IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පරෙස්සමට තැබූ වයින් බෝතලේට කණකොකා හඩලා

ආයතනයක නිලධාරීහු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගි වූහ. පිරිමින් සඳහා පිටරට නිෂ්පාදිත සැරබීමද කාන්තාවන් සඳහා වයින්ද රැගෙන යන ලදී. චාරිකාව නිමා වී නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට පැමිණ ඉතිරිව තිබූ මත්පැන් ගබඩාවට දමා හිස් බෝතල් අයිනක තැබූහ. එක් නිලධාරියෙක් කොළයක ඔතන ලද බෝතලයක් ආරක්‍ෂක නිලධාරියකුට භාර දී ‘‘මේ වයින් බෝතලේ අරන් තියන්න. මම ගමේ ගිහින් ඇවිත් ගන්නම්’’ යැයි පැවසීය. පසුදින නිවාඩු දිනයකි. එදින පැමිණි ස්ථාන භාර නිලධාරියා වයින් බෝතලය දැක එය කාගේදැයි ඇසීය. ‘‘සර් ටි‍්‍රප් එක ගිය මහත්තයෙක් තියලා ගියා.’’ කනිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියා කීය. මත්පැන් රුසියෙක් වූ ස්ථාන භාර නිලධාරියා සට කපට පුද්ගලයකු විය. ‘‘කෝ මෙහාට ගනින් බන් ඔය බෝතලේ’’ කියමින් බෝතලය අතට ගෙන එහි ඇසුරුම පරෙස්සමින් ඉවත් කළ විට දක්නට ලැබුණේ ඉස්තරම්ම වයින් බෝතලයකි. හිස් බෝතල් ඇසිරූ පෙට්ටියෙන් එම වර්ගයේම හිස් බෝතලයක් ඉවතට ගත් ඔහු, වයින් බෝතලය ඔතන ලද කොලයෙන් හිස් බෝතලය ඔතා, ‘‘දැන් අපි වයින් බෝතලේ බොනවා. වෙරි වෙන්නෙත් නැහැනේ. පස්සේ ඔතපු බෝතලේ මේසේ උඩ තියල, බිමට වට්ටනවා. බොසා ආපු දවසට මම උත්තර දෙන්නම්’’ යැයි සිනාසෙමින් කීය. පසුගිය දිනක වයින් බෝතලය රැගෙන යෑමට පැමිණි නිලධාරියා දුටු ස්ථානභාර නිලධාරියා ‘‘හරි වැඩේනේ උනේ සර්. මේසේ උඩ තිබ්බ වයින් බෝතලේ පූසෙක් පැනලා බිම වැටුණා. කුඬේ කුඩු, දුකේ බැහැ සර්’’ ඔහු බිඳුණු බෝතලය පෙන්වමින් පැවසීය ‘‘අපරාදේ මට  ඕක ඔයාලට බොන්න කියන්නයි තිබුණේ’’ නිලධාරියා බිඳුණු හඬකින් පිළිතුරු දුන්නේය. මෙය කොළඹ අවටින් වාර්තා විය.



අදහස් (0)

පරෙස්සමට තැබූ වයින් බෝතලේට කණකොකා හඩලා

අජිත් Monday, 10 September 2012 06:19 AM

වයින් කියන්නේ මත් වෙන ජාතියක් නෙමෙයි. වයින් වලයි, විස්කි වලයි ගණන දැන ගත්ත ඔය එක්කෙනා වැස්සකටවත් ඉස්කෝලෙකට ගියේ නැද්ද?(නි)

:       0       0

තරු Wednesday, 05 September 2012 01:59 PM

අයියෝ අපේ කට්ටියට මත්පැන්, විස්කි, වයින් කියන ජාති පෙන්වන්න ඕනෑ. වයින් කියන්නේ මත්පැන් නෙමෙයි. හොඳ වයින් බෝතලයක වටිනාකම විස්කි බෝතල් 10ක විතර ගානක් වෙනවා. මිදී යුෂ වයින් බොන්නේ සුද්දෝ ලස්සන වෙන්නලුනේ. (නි)

:       0       0

ප්‍රබුද්ධ Wednesday, 05 September 2012 06:44 AM

ෂික් විතරක්. අරක්කු ටිකට පෙරේත කට්ටිය. මරු ආරක්ෂක නිලධාරින්නේ. (නි)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 11:13 AM

තිතට මත.. අපේ අයට බෝතලයක් දැක්කම ඉන්න හිටින තැනුත් අමතක වෙනවා..!!(නු)

:       0       0

නිරාන් Tuesday, 04 September 2012 11:34 AM

එයා මේක දැක්කොත් කට්ටියටම දෙයියන්ගෙම පිහිටයි....(ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 04 September 2012 08:30 PM

බලන්න අර මහත්තයාගේ හිත හොද කම...!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 01:53 PM

විස්කි කාගෙවත්ගාව පරිස්සමට තියන්න අමාරුයි...(ස)

:       0       0

ශ්‍රිනාත් දයානන්ද Wednesday, 05 September 2012 11:59 AM

මෙයින් අර ගමේ ගිය නිලධාරයාගේ උතුම් "මනුස්සකමත්", අර කපටිකමින් මත්පැන් බිව් පුද්ගලයාගේ "අමනුස්සකමත්" පෙන්නුම් කෙරේ..! නමුත් පුදුම වීමට දෙයක් නොමැත, ඒ මේ...ශ්‍රී ලංකාව නිසාය. (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 September 2012 10:37 PM

කොහොමද ටිකිරි මොලේ...(නු)

:       0       0

සජී Tuesday, 04 September 2012 02:15 PM

ඔය කපටිකම් යහපත් දෙයකට යෙදුවානම් මොනතරම් හොදද?(නු)

:       0       0

සේනානායක Tuesday, 04 September 2012 11:00 PM

නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේනේ. (නි)

:       0       0

අකිල Wednesday, 05 September 2012 07:28 PM

කමක් නැහැ වයින්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site