IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොල් - පුවක් අපූරු ගනුදෙනුවක්

මේ දිනවල පුවක් මිල ඉහළ යාම නිසා අපූරු පොල්, පුවක් වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුවක් පිළිබඳව මාතලේ ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පොල් ගෙඩියක් ගැනීමට මුදල් නොමැති වූ එක්තරා පුද්ගලයකු දස අතේ කල්පනා කළේ පොල් ගෙඩියක් මිලට ගන්නේ කෙසේද කියාය. ඔහුට හොඳ නුවණක් පහළ විය. මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 35ත් 50ත් අතරය. පුවක් මිල ද ඉතා ඉහළ වුණත් පුවක් ගෙඩියක් දෙකක් කඩයට විකිණීමත් ලජ්ජා සහගතය. 


මෙකී පුද්ගලයා කෙසේ හෝ පුවක් ගෙඩි දහයක් අහුලාගෙන කාටත් නොපෙනෙන පරිදි වෙළෙඳසල් හිමියා අත තබා පොල් ගෙඩියක් ඉල්ලා සිටියේය. පුවක් මිලත් පොල් මිලත් ගැන දන්නා මුදලාලි පොල් ගෙඩි දෙකක්ම දී එම පුද්ගලයා පිටත් කර හැරියේය.


බුලත්විට කෑමට රුසියෙකු වූ කඩ පිලේ සිටි තවත් පුද්ගලයකු මේ වැඩවසම් යුගයේ මෙන් පැවති භාණ්ඩ හුවමාරුව බලා සිටියේය. විට කෑමට පුවක් ගෙඩියක් මිලට ගැනීමට ඔහු අත මුදලක් ද නොවීය. දෙයියෝ දුන්නා වගේ එහා වත්තේ ගසක පොල් ගෙඩියක් ‘‘දඩිං’’ ගාගෙන බිම වැටුණි. විට රුසියාට ගණදෙවි නුවණක් පහළ විය. වහ වහා දුවගොස් පොල් ගෙඩිය අහුලාගත් ඔහු ගෙඩිය ලෙලි හැර මුදලාලිට දෙමින් විට කෑමට පුවක් ඉල්ලා සිටියේය.

 
මිලට ගැනීමේ දී පොල් ගෙඩි දෙකක මිල පුවක් ගෙඩි දහයයි. මුදලාලි කල්පනා කළේය. එතකොට පොල් ගෙඩියක වටිනාකම පුවක්ගෙඩි පහයි. දැන් මෙයා පොල් ගෙඩියක් දෙමින් පුවක් ඉල්ලනවා. ගෙඩි පහක් දෙන්න බෑ. ඒක ගත් මිල නිසා මටත් ගෙඩි දෙකක්වත් ලාභයක් තියෙන්ට  ඕන. එසේ සිතූ මුදලාලි විට රුසියාගේ පොල්ගෙඩියට පුවක්ගෙඩි තුනක් දුන්නේය. 



අදහස් (0)

පොල් - පුවක් අපූරු ගනුදෙනුවක්

චන්දි Thursday, 15 October 2015 11:55 AM

මරු කතාව ඇත්තටම හිනාවෙන්න පුළුවන් රසයක් ගැබ්වෙලා තියෙනවා. (ර)

:       0       0

සරත් Thursday, 15 October 2015 10:28 PM

දැනට වසර දෙකකට කලින් 'කරුංකා පුවක්' විකුණලා කාර් එකක් ගත්ත කෙනෙකුත් මෙහෙ හිටියා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 16 October 2015 12:33 AM

මට මේ කතාව අහලා මතක්වුණේ ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය " වැඩසටහන. (නි)

:       0       0

රූපවතී Saturday, 17 October 2015 03:09 PM

කවුද? සරත් මල්ලි මට මතක හැටියට නම් ඒ අපේ චන්දි නේද? (නි)

:       0       0

ඩෙස්මන් Friday, 16 October 2015 01:19 AM

නියම කතාව (නි)

:       0       0

චන්දි Friday, 16 October 2015 03:18 PM

වැඩේ කියන්නේ අපේ රූපා ඒ පණිවිඩේ ජයනාත්ටම කියපු එකනේ., පුදුමයි නේ... (ර)

:       0       0

ඉමේෂ් Thursday, 15 October 2015 06:55 AM

එ්කටනම් ඇත්තටම හිනා ගියා (බ)

:       0       0

කුමාර Monday, 19 October 2015 03:33 AM

ඔයා හරි රූපවති ආච්චි අම්මේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 15 October 2015 02:06 PM

මම ඉස්සර මුදලාලිට පොල්ගෙඩි 5ක් දීලා මිහිර. බුදුසරන සහ සතුට පත්තර ගන්නව. (අ)

:       0       0

අජිත් Sunday, 18 October 2015 01:51 PM

අන්න එක නම් ඇත්තටම නියම කතාව. වැඩ වසම් යුගයේ නැවත ආරම්භය. (අ)

:       0       0

රූපවතී Sunday, 18 October 2015 02:37 PM

ඔය විදිහට සරලව, මොලේ පාවිච්චි කරල වැඩ කළොත්, ඩොලර් එක බස්සන එක මහ අමාරු කාරියක් නොවෙයි ළමයිනේ..ඕන් මන් කිව්වා.. (බ)

:       0       0

මහේල Friday, 16 October 2015 04:32 AM

ජයනාත්, රූපවති එච්චර ලෝබයි කියලා මම හිතුවේ නැහැ (නි)

:       0       0

දයා නන්දසිරි Thursday, 15 October 2015 03:06 PM

මොලකාරයො එහෙම තමයි.(අ)

:       0       0

ඉමාක් Friday, 16 October 2015 04:55 AM

ඉස්සර කාලය මතක්වුණා මට (නි)

:       0       0

ජයනාත් Thursday, 15 October 2015 05:25 PM

රූපවති අක්කට, ගමේ අපිව මතක් වෙලා, පුවක් ගණන් ගියා කියල දැනගෙන...මට පණිවිඩයක් එවල, "මලේ අපෙ වත්තෙ පුවක් ටික හොරුන්ට කඩන්ට දෙන්න එපා..කඩේට ගිහින් විකුනලා සල්ලි පොතට දාන්න කියලා.." (බ)

:       0       0

මැක්සි ලියනාරච්චි Sunday, 18 October 2015 08:27 PM

ඩොලරය ශත 10යේ හැඩයට හදලා තමයි පාකරන්න වෙන්නේ මේ යන විදිහට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site