(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)
කළුතර නගර මධ්‍යයේදී 15 හැවිරිදි දියණියක් තම 30 හැවිරිදි මව ගණිකාවක් යැයි කියමින් විලාපදීමේ සිද්ධියක් ඉකුත් 17දා දකුණු කළුතරින් වාර්තා විය.
මේ ඉන්නේ ගණිකාවක්. මා පාරේ කොල්්ලන්ට විකුණන්න හදනවා යැයි බාල වයස්කාර දැරිය ඉකුත් 17 වනදා කළුතර නගරය දෙවනත් කරමින් විලාප දෙද්දී මව ඇයට පහර කීපයක් ගැසුවාය.
මෙය දුටු අවට සිටි පිරිස මේ දෙදෙනාම පොලිසියට බාර දුන්හ.
මව පොලීසියේදී හඬා වැටෙමින් කියා සිටියේ වෙනත් කතාවකි.
මම ගණිකාවක් නොවෙයි. මේ මගේ ලොකු දුව. අපි ඉන්නේ දකුණු පළාතේ. මීට බාල තව දරුවන් දෙදෙනකු සිටිනවා. මේ දුව තාම පාසල් යනවා.
අපි හොරණ අම්මලාගේ ගෙදර යන්නට කෝච්චියෙන් කළුතරට ආවා. ඒ වෙනකොට දුව ඇගේ පෙම්වතාවද කළුතරට ගෙන්වාගෙන තිබුණා. ඇයට ඔහු සමග යාමට අවශ්‍ය වුණා. මා ඊට ඉඩ නුදුන් නිසා ඇය මා ගණිකාවක් කියමින් කෑ ගැසුවා.
ඒ මම ඉන් අනතුරව මේ පිළිබඳව දකුණු කළුතර පොලීසියට පැමිණිල්ලක් ද කළාය.
කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි හා උප පොලිස් පරීක්ෂක පතිරණ මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30 හැවිරිදි මව, 15 හැවිරිදි දුව. ඒ කියන්න් මේ මවට දරුවෝ ලැබිලා තියෙන්නේ අවුරුදු 15 දි. 15 හැවිරිදි දුවට පෙම්වතෙකු සිටීම ගැන අම්මා විරුද්ධ උනාට අම්මා කල දේ තමයි දුවත් කරන්නේ (නදී)
ගෝලීයකරණ මාෆියාවට අහුවුණු මෝඩ දේශපාලුවන්. සිය නුවනක්කාරකම් පෙන්වන්න ගිහින් නිරුවතින් නිසා ජනතාවට නායකත්වය දෙන්න බෑ (නදී)
අම්මා පවු! (නි)
මෙතන වයස ප්‍රශ්නයක් නැහැ. කෙල්ලන්ගේ කොල්ලන්ගේ ඔලුවට විකාර දේවල් ඇතුලුවුණාම අම්මා තාත්තා හොඳ නරක ගුණධර්ම මොනවත් පෙනෙන්නේ නැහැ. (නි)
මේවා අපිට නුහුරු උනාට, අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල අවුරුදු 28 ආච්චිලා ඉන්නවා. අවුරුදු 35, 40 අතරේ සීයල ඉන්නවා. අනෙක ඉස්සර විවාහ වන වයස මේ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ, වැඩිහිටියෝ කැමතිනම්. (ස)
මේක ලංකාවේ සිදුවීමක්. අපේ රටේ ඉන්නේ මේ වගේ කුපාඩි හිත තියෙන කෙල්ලෝ තමා. (නදී)
අම්මගෙයි දුවගෙයි වයස පරතරේ ප්‍රශ්නයක් තියනවා තමා.එත් මේ අම්මට ඕන තමන්ට උන දේ දුවටත් වීම වැලැක්වීම වෙන්න පුළුවන්. (ස)
සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක් (නදී)
කොහොම උනත් මෙතනදී දුව වැරදියි (නදී)
බහුතරයක් මෙතන අදහස් දමල තියන අයගේ මොලයේ ක්‍රියාකාරිත්වය ගැන මට නම් හිතා ගන්න වත් බැහැ. උඩින් පල්ලෙන් කියවල කොහෙන් හරි කොනක් අල්ල ගෙන, ඒ ගැන කිසිදු වැටහීමක් නොගෙන, පුර්ව නිගමන වලට ඇවිල්ල අදහස් දමනවා. මේ පල කොට ඇති පුවත අනුව කාට හරි නිවැරදිවම කියන්න පුලුවන්ද නිවැරදි කෙනා කවුද කියලා. "මා පාරේ කොල්ලන්ට විකුණන්න හදනවා" යයි දුව කියන මේ ප්‍රකාශයේ බරපතල කම තේරෙනවද? "පෙම්වතාවද කළුතරට ගෙන්වාගෙන තිබුණා. ඇයට ඔහු සමග යාමට අවශ්‍ය වුණා" මව මෙසේ කියනවා. මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ ගැන ඔබලාගේ අකර්මන්‍ය වූ මොළ වලින් හිතා ගන්න බැරිනම්, කරුණාකර කිසිවක් නොලියා ඉන්න. (මෙහි අදහස් පලකොට ඇති ඉතා ටික දෙනෙකුට මගේ ප්‍රකාශය අදාල නොවන බව කරුණාවෙන් සලකන්න) (නදී)
මට මේ ප්‍රවෘත්තිය දුටුවාම පුදුම හිතුනා. අම්මෙක් දුවක් දෙදෙනෙක් අතර මොනතරම් නම් බැඳීමක්,ලෙන්ගතුකමක්, ගරුත්වයක්, බියසැක, ලැජ්ජා මේ කියන කොච්චර දේවල් තිබෙනවද? අපි මෙයින් පාඩමක් උගතොත්, අපි අපේ දරුවන්ට හොඳින් ආදරෙන් වරද නිවැරැද්ද පෙන්වාදීමේ වගකීමෙන් වැඩකළොත් අපේ දරුවන් දෙමාපියන්ගේ කීමෙන් පිට කොහේදෝ හමුවුණු කෙනෙක්ගේ පසුපස යන්න කලින් දෙපාරක්ම සිතාබලාවි (නි)
ජන්න, මටත් නිකමට වගේ හිතුනා මේක ලංකාවේ ඔයාලගේ ගෙදර කට්ටියට උන ප්‍රශ්නයක් ද කියලා. ඒ උනාට ගෙදර පරිසරය ගැන හිතලම ලංකාවේ හැම කෙනෙක් දිහාම කුපාඩි හිතකින් බලන්න එපා කොල්ලෝ. (නදී)
පැත්ත මාරු වෙලා වගේ (නදී)
අම්මට අවුරුදු 30යි. ලොකුදුවට 15යි. අනෙක් දරු දෙදෙනාගේ වයස් පරතරය අවුරුද්ද බැගින් තැබුවොත් මේ මව විවාහවෙලා තියෙන්නේ අවුරුදු දොළහේදී පමණ. ඉතින් අවුරුදු දොළහේ මවකගේ දියණියකගෙන් මීට වැඩිය යමක් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි. (ස)
මෙතනදි අම්මට දොස් නැගීම වැරදියි. දුවවනේ ඇය ආරක්ෂා කරගන්න හදන්නේ (නදී)
මෙතැනදී අම්මා වැරදියි, දුව වැරදි කියලා කියන්න බෑ හරියටම. සමහරවිට දුව කිව්වේ ඇත්ත වෙන්න පුළුවන්. අද කාලේ ඒ වගේ අම්මලත් ඉන්නවනේ. සමහරවිට අම්ම ඇත්ත කියනවා ඇති. අම්මට 30 දුවට 15. අම්මට දුව ලැබිල තියෙන්නේ අවුරුදු 15 දි. දුවටත් එහෙම වෙනවට මොන අම්ම ද කැමති (නදී)
දැන් ඉතින් පුලුවන්නේ පොලිසියට වෙලා ඉන්න, දෙන්නටම (නි)
සෙනරත් ගේ පලාතේ අවුරුදු 28,40 සීයලා ඉන්නවා (නදී)
මේක හරිම ගැටළු සහගත ප්‍රශ්නයක් .අද කලේ මෙවැනි සිදුවීම් අහන්න ලැබෙනවා .(හේ)
තමන්ට අවනත දරුවන් හදා වඩා ගන්න බැරි වූ මව්නි වැරැද්ද ඔබේය. ගුණ නුවනින් හා ආගම ධර්මයෙන් ඈත්කර පසුව පසු තැවෙනවට වඩා දරුවන්ව ආගම ධර්මයට ලං කරන්න. පොතේ දැනුමට වඩා එය වැදගත්ය. (නදී)
අනේ මන්දා මොනවා රටට වෙනවද කියල තේරෙන්නේ නැහැ (නදී)
කොසොල් රජුගේ හීන වලින් එකක්ද?(හේ)
ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ.තවද කකුළුවා ඇදේට ගිහින් දරුවන්ට කෙලින් යන්න කියනවා වගේ. (ස)
මෙතන මව හරිද දුව හරිද කියන්න පුළුවන් දෙන්නම වෛද්‍ය පරීක්ෂණයක් හෝ දීර්ඝ ලෙස ප්‍රශ්නකිරීම් හමුවේ පමණි.(හේ)
අම්මාට 30 නම්, ඔතන හිටියේ ලොකු දුව නම්, ඒ දුවට 15 නම්, එතකොට අම්මා බැන්දේ 12න් විතරද? මාර වැඩේ තමයි. මෙතන වෙන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා (නි)
මට 21 යි. අපේ අම්මට 36 යි. ඔව්වා සාමාන්‍ය දේවල් (නදී)
මෙහෙමත් සමාජයක්.දැන් වැරදි පැත්තටමයි කට්ටිය ඇදෙන්නේ.(හේ)
මේක එක විදියක සමාජ ප්‍රශ්නයක්.දරුවන්ට සමාජ සාරධර්ම, පිළිබදව දැනුමක් ලබා දී නොමැති විට මේ වගේ දේවල් වලට මුහුණ දීමට සිදු වේ.(හේ)
අම්මගේ වයසෙන් වැඩක් නැහැ. දුව වැරදියි. ඒ තමන් වැදූ අම්මා නේද? (නදී)
දුවට යන්න දෙන්නනේ තිබුනේ.(හේ)
කතාව කියවලා බැලුවම මට හිතෙන්නේ දුව කියූ කතාව හරිවෙන්න ඕනෑ. (නි)
කිව්වත් වගේ සංකීර්ණ ප්‍රශ්නයක්.නිගමනයකට එන්නම බැහැ.(හේ)
මෙහෙන් විතරක් නෙමෙයි, මේ අම්මගෙයි දුවගෙයි පැටිකිරිය අවුස්සන ඔය අපි හැමෝගෙම දරුවන් මෙහෙම වෙන්න බැරි නැහැ ඉදිරියට. ලංකාවේ හැමතැනම අද අපිට අහන්න දකින්න ලැබෙන්නේ කවදාවත් විශ්වාශ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා තම තමන්ගේ දරුපවුල් ගැන ඉතාමත්, කරුණාවෙන් දයාවෙන්,ආදරෙන් ඔවුන් රැකගන්න වෙහෙසෙන්න (නි)
මේ පොඩි නිවුස් එකක් කියවල, හරියට ඇත්ත නැත්ත දන්නේ නැතුව අපේ කට්ටිය කියල තියෙන දේවල්. (නදී)
අම්මගෙත් වරදක් ඇති ඒකයි දරැවටත් එපා වුණේ. කොහොම නමුත් දුව වැරදී. (අ)
එකිනෙකාට දොස් කියලා වැඩක් නෑ. මේක පුළුල් සමාජ ප්‍රශ්නයක්. (හේ)
අනේ මන්දා මේ රටට මොන ශාපයක් පටිසන් දෙනවද කියලා. (නි)
මෙතන හැමෝම වගේ බැනලා තියෙන්නේ අම්මාට. මම කැමතියි අහන්න අම්මා කළ දේ දුවත් කරන්න ඕනෑද? තාත්තා බොන හින්දා පුතාත් බොනවට කැමතිද? වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න පුරුදු වෙන්න එපා. වැරදි දේ වැරදි විදියටත් හරි දේ හරි විදියටත් දකින්න පුරුදු වෙන්න (නි)
අම්මාගෙ අඩිපාරේ යන කීකරු දුවක්. (අ)
මේක උභත කෝටික ප්‍රශ්නයක්. අම්මා හරිද? දුව හරිද?කියා කාටවත් කියන්න නුපුළුවන්. පොලිසිය ඇත්ත නැත්ත හොයා ගනීවි. (නදී)
ඔක්කොටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අම්මගේ වයසනේ. ඔය කතාවේ ඉන්න අම්මා ඒ දරුවාගේ තාත්තාගේ දෙවැනි බිරිඳ වෙන්නත් පුළුවන් නේද? ඒක වෙන්න ඕනෑ මෙච්චර ඒ දරුවා ඒ අම්මාට වෛර කරන්නේ... (නි)
අම්මා විවාහවෙලා තියෙන්නේ 14 දී විතර නේද? (නි)
ගෙදර බුදුන් ලෙස සැළකූ අම්මා. එහෙම අම්මලාට අද සළකන විදිය?(හේ)
මෙතන වෙලා තියෙන්නේ අම්මාගේ වයස ප්‍රශ්නයක් නෙමෙයි. දුවෙක් මහා පාරේ තමන්ගේ අම්මාට කතා කළ විදියයි.(හේ)
ගෙදර බුදුන් ලෙස සැළකූ අම්මා! එහෙව් අම්මලාට අද සළකන විදිය? ඒ අම්මා ඇඟ විකුණුවාම කියමුකෝ. ඒත් ඒ කරන්න ඇත්තේ දරුවන් පෝෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ අම්මාත් සමහර විට වයස 15 දී පමණ කවුරුහරි පාපතරයෙක්ගේ ග්‍රහණයට බිලිවූ කෙනෙක්ද දන්නේ කවුද? (නි)
අම්මාවරුනේ!......අම්මාවරුනේ සම්මා ..සම්බුදු අම්මාවරුනේ...! දරුවන්ගේ දුක් කදුලු සලනදා සුරලොව සිට අතපා........ ඒ කදුලැල් නිවනා.. (ස)
දැන් ඉන්න සමහර පාසල් ශිෂ්‍යාවන් ඇටෙන් පොත්තෙන් මෝරනකොටම බැඳලා හනිමුන් යන එක ගැන හිතන්නේ. පැනලා ගිහින් තුන් වේල කන්න දෙන්න පිරිමියාට ආදායමක් නැහැ කියල දැනගත්තම මුළු පිරිමි සංහතියටම දොස් කියනවා. (නදී)
මේ දුවටත් ආස ඇති ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න (නදී)
පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒකෙත් හැටි. (නි)
ඕකනේ කියන්නේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා කියලා. (නදී)
කළුතරින් මේ වගේ ඒවමයි අහන්න ලැබෙන්නේ. (නදී)