මහනුවර ප‍්‍රදේශයේ තේවත්තක රැකියාව කළ ඇය දුක් මහන්සියෙන් හරිහම්බකරන ළඳකි. ඇය වාසය කරන්නේ කුරුණෑගලට නුදුරු පිටිසර ගමකය. මාසික වැටුප වූ රුපියල් හත්දාහක මුදල සමග නිවසට අවශ්‍ය දේ රැගෙන දුම්රියෙන් යන්නට වූවාය. සෙනඟ අතුරු සිදුරු නැතිව සිටි අතර මුදල් තිබෙන ගමන්මල්ල ගැනද අමතකව ඇතිවා සේය. හැට්ටය අස්සේ සඟවාගෙන තිබූ මුදල එළියට පෙනෙන්නට වූයෙන් තරුණයෙක් මෙය දුටුවේය. ”අම්මගෙ සල්ලි වැටෙයි වගේ මට පේන්නෙ. ඕක ඔහොම තියාගත්තොත් හිස් අතින් තමයි යන්න වෙන්නෙ. ඒ නිසා මම පරෙස්සමට තියාගන්නම්. බහිනකොට දෙන්නම්”. ඔහුගේ බහට අවනත වූ ඇය රුපියල් හත්දාහ පරෙස්සම් කරන ලෙස දුන්නාය. ඇය ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටි අතර ඇයට බහින තැනද කිට්ටු විය. ”කෝ පුතේ මගෙ සල්ලි ටික උඹට පින්සිද්ධ වෙනව මේක පරෙස්සම් කළාට. මෙන්න අම්මෙ සල්ලි ටික. හැබැයි මෙතනදි ඕක ගැනල බලන්න එපා. කවුරුහරි ගනීවි. ගෙදර ගිහින්ම බලන්න.” ”හොඳමයි මගෙ පුතේ... මම ගිහින් එන්නම් යැයි කියමින් ඇය දුම්රියෙන් බැස ගියාය. තේ එකක් බීම සඳහා අසල ඇති කඩයකට ගොඩවූ ඇය මුදල් දීම සඳහා සල්ලි මිටිය අතට ගත්තේ ඉමහත් සතුටිනි. එහෙත් එහි වූයේ කඩදාසි කෑලි කීපයකි. අනේ අප්පේ මගෙ සල්ලි ටික කෝ? මදැයි මම පරෙස්සම් කරන්න කියල සල්ලි දීල තියෙන්නෙ හොරෙකුටනෙ. ඕකට හෙනම ගහන්න ඕන මේ අපරාදෙට.” දහදුක් විඳිමින් උපයාගත් මුදල නැතිව ඇය අඬා වැළපෙන්නට වූවාය. රැස්ව සිටි පිරිස කම්පාවට පත්වූහ. ”මොනව කරන්නද අම්මෙ දැන් කාලෙ ඔහොම තමයි. පොලිසි ගියත් ඒ පාහරය කොතන කියල හොයන්නද”? කීප දෙනෙකුම එසේ පැවසූ අතර ‘‘මේව අපිට හොඳ පාඩම්” යැයි කියමින් ඇය හිස් අතින්ම නිවසට සේන්දුවිය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට බැණලා වැඩක් නැහැ. හැමතැනම කෙරෙන්නේ වංචාව, දූෂණය. (නි)
පොඩි කෙනාටමනේ වෙන්නේ.... (ස)
මේකට වැහි නැති හෙණ වැදියන් දෙවියනේ! (නි)
ඒ අහිංසක අම්මා ගැන කණගාටුයි. අද කාලේ කවුරුවත්ම විශ්වාස කරන්න නරකයි. (නි)
මෙහෙවු සුද්ධවන්තයෝ ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)
මනම්පේරි, ජපානයටත් වෙන්නප්පුවේ මිනිසුන් ඇවිල්ලද? (නි)
මෙහෙම ජරා මිනිසුන්ට කවදාවත් හරියන්නේ නැහැ. (නි)
මම නම් සල්ලි පරිස්සම් කරන්න වෙන කෙනෙකුට දෙන්නේ නෑ....
බොරු චාටුව දමා හොරෙන් මගෙ මාසෙම පඩිය අරන් මට දුක් දුන් කොලුගැටයන් යන එන බසයෙන් වැටියන් (ස)
ඔය කොරලා තියෙන්නේ. (නි)
අම්මෙක්ගෙ දුක දන්න කෙනෙක් නම් නෙමෙයි..!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු...... (නි)
ඉතාලියෙත් මේ වගේ හොරු ඉන්නවා.....පරිස්සමින් යූරේ ටික.(ස)
ඒ වගේ අසරණ මවකගෙන් රවටලා සොරාගත් මුදල් මොකටද? බොහොම කැතයි.!(නු)
තරුණ කමට නින්දාවක් (ස)
කිරි බීලා හැදුණු එකෙක් නම් වෙන්න බැහැ. (නි)
නින්දිත ක්‍රියාවක්..(ස)
ලාල් ඉතාලියෙ විතරක් නෙමෙයි ජපානෙත් දැං හරියට හොරු ඉන්නවා.. ළගින් ගියොත් ඇහැක් නැහැ..!(නු)
මවකගේ කුසින් බිහිවූ කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
අයියෝ සල්ලි
මම මොකුත් නොකියමි
මේ අම්මා මෙච්චර මෝඩද? අර මිනිහාට නම් හොදක් වෙන්න එපා. (නි)
ඒ අහිංසකයාගේ සල්ලි අරගෙ රජ වෙන්නද? පේනවා නේද රටේ මිනිසුන්ගේ මනුස්සකම පිරිහීගෙන යන හැටි.. මේකද අපි හොයන ආශ්චර්යය?
මනිසත් කම ලැබුනේ අන්තිම වතාවට මේ මසුරන් සමග යන්නේ අපායට (ස)
මිනිසත් කම ලැබුණේ අන්තිම වතාවට මේ මසුරන් සමග යන්නේ අපායට (නි)
අයියෝ පවු දෙයියනේ! අසරණ අම්මා කෙනෙක්. (නි)
ඔවැනි වැඩ කරන්නන්ට ඕවා මෙලොවදීම සහගහනවා. (නි)
උදේට හොරකමකට එළියට බහින කෙනෙකුට සවස් වෙද්දීත් මොනවත් නැතිවුණොත් තමන්ගේ මවගේ දේ හෝ හොරකම් කරනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ.. මේ අයටත් හරියනවානේ. පව් ඒ අම්මා මාසයක් දුක් මහන්සියෙන් හම්බ කළ දේ ..(නු)
අපිට හරිම දුකයි. දැන් ඉන්නේ මිනිසුන්මද මන්දා? (නි)
ඒ හොරාටනම් කවදාවත් හොඳක් වෙන්නේ නෑ.(ස)
මොළයක් නැද්ද මේ මෝඩ අම්මාට? (නි)
කවුරු උනත් කරලා තියෙන්නේ කැත වැඩක්...(ස)
ලැජ්ජයි..චික්..(ස)
පේනවනේ රට යන අත. කාගේහරි බෙල්ල කපලා තමන් ගොඩ යන්න තමයි බලන්නේ. (නි)
ඒ මිනිහට මොනවා වුණත් මදි..(ස)
මෙයා මනුස්ස ජන්මයක් තියෙන කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
අනේ හොරකම්කරපු මල්ලිත් පව් ගෙවන්න එපැයි..(ස)
මේ හොරාව ගල් ගහලා මරන්න ඕන.. මහා ලොකු ගාණක් නම් කමක් නැහැ මේ අම්මගේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි..!(නු)