මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප‍්‍රධාන පක්‍ෂයකින් තම ආසනයෙන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයා පරාජයට පත්වීම ගැන දුකෙන් මනාප නිකුත් කළ දින රාත‍්‍රියේ මධුවිත පානය කොට පසුදා පහන්වතුරු හිටිවන කවි කියමින් තම දුක තුනී කරගත් පුද්ගලයකු පිළිබඳ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ රසවත් පුවතකි මේ.
ඔහු තම ආසනයේ ප‍්‍රධාන පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිවා රැුයේ වෙහෙස මහන්සියෙන් වැඩ කළ අයෙකි. බොහෝ දෙනෙක් පක්‍ෂයේ අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුට වැඩ කළද ඔහු මනාප සෙවීමට උත්සාහ කළේ තම ආසනයෙන් ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාට පමණි.
එම අපේක්‍ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ අපේක්‍ෂකයාගේ ඡායාරූපය සහිත පෝස්ටර් වැඩි ගණනක් ආසනය පුරාද ඉන් පිටද ඇලවුණේ ඔහුගේ අතිනි. හිටිවන කවි කීමට දක්‍ෂතා දැක්වූ ඔහු හිටිවන කවිද ඉදිරිපත් කරමින් ඡන්ද රැස්වීම්වල කතා පැවැත්වූයේ පැමිණි පිරිස් සතුටට පත් කරවමිනි. තම අපේක්‍ෂකයාට පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ වරම ලැබේය කියා දැඩි විශ්වාසයකින් බලාපොරොත්තුවකින් සිටි ඔහුට අපේක්‍ෂකයාගේ පරාජය මහත්වූ සිත් තැවුලකට හේතුවිය.
මනාප නිකුත්වූ දින රාත‍්‍රියේ ඔහු වසර 5 කට පමණ පසු මධුවිත ටිකක් සප්පායම්වී සිටියේ හිතේ ඇති දුකටම බව ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා දැන සිටියහ. එදින රාත‍්‍රියේ නිවසේ අයට හරිහැටි නිදා ගැනීමට ”හිටිවන කවි” බාධාවක් වුවද ඔව්හු එයින් මහත්වූ සතුටක් ලැබූහ. ඔවුන් මහත්වූ සතුටක් ලැබුවේ ඔහුගේ මුවින් පිටවූ පහත කවිය ඇසීමෙනි. එයින් කියවුණේ අපේක්‍ෂකයාගේ බිරිඳටත් වඩා අපේක්‍ෂකයාගේ මුහුණ ඔහු අතගා ඇති බවකි.
ඒ රුව සහිත පෝස්ටර් අලවන විටය.
මේ අත් දෙකෙන් ඇලවූ පෝස්ටර් ගාන
දන්නේ මා පමණි මැදියම රෑ පාන
අපෙ මැතිඳුන්ගේ ලස්සන ඒ සුදු මූණ
මැතිනිට වඩා අතගා ඇත මේ සේන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයාගේ රැවුල කපපු බාබර් වෙන්න ඇති එයා සමහරවිට (නි)
මේ පැත්තේ මිනිස්සුටත් දැනුනා (අ)
අපි කුඩා කාලේ අල්ලපු ගෙදර හිටියා නිල්හාමි කියල මාමා කෙනෙක් හවස හය වෙනකොට සෙනෙහෙ වතුරෙන් ගානට පදම් වෙලා වැලිපාර දිගට තියෙන ගල් ගෙඩියක පය හැපුනත් පාලි භාෂාවෙන් ගමටම ඇහෙන්න ආමන්ත්‍රණය කරන ඒ මාම එළිවෙනකම් කවි සීපද කියන්නේ අමුම අමු සිංහල පාලි වලින් ..ඒ භාෂාව අපිට ඇහෙනවාට ..අපේ මෑණියන් ගෙදර හරියටම තිබණු ඒ රේඩියෝව සද්දේ ඇහෙන්න දමනවා ..ඒ සද්දේ ඒ මාමට ඇහුනු දවසට අපේ අප්පච්චිගෙයි අම්මාගෙයි නමත් ඒ පාලි භාෂාවෙන්ම පතුරු ගහනවා අපිට ඇහෙන්නේ රේඩියෝවේ බැටරි කෑලිටික පන නැති උනාම...?එත් කවදාවත් අද වගේ ඒ මාමල අපේ පවුල් ගහ මරාගෙන නැහැ. ගමේ ගැමිකම අදටත් සුවද දැනෙනා තරම්..? (අ)
දයාල්, පළමුව පැහැදිලිව කියවන්න. ඔහු පෝස්ටරය අලවද්දී මුහුණේ රුව අතගාගෙනයි යන්නේ. තවමත් තේරුනේ නැද්ද? (නි)
මම ලෝකේ කොහේ හිටියත් හදවතින් ගමේ ජීවත්වෙනවා කවදාවත් ගමේ අතීත සිදුවීමක් මතක් නොවුණු දිනක් කොහෙත්ම නැහැ ..මම හරිම ආසයි ආදරෙයි මගේ පුංචි දුප්පත් ගමට ..? (ම)
ඇත්තටම ඒක, ඉතාම අහිංසක සංවේදී ප්‍රතිචාරයක්. මිනිස්සුත් එක්ක ගහ මරා ගෙන කුණු හරුප කියනවාට වඩා. (බ)
කොහොමත් ඉතින් දිනුවත් කියන්නේ බයිලානේ. බීලා කියන කවිත් බයිලාම තමා. (නි)
අරවින්ද සහෝදරයා, නීරෝ රෝමයේ යම් කලක යුධ සෙනවියෙක් ලෙස සිටි නමුත් ඔහු සැබෑලෙසම දක්ෂ සංගීත වාදකයෙක්. සතුරන් අතින් මියයන මොහාතේ ඔහු කී අවසාන දෙය වන්නේ "මේ සමඟ මියයන්නේ කොතරම් දක්ෂ සංගීත වාදකයෙක්ද" යන්නයි. (නි)
පැරදී කඳුළු සයුරේ කිමිදී නාන...කව් සිත අවදි කළ හිතවත් කිවිඳාන...අත ගෑ බව අසා ඔහුගේ සුදු මුණ...මැතිණිය වරදවා තේරුම් ගෙන ඔන්න.(ම)
රුපවතී නංගියේ, උඹටත් ඉඳලා හිටලා අපේ ගැමිකම ගැමි සුවඳ දැනෙනවා නේද? ඒක තමයි අපේ පරණ මිනිසුන්ගේ තිබුන ගුණය. කෑමොර දුන්නට මරාගන්න ගියේ නැහැ. කවුරු මොනවා කිවුවත් ඕනෑම චණ්ඩියෙක් ගමේ වැඩිහිටියෙකුට අවනතවෙන හැදියාවකුත් අපේ ගම් වල තිබුනා නංගියේ. මේ මනුස්සයත් මේ පිටකරලා තියෙන්නේ අපේ ඒ මනුස්සකමේ අහුකොන් නේද කියලයි මට හිතෙන්නේ (නි)
කලාව කියන්නේ ආවේග පිටකරන්න තියන හොඳම සහ අහිංසකම ක්‍රමයක් . රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කලෙත් ආවේග පිටකරන්න වෙන්න පුළුවන්.(ම)
කවි සිතක කදුළු (අ)
මානසික ලෙඩ්ඩු කියන්නේ මේ අයටයි.(හේ)
අපි කොහේ ගිහින් මොනදේ කළත් තමන්ගේ ගම ගෙදර වගේ සුන්දර තැනක් මට නම් හමුවෙලා නැහැ රූපා අක්කේ. (නි)
රූපවතී නොදන්නා කරුණු ගොඩක් තියෙනවා වගෙයි (නි)