
ඇය පාසල් ගමනට ආයුබෝවන් කියා හා හා පුරා කියා රැකියාවකට ගියේ නොබෝදාය. ඇගේ පළමු රැකියාව වූයේ වෙළෙඳ සහයිකා තනතුරකි. සුවිසල් වෙළෙඳසැලේ වැඩට යනවිට ඇයට වයස අවුරුදු දහඅටයි මාස දෙකකි. එහි සේවය කරමින් සිටියදී කඩවසම් තරුණයකු එහි වැඩට ආවේ ඔය අතරය.
දින සති බවට පෙරළී යද්දී දහඅට හැවිරිදි මේ සුරූපිනිය හා අලුතින් වැඩට පැමිණි කඩවසම් තරුණයා අතර ඇති වූ මිතුදම ප්‍රේමයක් බවට පෙරළී ගියේ දෙදෙනාටම නොදැනය.
“මට ඔයාව නිතරම මතක් වෙනවා.” ඇය ඔහුට කීවාය.
“මටත් එහෙමයි” ඔහු ඇයට කීවේ ප්‍රේම දැලේ පැටළී සිටින මොහොතකය.
“අපේ අම්මලා මේකට කැමති වෙන එකක් නෑ” ඔහු කීවේ යම් දෙයක් සඟවමිනි.
“බෑ බෑ මට දැන් ඔයා නැතුව බෑ. මාව කොහේ හරි එක්කගෙන යන්න. සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙමු.”
ඇයගෙන් ඔහුට බේරීයාමට නොහැකි විය.
ගෙදරටත් හොරා තරුණයා තරුණිය එක්ක පැනගියේ ඔය අතරය. තරුණයාගේ මව යක්කලමුල්ල පොලිසියට පැමිණිල්ලක් කළේ ඊට පසුවය. පැනගිය දෙදෙනා පොලිසියට කැඳවීමට යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති සුමිත් පෙරේරා කටයුතු කළේය.
“මම මෙයාට ආදරෙයි සර්. අම්ම කියන දේ ඇත්ත සර්. මට තාම අවුරුදු දහසයයි” තරුණයා කී දේ ඇසුණු තරුණියට හීන් දාඩිය දමන්නට විය.
“තව අවුරුදු දෙකක් යනකම් මට බඳින්න බෑ. සමාවෙන්න” කියා තරුණයත් තරුණියත් පොලිස් පොතේ අත්සන් කොට වෙන්ව ගියේ හදිසියට කොරහෙවත් අතදමා ගන්නට බැරි බව අවබෝධ කරගනිමිනි.
(යක්කලමුල්ල විශේෂ - ජේ.කේ.එල්. චාමින්ද)
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙම්වතාගේ වයස අසා පෙම්වතියට හීන් දාඩිය දාලා
nari hama Tuesday, 24 July 2018 11:17 AM
හොඳ කතාවක් නොවේ
Chandima Wednesday, 25 July 2018 09:00 AM
හේතුව මොකක්ද කියන්න දන්නේ නැහැ. සමහර පිරිමි ළමයි තමන්ට වඩා වැඩිමල් ගැහැණු ළමයින්ට පිස්සුවෙන් වගේ ආදරය කරන වෙලාවල් තියෙනවා. එහෙම කෙරිලා සාර්ථක වුණු විවාහ ඕනෑ තරම් තියෙනවා.
pakeer Wednesday, 25 July 2018 03:30 PM
බොරු කතාවක්. අවුරුදු 16ක ළමයෙක් වැඩට ගන්න තරම් මෝඩයෝ කොහෙද ඉන්නේ...? ඒ කෙසේ වෙතත් , ආදරයට වයස හෝ පෙනුම, කොටින්ම ගැහැනුද පිරිමිද කියලත් වැඩක් නැහැ.