(උණවටුන - ඩී.ජී. සුගතපාල)
තරුණ ඔහුගේ සිත ආදරය සොයා ගියේය. එසේ ගිය සිත ගමේම පදිංචි තරුණියක් ළඟ නතර විය. හොර රහසේ තැන තැන හමුවීමෙන්ද ජංගම දුරකතනයේ කෙටි පණිවුඩ මඟින් ද ආදරය මෝරන්නට විය. එහෙත් කැස්සත් ආදරයත් සඟවන්නට බැරිවාසේ ඇයගේ ගෙදරට කළුදුල් ආදරයේ සුවඳ හමා ගියේය.
ඇයගේ මව්පියන් මෙය බලාපොරොත්තු දෙයක් නොවුණත් ඇය තරයේම ඔහු පතා සිටියාය. එනිසා ඇයගේ මව්පියන් ඔහුට නිවසට එන ලෙස දැන්වූ විට ඔහුගේ හිතට ද විශාල සතුටක් දැනුණි. ඒ අනුව ඔහු ඇයගේ නිවසට ගියේය. පසුව ඔහුගේ නිවසේ අයත් සමග කතා කිරීමෙන් පසු ඔවුන්ගේ ආදරයට දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබිණි.
එහෙත් ටික දිනක් යනවිට ඇයගේ මව්පියෝ ඔවුන්ගේ ආදරයට හරස් වූහ. ඔහු තවත් කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වන බවට ඇයගේ පියාට ආරංචි වීම එයට හේතු විය. ඉන්පසු ඔහුට ඇයගේ නිවස තහනම් කලාපයක් විය.
මේ අතර ඇයගේ පියා නිවසේ සිට යතුරුපැදියෙන් ගාල්ල නගරයට පැමිණ ආපසු නිවසට යමින් සිටියේය. ටික දුරක් යනවිට ත‍්‍රිරෝද රථයක් පැමිණ යතුරුපැදිය හරස් කර නතර කළේය. ත‍්‍රිරෝද රථයෙන් බැස ගත්තේ තමාගේ අනාගත බෑණා වීමට සිටි තරුණයාය
තරුණයා තමාගේ අනාගත මාමණ්ඩිය වීමට සිටි පුද්ගලයාට තර්ජනය කර පහරක් එල්ල කළේය. දුවට රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් කර ඇති බවත් ඒ සල්ලි ආපසු දෙන ලෙසත් ඉල්ලා තරුණයා මෙසේ පහර දුන්නේය. එහෙත් එතරම් මුදලක් එම අවස්ථාවේ ගැනීමට නොතිබූ නිසා තරුණයා ඔහුගේ ගෙලේ තිබූ රුපියල් අසූ දහසක් පමණ වටිනා රන් මාලය කොල්ලකා පළා ගියේය.
ඔහු නිවසට යාම නවතා යතුරුපැදිය ආපසු හරවාගෙන පැමිණ ගාල්ල පොලිසිය ඉදිරිපිට නතර විය.බෑණා වීමට සිටි තරුණයා සිදු කරන ලද අපරාධය, පොලිස් පොතේ සටහන් විය.පොලිසිය පැවසුවේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේ‍්‍රමයට අකුල් හෙලූවාට බෑණා අනාගත මාමාගේ මාලය කඩාගෙන