දකුණු පළාතේ සෞඛ්‍යයට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සවස් වරුවේ එහි පැමිණි දරුවන් දෙදෙනකු ආයතන ප‍්‍රධානියා හමුවී ඉල්ලා සිටියේ ආයතනයට ආ පැරැුණි ලියුම්වල මුද්දර ටිකක් ලබාදෙන ලෙසටය.
”මමත් පුංචි කාලේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශය කළා. අහිංසක වැඩක්” කී ඔහු දරුවන්ගේ හිස අතගා කාර්යාල කාර්ය සහායකට කීවේ මේ දරුවන්ට පැරැුණි ලියුම් තොගයක් දෙන හැටියටය.
ඔහු ඔවුන් සමග කාර්යාලයට යන අතරේ ”දැනට කොච්චර මුද්දර එකතු කරලා දැ”යි ඇසූවිට කුඩා දරුවා කීවේ ”මුද්දර එකතු කරන්නේ තාත්තා. අපි මුද්දර අරගෙන ගියාම සීල් වැදුණෙ නැති ඒවා තාත්ත අරගෙන ඒවායින් ලියුම් යවනවා. ඉතුරු ඒවා විසි කරනවා” යන්නය. මේ කතාව ඇසූ කාර්යාල කාර්ය සහායකට තරු පෙනුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයටම් කතාකරන්න දැන් ලේසිම ක්‍රම තියනවා මේ මොළකාර පියාට දුරකථනයක් අරන් දෙමු. (ස)
මේ තාත්තා කැට දෙකක් අතට දෙන දවස වැඩි ඈතක නැහැ මේ දරුවෝ දෙන්නට සල්ලි එකතු කරන්න. (නි)
සමහර ඒජන්සි තැපැල් කාර්යාල වල අලුත් මුද්දර ගලවල නැවත විකුනනවා ඒවාට පරණ ඒවා අලවනවා එක කරන්නේ ලිපිය ලියාපදිංචි කරන්න බාරදුන් කෙනා ආපසු ගියාට පසුව.(නදී)
මුද්දර හොරා දරුවන්ගෙන් හෙළි වේ කිවුවලු. පවු අහිංසක නොදරුවෝ! (නි)
තාත්තා ඔච්චරම ලියුම් යවන්නේ කාටද දන්නේ නැහැ. එකත් මොන විදිහේ මගඩියක් ද දන්නේ නැහැ. (අ)
ඇත්ත නේන්නම් නිලුගේ කතාව.(නදී)
ලජ්ජා නැතුව කිවනේ මුද්දර ගැන.(නදී)
මරු තාත්තා. පුතාලව කඩේ යවනවා. (ස)
හොඳ වෙලාවට මුද්දර. සීල් නැති අරක්කු වුණා නම්.... (නි)
පවු නොදරුවෝ! (නි)
තාත්තා වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවේ වෙන්න ඇති (නි)
තැපැල් මහත්තයලගේ රාජකාරිය කොහොම ඉටු කරලද කියල පේනවද (දී)