මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල නිරතවූ පුතුන් දෙදෙනකු පියා සමඟ මත්පැන් ගිවිසුමකට එකඟවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තේ ගමකිනි.
කලින් ඉතා දක්ෂ කාර්මිකයකු වූ මේ පියා දරුවන්ට උගන්වා ඉහළ රැකියාවලට යොමුකළත් ඔහුගේ ලොකු දුර්වලතාවක් වූයේ මත්වතුරට ගිජුවීමයි. වියපත්වීම නිසා සිය කර්මාන්තය නවතා දැමුවත් මත්වී සන්ධ්‍යා භාගයේ ගම පුරා ඇවිදිමින් කරන විකාර නතර වූයේ නැත. මේ නිසා හැන්දෑවේ නිවසින් පිටත නොයාමටත්, අවශ්‍ය මත්පැන් නිවසේදීම සීමිතව දීමටත් පසුගියදා පියxපුතු ගිවිසුමක් වාචිකව සකස්වී ක‍්‍රියාවට නැගුනත් ‘‘ගමේ ගොඬේ ගිහිං කාගෙන බීගෙන රණඩු සරුවල් නොවී ඉන්න එකේ කිසිම ගතියක් නැතැයි’’ කියමින් මතට තිත තැබීමට ඔහු දැන් සිතා සිටිනවාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක්
කුසලාවති Friday, 13 June 2014 11:13 AM
ටිකක් බොනවා කියලා දෙයක් නැහැ ළමයිනේ, බොන්න එපා (දිල්)
තිමිර Friday, 13 June 2014 12:48 PM
සුරාවේ අගයත් එහි ඇති මිහිරි රසයත් බොන සුදනෝ මිසක් නොබොන පුහු දන කෙසේනම් දත් කිවුවලු (නි)
නදීෂා Tuesday, 17 June 2014 09:21 AM
බුදු තාත්තෙ බොන්න එපා (දී)
ලක්ෂපාන Thursday, 12 June 2014 11:05 PM
බීපු මිනිහෙක්ගේ රස කතාවක්...හොඳට බීල කඩපිලක් උඩ.කුෂ්ට බල්ලෙක් බදාගෙන පොඩි ඇලට් එකක් දාගත්තම පුදුම සතුටක්ලු . කටවටේ ඉතිරිවෙච්ච මස් කැලිවල කුෂ්ට බල්ලා රස බලද්දී එයාට ෆුල් ජොලියක් දැනුනලු. (දී)
නිශාන්ත Tuesday, 17 June 2014 09:26 AM
මට නිකන් පිස්සු වගේ (දී)
ආලෝකා Thursday, 12 June 2014 09:45 AM
ඒ උනාට දැන් හුඟක් තැන්වල වෙන්නේ තිතට මත නේද? අනේ මන්ද දන්නේ නැති නිසයි ඇහුවේ (දී)
පිටබැද්දර ජයා Saturday, 14 June 2014 03:23 PM
වියපත් වූ පියෙක් කරන මගෝඩි වැඩක් දරුවන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදියකට වැක කළානම් නේද හොඳ ? (අ)
ප්‍රියංකා Saturday, 14 June 2014 03:43 PM
අනේ බොන්න නම් එපා කියන්නේ නෑ. ජීවත් වෙන්න කැමැති නැති මිනිස්සු බීල මැරුණට කමක් නෑ. (අ)
ජෙහාන් Thursday, 12 June 2014 11:16 AM
ටිකක් විතර බොන්නම් හොඳේ (දී)
පහන්දී Thursday, 12 June 2014 02:16 AM
හරි ෂෝක්නේ... ඒත් ටිකක් බිව්වට නම් කමක් නැහැ නේද? (නි)
ශාන්ති Thursday, 12 June 2014 01:25 PM
ඔව් අනේ ටිකක් විතර බිව්වට කාරියක් නැහැ (නදී)
සුමුදු Tuesday, 17 June 2014 06:44 AM
දෙමවුපියන්ගේ බීමත්කම නිසා විඳවන්නේ පොඩි දරුවන් (නි)