IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පොල් කුරුමිණියන්ට කෙමක් කරන්න ගිහින් බිරියට එළොව පොල් පෙනිලා

අලූත පීදුණු පොල් ගසේ කුරුමිණි හානිය වැළැක්වීමට සැමියකු විසින් සිදුකැරුණ ”කෙම” නිසා බිරියට දින දෙකක්  නිවාඩු යාමට සිදුවූ කතාවක් පොල් ති‍්‍රකෝණයට යාබද ප‍්‍රදේශයකින් ඇසුණි. ගමේ අක්කර ගණනාවක් විකුණා නගරයෙන් පර්චස් ගණනක් මිලදී ගෙන ජීවත්වන ඔවුහු ඇති හැකි සෑම අඟලකම ගෙවත්ත වගා කළහ. කෙසෙල්, පැපොල්, අල, බතල වර්ග පමණක් නොව ඉඩ අති තැන්වල පොල් ගස් කිහිපයක්ද සිටැවූහ. දකින්නන්ගේ ඇස් පි‍්‍රය උපදවන තරමට සියල්ල සරුය. අනෙක් පළදාව මෙන්ම පොල් පැළද පීදෙන කාලය ළං විය. නමුත් ඇස් වහ, කට වහ වැදුණාක් මෙන් ඊට  කුරුමිණි හානියක ලකුණු පහළ වී ඇති සැටි  ඔවුහු දුටුහ. ඕකට හරියට හරි අහවල් වැඬේ කරන්න පැරණි කෘෂිකාර්මික දැනුම ඇත්තෙක් ඒ සඳහා කෙමක් කිවේය. ඔවුහු එය ඉහලින් පිළිගත්හ. සැමියා නිවාඩු දිනයක උදෑසන අවදි විය. කතා නොකරම අතට ගුලිකරගත් යමක්ද සමග ඉනිමගක් ආධාරයෙන් පොල් ගසට නැග්ගේය. ”කෙම” අකුරට ඉටු කළේය. ඉරුදිනය ගෙවී ගොස් සඳුදා උදා විය. බිරිය උදෑසන රැුකියාවට යාමට සුදානමින් යමක් සොයනු ඔහුට පෙණුනි. මොකක්ද හොයන්නේ? ඔහු බිරියගෙන් ඇසුවේ වෙනදාට වඩා අත්‍යවශ්‍ය දෙයක් සොයන බව දැනුනු නිසාය. මගේ ”හවරිය” නෑනේ. මේ බෑග් එකේ තිබුණේ. හරි වැඬේ ඒක නැතිව කොණ්ඬේ පිරා තියාගන්නත් බෑ. එහෙම තියාගෙන වැඩට යන්නත්  මොකක්ද වගේ. බිරිය කියූ දෙයින් ඔහුට කර කියා ගත හැකි දෙයක් නොවීය. කුරුමිණි හානිය වැළැක්වීමට පොල් ගසේ ගොබය තුළට කතා නොකර  කෙස් ගුලි කීපයක් සිරකරන ලෙසට ලැබුණු ”කෙම්” උපදේශය උදෙසා ඔහු භාවිතා කොට තිබු දේ බිරියගේ හවරියේ කොටස්ය. කෙම උදෙසා ගැසු හවරියේ කොටස් එසේ තිබියදීම දින දෙකකින්  පසුව නගරය පුරා කරක් ගසා බර ගාණක් ගෙවා හවරියක්  මිලදී ගැනීමට ඇයට සිදුවිය. හවරිය තවමත් පොල් කරටියේය. ඒ ගසේ නැතත් වෙනත් ගස්වල කුරුමිණියෝය. අනේ ඔහේගේ කෙම යනුවෙන් බිරිය සැමියා සරදමට ලක්කරන අවස්ථා නැත්තේද නොවේ.



අදහස් (0)

පොල් කුරුමිණියන්ට කෙමක් කරන්න ගිහින් බිරියට එළොව පොල් පෙනිලා

නිමල් Thursday, 26 April 2012 06:53 AM

මරුනේ...

:       0       0

හසරැල් Thursday, 26 April 2012 07:00 AM

පුල්ලි ගොනා ගෙට පැනලා කඹෙත් කඩාගෙන... ගෙදර උන්දැ කොන්ඩේ බදින හවරිය කාලා..

:       0       0

ගැමුණු Wednesday, 25 April 2012 10:41 AM

වෙච්ච දේට මක් කරන්නද?

:       0       0

ෂාන්(saudi arabia) Wednesday, 25 April 2012 12:06 PM

අනේ ඉතිo වෙච්ච දේට මක් කරන්නද?

:       0       0

සුපුන් Sunday, 29 April 2012 09:53 PM

ඇත්තටම මාර වැඩේ

:       0       0

සන්ජීව Wednesday, 25 April 2012 02:36 PM

හොද වෙලාවට හවරිය වුණේ...

:       0       0

කවින්ග Wednesday, 25 April 2012 03:49 PM

හරි වැඩේ

:       0       0

නන්දන Wednesday, 25 April 2012 09:09 PM

අපරාදේ දවස් දෙකක සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1046 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site