දකුණු පළාතේ සෞඛ්‍යයට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සවස් වරුවේ එහි පැමිණි දරුවන් දෙදෙනකු ආයතන ප‍්‍රධානියා හමුවී ඉල්ලා සිටියේ ආයතනයට ආ පැරැුණි ලියුම්වල මුද්දර ටිකක් ලබාදෙන ලෙසටය.
”මමත් පුංචි කාලේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශය කළා. අහිංසක වැඩක්” කී ඔහු දරුවන්ගේ හිස අතගා කාර්යාල කාර්ය සහායකට කීවේ මේ දරුවන්ට පැරැුණි ලියුම් තොගයක් දෙන හැටියටය.
ඔහු ඔවුන් සමග කාර්යාලයට යන අතරේ ”දැනට කොච්චර මුද්දර එකතු කරලා දැ”යි ඇසූවිට කුඩා දරුවා කීවේ ”මුද්දර එකතු කරන්නේ තාත්තා. අපි මුද්දර අරගෙන ගියාම සීල් වැදුණෙ නැති ඒවා තාත්ත අරගෙන ඒවායින් ලියුම් යවනවා. ඉතුරු ඒවා විසි කරනවා” යන්නය. මේ කතාව ඇසූ කාර්යාල කාර්ය සහායකට තරු පෙනුණාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පියාගේ බහට පුත්තු සීල් නැති මුද්දර එකතු කරලා
හේරත් Saturday, 03 May 2014 11:55 PM
ලෝකයටම් කතාකරන්න දැන් ලේසිම ක්‍රම තියනවා මේ මොළකාර පියාට දුරකථනයක් අරන් දෙමු. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 04 May 2014 02:06 AM
මේ තාත්තා කැට දෙකක් අතට දෙන දවස වැඩි ඈතක නැහැ මේ දරුවෝ දෙන්නට සල්ලි එකතු කරන්න. (නි)
වීරා Saturday, 03 May 2014 01:17 PM
සමහර ඒජන්සි තැපැල් කාර්යාල වල අලුත් මුද්දර ගලවල නැවත විකුනනවා ඒවාට පරණ ඒවා අලවනවා එක කරන්නේ ලිපිය ලියාපදිංචි කරන්න බාරදුන් කෙනා ආපසු ගියාට පසුව.(නදී)
කුමාරි Friday, 02 May 2014 12:23 PM
මුද්දර හොරා දරුවන්ගෙන් හෙළි වේ කිවුවලු. පවු අහිංසක නොදරුවෝ! (නි)
ලලිත් - Sl Friday, 02 May 2014 12:07 PM
තාත්තා ඔච්චරම ලියුම් යවන්නේ කාටද දන්නේ නැහැ. එකත් මොන විදිහේ මගඩියක් ද දන්නේ නැහැ. (අ)
දිලුෂි Sunday, 04 May 2014 08:23 AM
ඇත්ත නේන්නම් නිලුගේ කතාව.(නදී)
අබේසිංහ Saturday, 03 May 2014 04:35 PM
ලජ්ජා නැතුව කිවනේ මුද්දර ගැන.(නදී)
ධම්මික Friday, 02 May 2014 02:07 PM
මරු තාත්තා. පුතාලව කඩේ යවනවා. (ස)
සංජීව Tuesday, 06 May 2014 08:24 PM
හොඳ වෙලාවට මුද්දර. සීල් නැති අරක්කු වුණා නම්.... (නි)
සම්මික් Friday, 02 May 2014 04:21 PM
පවු නොදරුවෝ! (නි)
ටී. Saturday, 03 May 2014 09:39 AM
තාත්තා වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවේ වෙන්න ඇති (නි)
චාමර Sunday, 04 May 2014 09:50 PM
තැපැල් මහත්තයලගේ රාජකාරිය කොහොම ඉටු කරලද කියල පේනවද (දී)