(උණවටුන ඩී.ජී. සුගතපාල)
රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස අවුරුදු දාහතරකි. වසර කිහිපයකට පෙර අම්මා විදේශ රැකියාවකට ගොස් ඇති නිසා ඔවුන් ජීවත් වූයේ තාත්තා සමගය. මේ අක්කා නගෝ එම පළාතේ කලායතනයක සිසුවියෝ ද වූහ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළේ මොනර නැටුමය.
පළාතේ පෙරහරවලට ඔවුන්ගේ මොනර නැටුම අපූරු අලංකාරයක් එක් කළේය. පසුගිය දිනවල පැවති ඇසළ උත්සව පෙරහැරවලදී ද මේ මොනර පැටික්කියන්ගේ නැටුම දැක ගත හැකි විය. එසේ එක් ඇසළ උත්සවයක පෙරහරක නැටුමට පැමිණි අවස්ථාවේ අක්කා බොරු කකුල් නැට්ටුවකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඔහු ගාල්ල නගරාසන්නයේ ගමක පදිංචිකරුවෙකි.
පෙරහර අවසන් වීමෙන් පසු ගාල්ල බස් නැවතුම් පොළේදී ඔවුන් හමු වූ අතර ? බෝ වූ නිසා ඔහු අක්ක නාගෝ දෙදෙනා ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගියේය. තාත්තා නිවසේ සිටියේය. දුව රැක බලා ගැනීමට තමාට හැකියාවක් නොමැති නිසා දුව රැගෙන යන ලෙස මේ අපූරු තාත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එදින රාත‍්‍රී ඔහු ඇයගේ නිවසේ ගත කළේය. එහිදී වෙනදා පෙරහැරේ නටන බොරු නැටුම් වෙනුවට දෙදෙනා සැබෑවටම වෙනත් නැටුමක් නැටුවේය.
පසුදින තාත්තාගේ ආශිර්වාදය මැද ඔහු ඇය කැඳවා ගෙන යාමට සූදානම් විය. එහෙත් නංගි පැවසුවේ තමාට අක්කා නැතිව සිටීමට බැරි නිසා තමා ද එක්ක යන ලෙසය. ඒ අනුව අක්ක නගෝ දෙදෙනා ඔහු සමග පැමිණියහ. මේ අතර නංගිගේ පෙම්වතා ද එම නිවසට ආවේය.
එහෙත් වැඩි දිනක් ඔවුනට එසේ සිටීමට බැරි විය. කිසිවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද පණිවුඩයක් අනුව එම කොට්ඨාසයේ පොලිසිය පැමිණ බාලවයස්කාර පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගත්තේය. අක්කා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර ඇත්තේ ඇය දුෂණය වී ඇති බවය. ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය පෙම්වත්හු දෙදෙනා සැප්තැම්බර් 9 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ වැඩිදුර පරීක්ෂණ ස්ත‍්‍රී දුෂණය සිදුව ඇති තංගල්ල කොට්ඨාසයේ අදාළ පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කරන බවය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ අමුතු නැටුමකුත් නටලා
ලුම්බිණි Tuesday, 29 August 2017 06:04 AM
මේ දෙන්නම පොඩි ළමයි. හරිම ශෝචනීයයි.
තුෂා Tuesday, 29 August 2017 09:26 AM
අම්මාගේ ආදරය, රැකවරණය නැතිව හැදෙන වැඩෙන ගැහැණු දරුවන්ගේ සෝචනීය තත්වය..."අම්මා නැතිකල... අප්පා කවරකල "
thamindu dulvan Tuesday, 29 August 2017 02:03 PM
ඔබේ මගේ දරුවන් ගැන හිතමු. මේ අහිංසක දරුවන්ට මඩ නොගහ ඉඳිමු.
pitigala Thursday, 31 August 2017 06:07 AM
තාත්තා අත්අඩංගුවට ගත යුතුයි. ප්‍රධාන වැරදිකරු ඔහුයි,
sachith Friday, 01 September 2017 06:18 AM
මේක විශාල සමාජීය ප්‍රශ්නයක්. මේ සිද්දියට මුහුණ දීපු ළමයිව ඉස්සරහට නිවැරදි මාවත පෙන්නන එක ඉතාම වැදගත්. නැත්නම් මේ ළමයින්ගේ ජීවිත නන්නත්තාර වෙලා ඉවර වෙන්නේ.
sanjeeva Friday, 01 September 2017 07:02 AM
මෙවැනි බුද්ධි මට්ටමක් තිබෙන රටක තත්වය මොකද්ද කියල අපි ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ එක කතාවක් පමණයි ..
gama Monday, 04 September 2017 04:52 AM
ඉතින් තුන් දෙනාම මොනර නටුමනේ නටලා තියෙන්නේ. ඇයි මේ කට්ටිය කුලප්පු වෙලා