(තිහගොඩ - උපසේන ලියනගේ)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක් මධ්‍යයේ වූ සුදු ඉර මතින් පාර මාරුවීමට ගිය යුරෝපීය ඇඳුමැති පුද්ගලයෙකි. වේගයෙන් ආ කැබ් රියක් සුදු ඉර මතින් ගියෙන් ඔහු එහි නොවැදී බේරුණේ අනූ නමයෙනි.
මඳ දුරක් ගිය වාහනය නතර විය. එහි වූ පුද්ගලයා වීදුරු කවුළුව හැර ඔහු සමඟ සිනාසුණේය. මේ ඔහුගේ හිත මිතුරෙකි. ඔහු ළඟින් වේගයෙන් ගොස් තිබුණේ විහිළුවටය. ඔහු සුහද කතාවට මුල පිරුවා පමණකි.
වේගයෙන් ඒ අසලට ආ පොලිස් නිලධාරියකු ඔහුගෙන් රියැදුරු බලපත‍්‍රය ඉල්ලූවේ ‘‘මිනී මරන්නද හැදුවේ’’ කියමිනි. මේ වනවිට මගීහු පිරිසක්ද ඒ අසලට පැමිණියහ.
‘‘මේ මගේ යාළුවෙක් රාළහාමි විහිළුවක් කරලා තියෙන්නේ’’ අනතුරට පත්වීමට ගිය යාළුවා කීවේ යටහත් පහත්වය.
‘‘යාළුවොත් එක්ක විහිළු තහළු කරනවා මිතුරු හවුලෙදි මේක මහපාර.’’ කීවෙන් රියැදුරු මිතුරාට තරු පෙනිණි.
ඔහුගේ බලපත් සියල්ල පරීක්ෂා කළ පොලිස් නිලධාරියා ඔහුට ආපසු යාමට කීවේ තද අවවාදයක් කරමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ, වාහන සෙල්ලම් කරන්න විහිලු කරන්න යොදා ගැනීම බරපතල වරදක්. මම වැකේෂන් එකට ගෙදර ගිහින් දවසක් උදේ ගේ ඉස්සරහ පාර අතුගාන කොට වාහනයක් දුර සිටම හෙඩ් ලයිට් ගහගෙන වේගයෙන් එනවා දැකලා මම ඉදලත් අරන් පාරෙන් අයින් උනා තාප්පේ අයිනට , වාහනේ මගේ පැත්තට කපලා එක පාරට බ්රේක් ගැහුවා. වාහනේ බොරළු උඩ ලිස්සලා ගිහි තාප්පේ වැදුනා. ලයිට් කුඩු. මගේ කකුල් දෙකම ඉවරයි තව පොඩ්ඩක් මිස්ස් උනා නම්. බලන කොට මගේ යාලුවෙක්. සද්දේ ඇහිලා මගේ බිරිඳ එතනට ආවා. එදා නම් යාලුවා ආයෙත් විහිලු නොකරන්නම අහ ගත්තා. ඊඉට පස්සේ මිනිහා මට තවම මුණ ගැහුනේ නැහැ.(ඒ වෙලාවේ මිනිහා කාර් එකෙන් බැහැලා සොරි මචන් විහිළුවක් කරන්නයි හැදුවේ කිව්වා.)