තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝටල් සේවකයෙකු පිළිබඳ අපූරු සිද්ධියක් මාලදිවයිනේ සංචාරක නිකේතනයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.
මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. සේවය කරනුයේ මාල දිවයිනේ සංචාරක නිකේතනයකය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් වෙනමම ආහාර පාන සකසා ඒ අය වෙනුවෙන් වෙන් කළ ස්ථානයක එම ආහාර පාන ලබා දෙන මෙම සංචාරක නිකේතනයේ සෑම දිනකම සවස් වරුවේද තේ පානය සඳහා සැනඞ්විච්, රෝල්ස්, කට්ලට් වැනි දෑ සපයනු ලබයි. පසුගිය දිනෙක සවස තේ පානය සඳහා මෙම ස්ථානයට ගිය ඉහත කී සේවකයා දුටුවේ එම හෝටලයේම සේවය කරන සුරූපී තරුණියකද තේ පානය සඳහා පැමිණ ඇති බවයි.
ඇය සමග කුළුපග වීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතූ මෙකී තරුණ සේවකයා ඇය අසලින්ම වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. තේ මේසයේ තිබෙන්නේ මොනවාදැයි වත් ඔහුට අමතක විය. ඇය සමග සතුටු සාමිචියේ යෙදෙන ගමන්ම කුඩා පිඟානක් අතට ගත් ඔහු තක්කාලි සෝස් එහි දාගෙන තේ පානය සඳහා සූදානම් කර තිබූ කැවිලි වර්ගයක්ද රැගෙන තරුණිය අසලින්ම වාඩි වී තමන් ගත් කැවිලි සෝස්ද සමගින් කන්නට විය. තරුණිය ළඟ සිටි නිසා තමන් කන්නට ගෙන ඇත්තේ මොනවාදැයි යන්නවත් තේරුම් ගෙන නැති මෙම තරුණ සේවකයා සෝස් සමග කා ඇත්තේ ඊට පෙර දිනයේ නිවාඩු ගොස් පැමිණි තවත් ශ්‍රී ලාංකිකයකු විසින් ගෙනැවිත් තිබූ අළුවායි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පේ‍්‍රමයෙන් මත්වී සෝස් සමඟ අළුවා කාලා
මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 01:52 PM
රාධා, ඔයා ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයිද?? (නි)
බමුණු ආරච්චි Thursday, 17 December 2015 11:06 PM
නියඟලා අල කන්න වෙන්නේ පස්සේ. (නි)
සනත් ගුනවර්දන ස්විස් Thursday, 17 December 2015 10:21 AM
සමහර පිරිමින්ට ගැහැණු පුළුටක් ළඟ හිටියොත් වහ උනත් මී පැණි කියාලා කනවා , හෙමෝම නොවේ. (ර)
මලික් Friday, 18 December 2015 12:19 AM
පිටබැද්දර ජයාට ගිහිගෙය කළකිරිලා වගෙයි. හපොයි! හොඳ වෙලාවට මේ පුවත් තීරුව අලුත බැඳපු ජෝඩු කියවන්නේ නැද්ද කොහෙද? නැත්නම් ඒ මිනිසුන්ට සංසාරේ එපාවෙනවා ජයාගේ පඬි වදන් දැක්කහම. (නි)
චාරු Friday, 18 December 2015 12:29 AM
නියඟලා අල කන්න වෙන්නේ ජයා වගේ උදවිය කිට්ටු කරගත් බවලතුන්ට තමයි. කොයිවෙලෙත් නහයෙන් අඬාගත් ගමන්! (නි)
සරසි Friday, 18 December 2015 12:29 AM
මේ පිරිමියාගේ සිහිකල්පනාව නැතිකමටත් සමහරු වහෙන්ඔරෝ දොස් කියලා තියෙන්නේ කාන්තා සංහතියටනේ? (නි)
සමන්ති Sunday, 20 December 2015 12:39 AM
කොහොම වුණත් ප්‍රේමයෙන් මනරන්ජිත වේ කියලා තියෙනවානේ (නි)
සොපී Friday, 18 December 2015 03:38 AM
ඇයි යෝගට් එක්ක වඩේ කන අයත් ඉන්නේ (නි)
ජෙනි Thursday, 17 December 2015 01:03 PM
පිටබැද්දර ජයාට බවලතුන් සම්බන්ධයෙන් පුදුම අමනාපයක්නේ තියෙන්නේ. ගෙදර තියා අහල පහල පිරිමියෙකුටත් කාන්තාවක් ලඟින් ගියත් උදැල්ල දික් කරන පාටයි. (අ)
චන්දි Sunday, 20 December 2015 05:43 AM
රාධා, අඹ විතරක් නෙවි තැඹිලි පාට දොඩම් ගෙඩියක් කෑලි කෑලි කපල ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් පොඩ්ඩකුයි දාගෙන කාල බලන්නකෝ රස කොහොමද කියල (බ)
රංග Thursday, 17 December 2015 01:11 PM
මේ වැඩේ පිටබැද්දර ජයාගේ කාටවත් වුන දෙයක්ද මන්දා මේ බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. (බ)
බෙන්තර මහේෂ් Friday, 18 December 2015 04:02 AM
අනේ සොපියෝ නිකම් බොරු නොකිය ඉන්න (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 17 December 2015 01:24 PM
සියනෑ කෝරලයෙන් පැමිණි .ඔහු සමුර්දි නියාමකයෙක්. රජයේ සේවකයන්ට දෙන දෙවසරේ නිවාඩුවට මෙහි පැමිණියේ.ඇඳුම් මැසීමේ කාර්යයට.කාලයාගේ අවෑමෙන්.ලොව පුරාවිසිරී සිටිනා පිලිපීන ජාතික සේවකයන් මෙහිද සුලබව සිටින නිසා. එවන් කාන්තාවක් වෙනුවෙන් වැඩිකාලයක්.වෙහෙසුන මොහු.දිනක් ඔවුන්ගේ සාදයකදී.කිරි හෝ මීපැණි සමග.අමුම අමු කෙසෙල් වළඳා එහි ආදීනව තවත් ශ්‍රී ලාංකිකයෙක් හා පැවසුවාලු වසර 5ක් පමණ මෙහිසිට නැවත මව්බිමට නික්මගොස් ඇතත්. අමු කෙසෙල් කාපු. වගේ කියල තවමත් කට්ටිය මතක් කරනවා ...ටේලර් මහත්තයව.(අ)
රූපවතී Sunday, 20 December 2015 07:53 PM
කෙසෙල් මුවක් හීනියට ලියලා ලුණු වතුරෙන් මිරිකලා පැහෙන තෙලෙන් රන්වන් පාටවෙන්න බැඳලා, ඒකට අමුමිරිස්, රතුලූණු, හීන් මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ එකතුකර කටට රස සම්බෝලයක් සාදාගන්න පුළුවන්. කැකුළු බතුයි කරවල බැදුමකුයි කටට රස බේරෙනවා ..! (නි)
ගුණවර්ධන Friday, 18 December 2015 01:50 PM
ඔයාලා මොනවා කිව්වත් ප්‍රේමයෙන් මුසපත් වුණ වෙලාවක මොනවද නොකා ඉන්නේ? කන්නම්කො ලුණුමිරිසක් එක්ක කේක් වුණත් (නි)
සෑම් Thursday, 17 December 2015 06:22 AM
අපේ නෝනා කේක් හදපු හැමදාකම මම කේක් කෑල්ලක් අතට ගන්නේ 'පරිප්පු හොද්දක් හරි කලටි පොල් සම්බෝලයක් හරි තිබුනානම් මරු " කියලයි . (ම)
දුල්මි Friday, 18 December 2015 01:56 PM
ප්‍රේමයෙන් මත්වුණා කියලා අහපු ගමන් පිටබැද්දර ජයාට හෝ ගාලා කිවිසුම් යනවා වගේ (නි)
අබේසිංහ Friday, 18 December 2015 02:44 PM
මේවා මොනවද අනේ ප්‍රේමයෙන් මත්වුණාම? (නි)
රාධා Thursday, 17 December 2015 04:02 PM
ලංකාවේ මිනිස්සු ඉදුණු අඹ කනකොට ලුණු කුඩුයි මිරිස් කුඩුයි දාගෙන කන්නේ. වෙළෙන්දෝ විකුණන්නෙත් ලුණු කුඩුයි මිරිස් කුඩුයි සමඟනේ. බත් කනකොට වතුර වෙනුවට කෝලා බීම බොන්නේ. (නි)
චන්දි Sunday, 20 December 2015 10:50 AM
තව, බිත්තර ඔම්ලට් ගොඩාක් ළුණු දාලා, රොස්ට් කරපු එළු මස් කෑල්ලක් එක්ක කාලා බලන්න (බ)
සමන් මාලදිවයින Friday, 18 December 2015 08:22 AM
කොහොමද උණු උණු පරාට එක්ක ඉදුණු කෙසෙල් ගෙඩි ....(ම)
සොපී Friday, 18 December 2015 03:43 PM
බෙන්තර මහේෂ්, ඇයි අනේ ඔයා දන්නේ නැද්ද සව්හාලුයි - සම්බෝලයි කන අයත් ඉන්නවා . (නි)
හිමාෂි Thursday, 17 December 2015 05:37 PM
ජයා කොයි වෙලාවේ බැලුවත් නහයෙන් අඬන ගමන් (නි)
පිටබැද්දර ජයා Thursday, 17 December 2015 09:11 AM
ප්‍රේමයෙන් මුසපත් උන නුඹ සෝස් සමග අලුවා කාල බේරුනා ඇති මලේ නියඟලා නොකා ? (අ)