මේ දිනවල පුවක් මිල ඉහළ යාම නිසා අපූරු පොල්, පුවක් වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුවක් පිළිබඳව මාතලේ ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පොල් ගෙඩියක් ගැනීමට මුදල් නොමැති වූ එක්තරා පුද්ගලයකු දස අතේ කල්පනා කළේ පොල් ගෙඩියක් මිලට ගන්නේ කෙසේද කියාය. ඔහුට හොඳ නුවණක් පහළ විය. මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 35ත් 50ත් අතරය. පුවක් මිල ද ඉතා ඉහළ වුණත් පුවක් ගෙඩියක් දෙකක් කඩයට විකිණීමත් ලජ්ජා සහගතය.
මෙකී පුද්ගලයා කෙසේ හෝ පුවක් ගෙඩි දහයක් අහුලාගෙන කාටත් නොපෙනෙන පරිදි වෙළෙඳසල් හිමියා අත තබා පොල් ගෙඩියක් ඉල්ලා සිටියේය. පුවක් මිලත් පොල් මිලත් ගැන දන්නා මුදලාලි පොල් ගෙඩි දෙකක්ම දී එම පුද්ගලයා පිටත් කර හැරියේය.
බුලත්විට කෑමට රුසියෙකු වූ කඩ පිලේ සිටි තවත් පුද්ගලයකු මේ වැඩවසම් යුගයේ මෙන් පැවති භාණ්ඩ හුවමාරුව බලා සිටියේය. විට කෑමට පුවක් ගෙඩියක් මිලට ගැනීමට ඔහු අත මුදලක් ද නොවීය. දෙයියෝ දුන්නා වගේ එහා වත්තේ ගසක පොල් ගෙඩියක් ‘‘දඩිං’’ ගාගෙන බිම වැටුණි. විට රුසියාට ගණදෙවි නුවණක් පහළ විය. වහ වහා දුවගොස් පොල් ගෙඩිය අහුලාගත් ඔහු ගෙඩිය ලෙලි හැර මුදලාලිට දෙමින් විට කෑමට පුවක් ඉල්ලා සිටියේය.
මිලට ගැනීමේ දී පොල් ගෙඩි දෙකක මිල පුවක් ගෙඩි දහයයි. මුදලාලි කල්පනා කළේය. එතකොට පොල් ගෙඩියක වටිනාකම පුවක්ගෙඩි පහයි. දැන් මෙයා පොල් ගෙඩියක් දෙමින් පුවක් ඉල්ලනවා. ගෙඩි පහක් දෙන්න බෑ. ඒක ගත් මිල නිසා මටත් ගෙඩි දෙකක්වත් ලාභයක් තියෙන්ට ඕන. එසේ සිතූ මුදලාලි විට රුසියාගේ පොල්ගෙඩියට පුවක්ගෙඩි තුනක් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු කතාව ඇත්තටම හිනාවෙන්න පුළුවන් රසයක් ගැබ්වෙලා තියෙනවා. (ර)
දැනට වසර දෙකකට කලින් 'කරුංකා පුවක්' විකුණලා කාර් එකක් ගත්ත කෙනෙකුත් මෙහෙ හිටියා. (නි)
මට මේ කතාව අහලා මතක්වුණේ ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය " වැඩසටහන. (නි)
කවුද? සරත් මල්ලි මට මතක හැටියට නම් ඒ අපේ චන්දි නේද? (නි)
නියම කතාව (නි)
වැඩේ කියන්නේ අපේ රූපා ඒ පණිවිඩේ ජයනාත්ටම කියපු එකනේ., පුදුමයි නේ... (ර)
එ්කටනම් ඇත්තටම හිනා ගියා (බ)
ඔයා හරි රූපවති ආච්චි අම්මේ (නි)
මම ඉස්සර මුදලාලිට පොල්ගෙඩි 5ක් දීලා මිහිර. බුදුසරන සහ සතුට පත්තර ගන්නව. (අ)
අන්න එක නම් ඇත්තටම නියම කතාව. වැඩ වසම් යුගයේ නැවත ආරම්භය. (අ)
ඔය විදිහට සරලව, මොලේ පාවිච්චි කරල වැඩ කළොත්, ඩොලර් එක බස්සන එක මහ අමාරු කාරියක් නොවෙයි ළමයිනේ..ඕන් මන් කිව්වා.. (බ)
ජයනාත්, රූපවති එච්චර ලෝබයි කියලා මම හිතුවේ නැහැ (නි)
මොලකාරයො එහෙම තමයි.(අ)
ඉස්සර කාලය මතක්වුණා මට (නි)
රූපවති අක්කට, ගමේ අපිව මතක් වෙලා, පුවක් ගණන් ගියා කියල දැනගෙන...මට පණිවිඩයක් එවල, "මලේ අපෙ වත්තෙ පුවක් ටික හොරුන්ට කඩන්ට දෙන්න එපා..කඩේට ගිහින් විකුනලා සල්ලි පොතට දාන්න කියලා.." (බ)
ඩොලරය ශත 10යේ හැඩයට හදලා තමයි පාකරන්න වෙන්නේ මේ යන විදිහට (නි)