IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිරිමියකු වැළඳගත් මුදලාලිට තරුපෙනිලා

 

(උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)

වැරදීමකින් ගැහැනියකැයි සිතා පිරිමියකු වැළඳගෙන ලජ්ජාවට පත්වූ මුදලාලි කෙනකු පිළිබඳව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගමකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

මෙම ගමෙහි මුදලාලි කෙනකුට අයත් වී මෝලකි. දිනපතා වී වේලා ගබඩා කිරීම සඳහා කුලියට වැඩ කිරීමට කාන්තාවෝ මෙම මෝල වෙත පැමිණෙති. උදේට පැමිණෙන කාන්තාවන් වී වේලා මෝල වෙත ගෙන යා යුතු අතර, සෑම දිනකම එක් කාන්තාවක් සවස් කාලයේ නැවතී ගබඩාව පිරිසුදු කිරීම කළ යුතු වේ.

මෙසේ එක් කාන්තාවක් යොදා ගන්නේ මුදලාලිගේ තිබෙන සැඟවුණු ආශාවන් නිසා මිස ගබඩාව පිරිසුදු කිරීමට නොවන බව ගැහැනුන් දන්නා අතර, එහෙත් කිසිම දිනක ඔවුනොවුන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැත.

එදා සුපුරුදු ලෙස පැමිණි මුදලාලි තම සුපුරුදු රාජකාරිය ආරම්භ කිරීමට සූදානම් විය. එක් කාන්තාවක් අසනීප නිසා මෙදින පැමිණියේ ඇගේ ස්වාමිපුරුෂයාය.

සුපුරුදු ලෙස වටපිට බලමින් ගබඩා කාමරය වෙත ගිය මුදලාලි සෙමෙන් දොර හැර ගත්තේ තම සුපුරුදු රාජකාරියටය. ගබඩා කාමරය අඳුරේ තිබියදී ඔහු එම කාර්යයට සූදානම් විය.

එහිදී ”කවුද යකෝ” යැයි හඬ දුන් පිරිමි හඬකින් අන්දමන්ද වූ මුදලාලි ”උඹ මොකද මෙතන කරන්නේ” යැයි අසා ඇත්තේ අන්දමන්ද වෙමිනි. ”අද අපේ පවුලට සනීප නැහැ. ඒකයි මං වැඩට ආවේ” ඔහු පැවැසීය.

වචන ගලපාගත නොහැකි වූ මුදලාලි හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වී ගියේය.



අදහස් (0)

පිරිමියකු වැළඳගත් මුදලාලිට තරුපෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site