(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)
පොල් කඩන්නකු ලවා පොල් ගස් දෙකක පොල් කඩවා ගත් කාන්තාවක පොස් ගස්වල උස ප‍්‍රමාණය අනුව පොල් ගස් එකහමාරකට පමණක් ගාස්තුව ගෙවූ පුවතක් අගනුවරට ආසන්න නාගරික ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ඇයගේ කුඩා ඉඩමේ ඇත්තේ පොල්ගස් දෙකක් පමණි. එකක් අඩි 70ක් පමණ උස පැරණි ගසක් වන අතර අනෙක් ගස එයින් බාගයක් පමණ උස ගසකි.
සැම වාරයකම එම ගස් දෙකේ පොල් කැඞීමට පැමිණෙන පොල් කඩන්නා මෙවරද ඉකුත් දිනෙක පැමිණියේය.
”නෝනා, පොල් ගස් දෙකෙ ගෙඩි කඩමුද” ඔහු විමසුවේය. නෝනාගේ අවසරය මත පොල් කඩන්නා ගස් දෙකේම ගෙඩි කඩා දැම්මේය.
‘කීයද ගාණ? නෝනා විමසුවාය.
‘තුන්සීයයි නෝනා’ ඔහුගේ පිළිතුරෙන් නෝනාගේ ඇස් උඩ ගියේය.
”ඈ..... ගිය සැරේ ගස් දෙකටම ගත්තෙ දෙසීයයි. මේ සැරේ තුන්සීයක්?” ඈ විමතිය පළ කළාය.
එහෙම තමයි නෝනා ඒ දවස්වල පොල් ගෙඩියක් කීයද දැන් කීයද? පොල් කඩන්නා හේතු දැක්වීය.
නෝනාට හැඳිමිටේ නුවණ පහළ විය. ‘හරි හරි මෙතන ඇත්තටම ගස් දෙකක් නැහැ. මෙතන තියෙන්නේ උස ගහයි මිටි ගහයි. ගස් එක හමාරයි’ කියු ඇය ගස් එකහමාරට රුපියල් 225ක් ඔහු අත තබා ගෙතුළට වැදුණාලූ.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල් කඩාගෙන ගස් එක හමාරක ගාස්තුව ගෙවලා