IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාරෙදි විහිළුවක් කරලා: රියැදුරු මිතුරාට තරු පෙනිලා

(තිහගොඩ - උපසේන ලියනගේ)

දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක් මධ්‍යයේ වූ සුදු ඉර මතින් පාර මාරුවීමට ගිය යුරෝපීය ඇඳුමැති පුද්ගලයෙකි. වේගයෙන් ආ කැබ් රියක් සුදු ඉර මතින් ගියෙන් ඔහු එහි නොවැදී බේරුණේ අනූ නමයෙනි.

මඳ දුරක් ගිය වාහනය නතර විය. එහි වූ පුද්ගලයා වීදුරු කවුළුව හැර ඔහු සමඟ සිනාසුණේය. මේ ඔහුගේ හිත මිතුරෙකි. ඔහු ළඟින් වේගයෙන් ගොස් තිබුණේ විහිළුවටය. ඔහු සුහද කතාවට මුල පිරුවා පමණකි.

වේගයෙන් ඒ අසලට ආ පොලිස් නිලධාරියකු ඔහුගෙන් රියැදුරු බලපත‍්‍රය ඉල්ලූවේ ‘‘මිනී මරන්නද හැදුවේ’’ කියමිනි. මේ වනවිට මගීහු පිරිසක්ද ඒ අසලට පැමිණියහ.

‘‘මේ මගේ යාළුවෙක් රාළහාමි විහිළුවක් කරලා තියෙන්නේ’’ අනතුරට පත්වීමට ගිය යාළුවා කීවේ යටහත් පහත්වය.

‘‘යාළුවොත් එක්ක විහිළු තහළු කරනවා මිතුරු හවුලෙදි මේක මහපාර.’’ කීවෙන් රියැදුරු මිතුරාට තරු පෙනිණි.

ඔහුගේ බලපත් සියල්ල පරීක්ෂා කළ පොලිස් නිලධාරියා ඔහුට ආපසු යාමට කීවේ තද අවවාදයක් කරමින්ලූ.



අදහස් (1)

පාරෙදි විහිළුවක් කරලා: රියැදුරු මිතුරාට තරු පෙනිලා

pitigala Wednesday, 22 November 2017 03:13 AM

පාරේ, වාහන සෙල්ලම් කරන්න විහිලු කරන්න යොදා ගැනීම බරපතල වරදක්. මම වැකේෂන් එකට ගෙදර ගිහින් දවසක් උදේ ගේ ඉස්සරහ පාර අතුගාන කොට වාහනයක් දුර සිටම හෙඩ් ලයිට් ගහගෙන වේගයෙන් එනවා දැකලා මම ඉදලත් අරන් පාරෙන් අයින් උනා තාප්පේ අයිනට , වාහනේ මගේ පැත්තට කපලා එක පාරට බ්රේක් ගැහුවා. වාහනේ බොරළු උඩ ලිස්සලා ගිහි තාප්පේ වැදුනා. ලයිට් කුඩු. මගේ කකුල් දෙකම ඉවරයි තව පොඩ්ඩක් මිස්ස් උනා නම්. බලන කොට මගේ යාලුවෙක්. සද්දේ ඇහිලා මගේ බිරිඳ එතනට ආවා. එදා නම් යාලුවා ආයෙත් විහිලු නොකරන්නම අහ ගත්තා. ඊඉට පස්සේ මිනිහා මට තවම මුණ ගැහුනේ නැහැ.(ඒ වෙලාවේ මිනිහා කාර් එකෙන් බැහැලා සොරි මචන් විහිළුවක් කරන්නයි හැදුවේ කිව්වා.)

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site