(අනුරාධපුර විශේෂ රෝහණ චන්ද්‍රදාස)
අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම හේතුවෙන් ඔහුට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මීට වසරකට පමණ පෙර දඩ මුදලක් නියම විය.
දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුරේ වැඩ පළෙහි නිරතවීමට සිදු විය.
බන්ධනාගාර අධිකාරියෙන් මෙම පුද්ගලයා එළිමහන් සිර කඳවුරෙන් පාලනය කැරෙන ආපන ශාලාවේ වැඩහි යෙදවීමට තීරණය කළේය.
වසරකට ආසන්න කාලයක් ඔහු ආපනශාලාවේ වැඩ පළ කරමින් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කළේය. දෛනික සේවා කටයුතු වල නිරතව සිටි මේ සිරකරුට එහි ආ ගිය කාන්තාවක දැන හඳුනාගන්නට ලැබිණි. දෙදෙනා අතර ඇතිවූ මිතුදම දවසින් දවස වැඩිවිය. සිරකරු හා කාන්තාව අතර කතාබහ ජංගම දුරකතනයෙන්ද හුවමාරු විය.
සිරකරුට කාන්තාව නොදැක ඉන්නට බැරිවිය. ඔහු ඇයගේ වගතුග දැන කතා බහ කිරීමේ අටියෙන් සති දෙක තුනකට පෙර සිරකඳවුරෙන් බැහැර විය.
අනවසරයෙන් බන්ධනාගාරයෙන් පිටවී යාම නිසා බන්ධනාගාර නිලධාරීන් මේ සිරකරු සොයා සෝදිසි මෙහෙයුම් කළත් තොරතුරක් දැනගන්නට නොලැබිණි.
සිරකරු කාන්තාව සමඟ පවත්වන හාදකම ගැන දැන සිටි නිසා නිලධාරීහූ ඇය හමුවන්නට එන වේලාවක් බලමින් සිටියහ.
නිලධාරීන් අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ඊයේ (18) දහවල් රැකවල් ලා සිටිද්දී කාන්තාව එතැනට ආවාය. පලාගිය සිරකරු ද ආවේය.
මොහොතක් යන්නට පෙර සිරකරු බන්ධනාගාර නිලධරයන්ගේ අත්අඩංගුවට පත්වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ දැස මගේ පින්වන්තයි. තේරුනේ දැන් තමයි " කියල සිරකරුට හිතෙන්න ඇති. එ්ක තමයි හිටිය තැනත් අමතක වෙලා පෙම්වතිය හොයාගෙන යන්න ඇත්තේ. (නදී)
මේක තමයි අප රටේ තියෙන ඛේදවාචකය. කෝටි, ප්‍රකෝටි ගණන් හොරාකාපු අය බන්දනාරාගත කලත් ඉන්නේ රෝහලේ සුපිරිම වාට්ටුවේ. අදිකරණයට යන්නේ ගිලන් රථයේ. නඩු කාරයා කකුල් දෙක ලඟට යන්න ඕනේ. සමහර පොඩි වරදවල් වලට අවුරුදු ගණන් හිරේ තපින්න ඕනේ. කිසිම සමබරතාවයක් නැහැ (නදී)
"අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම " පොඩිම වරදක් නෙමෙයි. (ස)
ඕක තමයි කියන්නෙ නීතියේ වෛශ්‍යාව අන්ධයි අතේ තියෙන්නෙ හොර තරාදියක් කියල (බ)
අනේ දැන්වත් හිතුනා නම් ආපහු හසුවුණු එක හොඳයි කියලා. ආයෙත් මිනිහා ගැහැණු පස්සෙ නම් යන එකක් නැහැ ඕං! (නි)
පිටබැද්දර ජයා කියන දේ ඇත්තක් තියනවා. මහා පරිමාන දැව ජාවාරම් කාරයෙක් නම් කවදාවත් දඩය ගෙවාගන්න බැරුව හිරේ යන්නේ නැහැ .අනිත් එක මහා පරිමාන ජාවාරම් කාරයෝ දැක්කාම පොලිසිය අහක බලා ගන්නවා. වැටකට ඉන්නක් කපාගන්න ගිය මිනිහව අල්ලලා උසාවි දානවා. (ර)
දඩයක් ගෙවන්න බැරිව කැන්ටිමක වැඩ කරන්න සිදුවුන මේ මනුස්සයා අනිවාර්යෙන්ම දුප්පත් මිනිහෙක්. කැලෙන් වැට ඉන්නක් හරි දර ටිකක් හරි කඩා ගන්න යන්න ඇති. දැව ජාවාරම් කාරයෙක්නම් නීතිය සල්ලි දීලා ගන්නවා. (බ)
සිරකරුවෙකු බව හෙළි කිරිම ගැන සන්තෝෂයි නැතිනම් ජිවිත අනතුරේ (ම)
අයියෝ පවු! (නි)
කොහොම වුනත් මෙයා පින් කරලා තියෙනවා නොදන්නා හිර ගෙදරකින් ගැලවෙන්න. පවුල් කන්න ගියානම් නිකම් හම්බුවෙන බෝඩිමයි කෑමයි දෙකම නැතිවෙනවනේ.(නදී)