IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිපික්‍ඳ්ඤා කිලෝව 25 ට දී 180 ට මිලට අරන්

(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)

පිපික්‍ඳ්ඤා කිලෝව රුපියල්  25 බැගින් අලෙවි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ ව්‍යාපාරිකයකුට පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 180 කට මිලදී ගැනීමට වූ සිද්ධියක් මාතලේ පොදු වෙළඳ සංකීර්ණයෙන් වාර්තා විය.

මෙම සිද්ධියට ලක්වී ඇත්තේ දඹුල්ල ආර්ථික වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් දැනට එම සංගමයේ විගණන නිලධාරි හා එළවළු තොග වෙළෙඳ ව්‍යාපාරික අයි.ජී. විජේනන්ද මහතාය.

ඔහු පවසන අන්දමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් 17 වැනිදා පිපික්‍ද්ඤා තොග මිල කිලෝවක් රුපියල් 25 කි. එම මිල ගණන්වලට තමාද පිපික්‍ඳ්ඤා අලෙවි කළ බව පැවැසීය.

මෙදිනම සවස මාතලේ පිහිටි සිය නිවෙසට ගෙන යෑමට මාතලේ සුපිරි වෙළඳ සංකීරණයේ එළවළු වෙළඳ සැලකින් එළවළු මිලදී ගත් අතර පිපික්‍ඳ්ඤා කිලෝවක සිල්ලර මිල රුපියල් 180 ක් වී ඇත. මෙවැනි මිලක් තමන්ටම ගෙවීමට සිදුවීම මවිතයට හේතුවක් බව ඔහු පැවැසීය.

 



අදහස් (5)

පිපික්‍ඳ්ඤා කිලෝව 25 ට දී 180 ට මිලට අරන්

himal Monday, 21 August 2017 08:44 AM

එයාම නම් අලෙවි කරේ එතකොට ඒ තොගයෙන් තමන්ට ඕන ප්‍රමාණය තියා ගන්න තිබ්බා. එහෙම නොකර සුපිරි වෙළෙඳසැලෙන් ගන්න ගියේ ඇයි?තමන් විකුණන බඩු තමන්ටම ෂුවර් නැද්ද?

:       691       371

shantha Tuesday, 22 August 2017 02:53 AM

එයා හොඳට තෙල් බෙහෙත් ගහල වවපු ඒවා රුපියල් 25 ගණනේ වික්කේ . එත් බෙහෙත් ගහල නැහැ කියල වෙන්න ඇති වෙන කව්රුවත් හදපු ඒවා සුපර් මාර්කට් එකෙන් ගන්න ඇත්තේ . එත් කවුද දන්නේ ඒවටත් බෙහෙත් ගහල කියල . අන්තිමට බලනකොට අපේ රටේ හැමෝම හැමෝටම රවටනවා

:       46       89

Gihan Thursday, 24 August 2017 02:07 AM

අපේ රටේ කෘෂි කර්මාන්තයේ අතරමැදියන් ඉතාම කෙටි කාලයකින් ඉතා අසාධාරණ ලාභ ලබන බව කව් රුත් දන්න කාරණයක්නේ. ඒ නිසා මිනිස්සු ගොවිකමෙන් එන්න එන්නම ඈත් වෙනව. මේක දිගටම ගියාම ලංකාවේ කෑම සම්පූර්ණයෙන්ම පිට රටින් ආනයනය කරන්න වෙනව.

:       0       1

තිලක් Friday, 25 August 2017 03:59 AM

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කරල් 1Kg ක තොග මිල රූ.7-15 අතර පවතියි. නමුත් එහි සිට සැතපුම් 40 ක දුරින් පිහිටි මම ජීවත් වෙන ප්‍රදේශයේ වෙළඳ සැලකදී මුරුංගා කරල් 1Kg සිල්ලර මිල රූ. 90 යි.

:       0       46

sisi Sunday, 27 August 2017 04:32 AM

කතාවක් ගොතන කොට ටිකක් හරි පිළිගන්න පුළුවන් විදියට ලිවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site