IMG-LOGO

පාරේ ගිය දැරිය වැළඳගත් විවාහකයා පොලිස් කූඩුවේ

(ගම්පහ - අධිකරණ ටෝනි කරුණානායක)

පයින් ගමන් කරමින් සිටි දැරියක මහා මාර්ගයේදි වැළඳ ගත් බව කියන විවාහකයකු ලබන 29 දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙසට ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

චමින්ද දොර කුමාර එම තැනැත්තායි. ඔහු රාගම රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍ය සායනයට යොමු කර එදිනට (29* වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත් මහර බන්ධනාගාර අධිකාරිට නියෝග කළේය.

සැකකරු යතුරුපැදියකින් පැමිණ යතුරුපැදිය නවතා දැරිය වැළඳගත් අවස්ථාවේ ඇය බිම ඇද වැටී තුවාල ලැබී යැයි ද ගම්පහ ළමා සහ කාන්තා කාර්යාංශයේ පොලිසි පරීක්ෂක සමන්තිකා මහත්මිය අධිකරණය හමුවේ පැවැසූවාය.



අදහස් (0)

පාරේ ගිය දැරිය වැළඳගත් විවාහකයා පොලිස් කූඩුවේ

භානු Friday, 19 December 2014 07:14 AM

මොන හේතුවක් ඇතුවද දන්නේ නැහැ මේ පුද්ගලයාට මානසික ලෙඩක් ඇතියැයි සැක කරන්නේ? මෙහෙම ගියොත් ස්ත්‍රී දුෂකයන්වත් මානසික ආබාධ නිසා යැයි කියලා නිදහස් වෙයිනේ. මෙතන අපිට හිතාගන්න බැරි දෙයක් තියනවා වගෙයි. (නි)

:       0       0

ශලිනි Friday, 19 December 2014 07:16 AM

මෙහෙම ගියොත් බලහත්කාරයෙන් කාන්තාවන් අත පතගාල අහුවෙන හැමෝම මානසික රෝග වාර්තාවක් ඉදිරිපත් කරලා නිදහස් වේවිද දන්නෙත් නැහැ (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 December 2014 09:58 AM

මෙයාට හොඳම දඬුවමක් දිය යුතුයි.(හේ)

:       0       0

මෙරිල් බාලසුරිය Saturday, 20 December 2014 12:25 PM

මේ අයට මානසික ලෙඩ්ඩු කියලා අවම දඬුවම් දුන්නොත්, මේ වාගේ ක්‍රියා කිරීම ඉදිරියේදී වැඩිවෙනවා. අන්තිමට පාරේ යන ගැහැණු ළමයින්ට පාරේ බැහැලා යන්න බැරිවෙයි, මානසික ලෙඩ්ඩු වැඩිවෙලා (නි)

:       0       0

සෙහාන් Friday, 19 December 2014 05:22 PM

සමන්ති, මෝඩ කතා ලියන්න එපා. (නි)

:       0       0

සමන් Tuesday, 23 December 2014 06:12 PM

සමන්ති, ඔයාවත් වඩා ගනියි බලාගෙන. (නදී)

:       0       0

සමන්ති Saturday, 20 December 2014 01:57 PM

සෙහාන්, මම මෝඩ කතා ලියල නැහැ. පත්තරේ පින්තුර දැකලා තියෙනවා නාදුනන ළමයි වඩාගත්ත පින්තුර. (නදී)

:       0       0

සමන්ත Friday, 19 December 2014 08:50 PM

අපේ රටේ මිනිසුන්ට පුදුම ලිංගික අසහනයක් තියෙන්නේ. මේකට වහාම දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යව ඇත (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Sunday, 21 December 2014 12:23 PM

උපරිම දඬුවම් දුන්නේ නැත්නම් , මෙවැනි ක්‍රියා වැඩිවෙන්ට ඉඩ තිබේ , ඕනෙම දෙයක් කරලා මානසික ලෙඩෙක් කියා බේරෙන්ට බැහැ.(හේ)

:       0       0

ශාන්ති Saturday, 20 December 2014 07:34 PM

මෙයට මොන මානසික ලෙඩක් තිබුනත් දඬුවම් කළයුතුය (නි)

:       0       0

සින්න පෙරුමාල් Saturday, 20 December 2014 07:59 PM

ඡන්දෙ ඉල්ලන්න පුරුදුවෙන කෙනෙක්ද කොහෙද? (නි)

:       0       0

භානු Saturday, 20 December 2014 02:44 AM

මොන පදනමක් යටතේද දැන් මේ මානසික රෝග වාර්තාවක් ගන්න කිවේ ? මෙහෙම ගියොත් ස්ත්‍රී දුෂකයොත් මානසික රෝගී වාර්තා පෙන්නලා නිදහස් වේවි. (නදී)

:       0       0

මනෝජි Monday, 22 December 2014 09:59 AM

මුන්ට තියෙන අසහනේ හැටියට අහිංසක දැරියෝ පලිද අැයි මේවට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්නැත්තේ? ඒ නිසා නොවේද මේ තරම් අපරාධ කරලත් උන් නිදැල්ලේ ඉන්නේ (බ)

:       0       0

චමින්ද Monday, 05 January 2015 05:01 AM

මා දැනට සේවය කරන කටාර් වල කාන්තාවන්ය ඇති ගෞරවය ඉතා ඉහළයි (නි)

:       0       0

විජිර Friday, 19 December 2014 12:23 PM

අත්අඩංගුවට ගැනීම අගය කරමි. ඔහුට දඩුවමක්දී එයට ප්‍රචාරයකුත් දෙන්න.(හේ)

:       0       0

ගුණසිංහ Saturday, 20 December 2014 05:56 AM

මානසික ලෙඩ්ඩු කියලා කියන්නේ මේ අයටයි.(හේ)

:       0       0

අබරන් Sunday, 21 December 2014 05:34 AM

මිනිස් හිත ක්ෂණයෙන් වෙනස් වෙන දෙයක්. හරි භයානකයි. යන්නේ හොරකමට.හදිසියේම නෙත ගැටුණු ස්ත්‍රී රුපයක් නිසා සිදුවන්නේ ස්ත්‍රී දුෂණයක් (නදී)

:       0       0

අශෝක රළපනාව Saturday, 20 December 2014 06:37 AM

හැම තැනම ගණිකාමඩම් තියෙද්දි ඇයි මේ අසහනේ. ලංකාවේ කෑම වල වරදක්ද ? නැතිනම් අපේ නංගිලගෙ හැදියාවෙ වරදක්ද? (අ)

:       0       0

මොහොමඩ් Saturday, 20 December 2014 07:15 AM

මොන මානසික රෝගියෙක් ද මෙයාට දඬුවමක් දිය යුතුයි. (අ)

:       0       0

ලසන්ත Sunday, 21 December 2014 04:07 PM

මානසික ලෙඩ්ඩු මේ අයට වෙනම රෝහලක ප්‍රතිකාර කරන්න ඕනේ.(හේ)

:       0       0

ශාන්ත Saturday, 20 December 2014 09:27 AM

මේ වගේ අයට උපරිම දඩුවම් දිය යුතුයි.ලැජ්ජ නෑනේ.(හේ)

:       0       0

සමන්ති Friday, 19 December 2014 01:45 PM

පාරේ යන ළමයි වඩාගන්න බැරිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site