ජංගම දුරකතනයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට ගිය තරුණයකු පෙම්වතිය හමු වූ පළමු දිනයේ ම පෙම වැව් තාවුල්ලේ තබා පණ බේරාගෙන පැමිධෑමේ පුවතක් සීගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය පෙම්වතා සංචාරක හෝටලයක සේවකයෙකි. ගම කැකිරාවේය. පසුගිය දින ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. එය වැරදීමකිනි. වැරදීමක් වුවත් එම දුරකතන ඇමැතුම ලබා දුන් තරුණියකැයි සිතිය හැකි කාන්තාව සමග ඇයි හොඳැයි කමක් ඇති කර ගත්තේය. කාලය මෙසේ ගෙවිණි. මිස් කෝල් එක ආදර සම්බන්ධයක් දක්වා දුරදිග ගියේය.
තරුණයා කිසිදා නොදුටු සිය පෙම්වතිය දැකීමේ ආසාවක් ඇතිවිණි. ඒ අනුව පෙම්වතා පෙම්වතියට යෝජනාවක් කළේය. අපි මුණ ගැසෙමු යනුවෙනි. තැනක් හා දිනයක් ද නියම කරගත්තේය. ඒ රජරට ප්‍රදේශයේ වැවක් අසලදීය. තරුණයාට දැන් බොහොම සතුටුය. හෝටලයේ වැඩකරන තම සගයන්ටද මේ බව කීවේය. ඒ සඳහා රැගෙන යන තෑග්ග ගැනද ඔවුන්ගේ උපදෙස් ගත්තේය. ඒ අනුව වටිනාකමක් ඇති චොකලට් එකක් ගත්තේය.
තෑග්ග හොඳින් අසුරාගත් එම තරුණයා කතාකරගත් පරිදි නියමිත දින වැව අසලට ගියේය. පෙම්වතිය ද පැමිණ සිටියාය. පෙම්වතා හමුවූ පෙම්වතිය තම අත වූ තෑග්ග පෙම්වතියට දිගු කළේය. පෙම්වතිය ද සතුටින් බාරගෙන මෙනවාදැයි විමසුවාය. පුංචි තෑග්ගක් යනුවෙන් පෙම්වතා පැවැසීය. එම තෑග්ග එම ස්ථානයේ දීම ගලවා බැලූ_ පෙම්වතිය පුදුමයට පත්විය. ඇය පෙම්වතා අමතා මෙසේ කීවාය.
බොලං අයියණ්ඩි මෙච්චර වියදම් කරල චොකලට් එකක් ගෙනාවේ ඇයි රුපියල් 65ක් දීලා පාන්ගෙඩියක් ගෙනාවා නම් වැව් බංටෙකේ ඉඳගෙන අපිට බඩ පිරෙනකම් කන්න තිබුණා යැයි කීවාය. පෙම්වතා වැඩි වේලාවක් කතා කළේ නැත. මට ඉක්මණට වැඩට යන්න තියෙනවා යැයි පවසා ඉක්මණින් මාරු වූයේ තම කුළුඳුල් ආදරය වැව් තාවුල්ලේ තබාය.
(අරුණ එස්. කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අහිංසකී!
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා.
ඇත්තෙන්ම නියම පෙම්වතියක් ඇය! (නි)
බොලන් පොඩි නංගී,ලූනු ගෙඩියක් වත් නැතුව නිකාම්ම පාන් කන්නේ කොහොමෙයි...? (අ)
වැවු තාවුල්ලේ පාන් ඉල්ලපු ගමන් කොල්ලා හිතුවද දන්නේ නැහැ අමනුස්ස දුවක් කියලා, අර මෝහිනී වගේ. මොනවා වුණත් තමන්ගේ පෙම්වතා උපයන දේ ගැන සළකන හිතන යුවතියක්. අද ඉන්නෙම කොල්ලව හූරගෙන කන කෙල්ලොනේ. ඒ අතරේ මේ තරුණිය අදහන්න වටිනවා. අම්මපා! නොම්මරය ඉල්ලගන්න විදියක් නැද්ද දන්නේ නැහැ නේද? (නි)
කෙල්ල ලස්සන නැතිව ඇති නැතිනම් මෙම අයියන්ඩි කෙල්ල දාලම එයි එහෙමනම් බොලං පොඩි නංඟී ටිකක් හිටපන් මම කෙටි නිවාඩුවක් දාලා එනකම් අනේ මෙහෙම දේවලුත් අහන්න ශ්‍රිලංකාවේ අපි ඉපදුනානේ (බ)
නාලක හරි. ඔය හා සමාන කතාවක් සමාජයේ කලක පටන් තියෙනවා. රූපවතී නෝනගේ අදහස හොදයි. මමනං හිතන්නෑ දැං අව්‍යජ ගැමියෝ ඉන්නවා කියලා. (ර)
අයියෝ පවු අවංකකම පෙන්වන්න ගිහින් වෙලා තියෙන දේ! (නි)
මම නම් හිතන්නේ කොල්ලාව කෙල්ල දැක්කහම මාව එපාවෙන්නම දෙන්නම් කියලා, එහෙම කියන්න ඇති. (නි)
එතකොට කෙල්ල ටෙලිෆෝන් එකෙන් කතා කළේ වෙනස් විදිහකටද? මොකද නැත්නම් මුණ ගැහිලා කතා කරනකොට විතරක් බය වෙන්නේ. (බ)
අද පාට පාට සුරංගනා ලෝකවල සිහින මාලිගා තනන බොලද බාල පරපුර ..දකින්නේ ..ග්‍රාමීය ගොවි පවුලක සැබෑ ගැමි ජීවිතේ ..හරියට වනේ ජීවත්වෙන වනසතුන්ගේ ගානටයි ..එත් ගමේ ඇති දැඩි වුණ ඒ පරිසරයේ ජීවත්වෙන මිනිසුන්ගේ හදවත්වල තියෙන සැබෑ මිනිස් ලෙන්ගතුකම රුපියල් මිටිවලට මැදි වූ ටයි කෝට් පැළදගෙන අව් කන්නාඩියෙන් සමාජය දෙස බලන්න වෙහෙසෙන මිනිසුන්ගේ හදවත්වල තියෙන්නේ කුහක කමින් පිරිණු ..පුහු මානයෙන් උදුම්මාගත් තමා ගැන පමණක්ම සිතන ආත්මාර්ථකාමී මිනිසුන් වීම පුමයක් නොවේ ..? (අ)
පිටබැද්දර ජයා මහත්තය එහෙනම් අන්න අර 7 වෙනි පිටුවේ ඉන්න දරුවට "සනීපයි -පියා තුතිපුදයි" කියන ලියුම කියවල ඇවිත් ...?අර ..තවත් පොඩි දරු පැටියෙක් ඉන්නවා පත්තරේ ඒ කෙලිපැටියටත් .. උදව් වක් කරලා එන්න ..?මම අර ලස්සන කුරුල්ලෙකුගේ නමක් තියෙන ගමේ .. බව ඔයාල දන්නවනි ..?(අ)
බලන්න ඇය කෙතරම් අව්‍යාජ පෙම්වතියක්ද? (නි)
අපරාදේ චොකලට් එකට ගිය සල්ලි එක කන්නත් බැරි වෙන්න ඇති (ම)
පිටබැද්දර ජයා මහත්තය කතරගම ගිහින් කවද්ද අවේ.බස් එක වැරදිලා පාරේ යන බස් එකකට ගොඩවෙලා කිලෝමීටර් ගානක් දුර ගිහින් කියල අපි ..නිව්ස් වලින් දැක්ක.ඇති යාන්තම් ආපසු ගමට ගෙදරට ඇවිත් ඉන්නවා කතරගම වන්දනාවේ ගිහින්.? (අ)
පොඩි අවුලක් තියෙනවා. කෙල්ල මෙච්චර කල් කතා කරේ වෙන විදිහකටද? පිරිමි ළමයා කැකිරාවේ. වැඩ කරන්නේ සීගිරියේ. ඒ පැතිවල ඔහොම කතා කරන එක සාමාන්‍ය දෙයක්. (ම)
අනේ බොලං මලයණ්ඩියේ, නුඹට හොඳ අරපිරිමැස්මක් ඇති දැරිවියක් ලබන්න වාසනාවක් නැහැ වගේ (නි)
අනේ අපුච්චේ මම මක්කට නගාට ඉරිසියා කරනවද ඔහේ ? (බ)
බොලං පොඩි නංගි ටිකක් හිටපන්... (නි)
පවු අහිංසක පෙම්වතී! (නි)
එකත් එකට හැට පැනපු ආන්ටි කෙනෙක් වෙන්න ඇති. ඔන්න ඔහේ ටෙලිෆෝන් නොම්මරේ අපේ පිටබැද්දර උන්නැහේට දීලා දාන්න (නි)
කෙල්ලගේ ජීවමාන ඡායාරූපය ඔබට හිතාගන්න පුලුවන්ද? පානුත් එපා, චොක්ලටුත් එපා, ඉක්මනට මාරුවෙමි
නංගි එහෙම වුණාට ජංගම දුරකථන තමයි භාවිතාව. අයියණ්ඩිට හොඳ පාඩමක්. (නි)
රූපවති නගාගෙ අදහස නම් හරිම ඉහළයි. හිසනමා ආචාර කරනවා. ගමේ ගැමි සුවඳ නාඳුනන තරුණ පරපුරක්නේ අපට ඉන්නේ. (නි)
මේක බොරු කතාවක්,,, මෙව්වා කියවල ඇත්ත කියල කියල හිතන ගොන්නුත් ඉන්නවනේ (ම)
ජනහිත ඇයි මොකක්ද නංගිගේ වැරැද්ද ! භාෂාව මොකක් වුනත් ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් !! නංගී කතා කරලා තියෙන්නේ පිරිසිදු සිංහල. බොරු සෝබන පොෂ් කෙල්ලෝ විතරද ෆෝන් ගන්නේ (බ)
පව් අනේ ඒ නංගි. මම නම් කීයටවත් එහෙම කෙනෙක් අතහරින්නේ නැහැ (නි)
ලංකාදීප පුවත්පත මගේ පින්තූරයක් 27 වෙනි බදාදා පළකළා. අසරණ දරුවෙකුට උදව් කරපු හෙයින් ඒකට ස්තුති කරලා. වෙනදට මට කතාකරන පිටබැද්දර ජයා මහත්තයා ඊර්ෂ්‍යාවටද මන්දා මට නිකමටවත් කතාකළේ නැහැ. (නි)