IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පාර වැරැදී වෙන මළ ගෙදරකට ගොඩවී අන්දුන්කුන්දුන්

(අම්බලන්ගොඩ විශේෂ ඩී.ජී. ජයසුන්දර) 
එදින රාත්‍රියේ අම්බලන්තොටින් පිරිස වෑන් රථයට ගොඩවූයේ තංගල්ල ප්‍රදේශයේ ධීවර ගම්මානයක මළ ගෙදරක යාම සඳහාය. 


අම්බලන්තොට රජයේ ආයතනයක සේවය කරන ඇය ළඟදී සේවයට පැමිණි සේවිකාවකි. එබැවින් කිසිවකුත් ඇගේ නිවස නොදනී. පිරිස මළ ගෙදර යන්නේ නිවෙස සොයාගෙන යාමටය. 
හෝරා එක හමාරකින් පමණ අදාළ ගමට ළඟාවිය. ප්‍රධාන පාරෙන් ගමට හැරෙන තැන සුදු කොඩියක් අතුරු පාර හරහා දමා තිබිණි. ඒ ඔස්සේ ගමට කිලෝමීටරයක් පමණ ගිය පසු තවත් සුදු කොඩියක් තවත් හරස් පාරක විය. 


ඒ මග කිලෝමීටර් භාගයක් පමණ ගිය පසු මළ ගෙදර විය. වෑන් රථය මළ ගෙදර ගේට්ටුව අසල නතර කරනවාත් සමග මළ ගෙදර සිටි ගැහැණු පිරිමි සහ ළමයි මියගිය අයගේ ගුණ කියමින් කෑගසමින් විලාප තබමින් අඬන්නට වූහ. 


පිරිස වෑන් රථයෙන් බැස ගෙන යන ලද බිස්කට් පෙට්ටිය ගෙන යෑමට අමතක නොකළෝය. ඒ සමගම වෑන් රථය වට කරගත් පිරිසද ඉන් ඉවත් විය. පිරිස මළ ගෙදරට ළං වෙත්ම විලාප තබා කෑ ගසමින් තැබූ ඇඬිල්ල  ක්‍රමයෙන් අඩුවිය. 


වෑන් රථයේ ගිය පිරිස නිවසට ගොඩවිය. ‘කෝ මෘත දේහය’ පිරිසේ එක් අයකු විමසීය. 


අපි හිතුවේ කෙල්ලගේ මරණය ගෙනාව කියලා. මල්ශාලාවේ වෑන් රථයත් මහත්තයල ආ වෑන් රථයක් දෙකම එක වගේ. ඒකයි අපට කෑ ගැසුනේ යැයි මැදිවියේ අයෙක් කීය. 


ගිය පිරිස වැරදි මළ ගෙදරට ගොස් ඇති බව වැටහුනේ ඉන් අනතුරුවය. 


අපි ආවේ ආච්චි කෙනෙකුගේ මළගෙදර. ඒ මළ ගෙදර කොහේද තියන්නේ පිරිසේ අයෙක් විමසීය. 


මේ පාරෙන් අතුරු පාරට ගිහිල්ලා මුහුද දෙසට මීටර් 250ක් ගියාම මළගෙදර. පාර අද්දරමයි. මළ ගෙදර සිටි අයෙක් කීය. 


මහත්තයෝ තේ ටිකක් බීලා යන්න. 


නිවැසියන්ගේ පෙරැත්ත විය. 


කමක් නැහැ. යන මළ ගෙදරින් තේ බොන්න පුළුවන් කියමින් මළගෙදර අයගේ දුප්පත්කම ගැන සිතා ගෙනයන ලද බිස්කට් පෙට්ටිය මළ ගෙදර තබා සියලු දෙනා වෑන් රථයට ගොඩවූහ. 

 



අදහස් (0)

පාර වැරැදී වෙන මළ ගෙදරකට ගොඩවී අන්දුන්කුන්දුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 629 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 643 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 711 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 939 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 534 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1093 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1455 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site