැත. පොලිසි ගියොත් මට පොල් කඩන්නාද නැත” කියමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. කාවද නැවතත් පොල් ටික කඩන්න ගස් අරින්නේ මිනිහා තරහාකර ගත්තොත්? මොළේ ඇති වතුහිමියා. (නි)
හරියටම පොල් ගස් 5 කින් පොල්ගෙඩි 55 ක් කඩා ගත්ත කියල කොහොමද දන ගත්තේ? කව්ද කිවේ ? (ම)
බණ්ඩාර ගස් දිහා බලල පොල් කඩපු ගස් ගැන කියන්න පුළුවන් කියල අමතක වුනාද. පොල් ගෙඩි ගැන මුදලාලිගෙන්. ගස් ගැන පොල් වලු දිහා බලල. (නදී)
පොල් ගහෙන් ඇහුවා නම් කියනවනේ ඒ පොල් ගහෙන් කීයක් කැඩුවද කියලා. (නදී)
මගේ යහලුවෙකුත් ඔය වැඩේම කළා (නදී)
අපරාදේ කියන්න බැහැ-හොඳ ගස් බාස් (ම)
නිමල් එක ගහෙන් පොල්වලු දෙකක් තුනක් කඩන වෙලාවල් තියනවා. හරියටම ගස් පහකින් කියල කියන්නේ කොහොමද. අනික පොල් වලු පිටින් කඩේට ගේන හොරා කවුද. (නදී)
අනේ රෙජි, ඔයා නම් ඉන්න ඕනෑ සිඩ්නි වල නෙමෙයි, කසකස්තානේ. මනුස්සයෝ, කඩේ මුදලාලිගෙන් අහගන්න පුළුවන්නේ ! (නි)
පිටබැද්දර ජයෝ, කසකස්තාන් වල ඉන්නේ අමුතු මිනිස්සුද. කඩේ මුදලාලි දන්නේ ගත්තු පොල් ප්‍රමාණය පමණි. මොකද මුදලාලි ගස් ගණන් කරන්න ගියාද. මට පේන විදිහට ඔබ ඉන්න ඕනේ 134 ඩිපෝව ලග කවුරුත් දන්නා රෝහලේ. රෝහල ගැනවත් දන්නවද මන්දා. (හේ)
ගහ යට ඉඳන් පොල් කඩන්ඩ පුලුවන් විදියේ මැෂිමක් හදපු කෙනෙක් ගැන කාලෙකට ඉස්සර පත්තරේක දාලා තිබුණා වගේ මතකයි. (නදී)