(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)
පිපික්‍ඳ්ඤා කිලෝව රුපියල් 25 බැගින් අලෙවි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ ව්‍යාපාරිකයකුට පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 180 කට මිලදී ගැනීමට වූ සිද්ධියක් මාතලේ පොදු වෙළඳ සංකීර්ණයෙන් වාර්තා විය.
මෙම සිද්ධියට ලක්වී ඇත්තේ දඹුල්ල ආර්ථික වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් දැනට එම සංගමයේ විගණන නිලධාරි හා එළවළු තොග වෙළෙඳ ව්‍යාපාරික අයි.ජී. විජේනන්ද මහතාය.
ඔහු පවසන අන්දමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් 17 වැනිදා පිපික්‍ද්ඤා තොග මිල කිලෝවක් රුපියල් 25 කි. එම මිල ගණන්වලට තමාද පිපික්‍ඳ්ඤා අලෙවි කළ බව පැවැසීය.
මෙදිනම සවස මාතලේ පිහිටි සිය නිවෙසට ගෙන යෑමට මාතලේ සුපිරි වෙළඳ සංකීරණයේ එළවළු වෙළඳ සැලකින් එළවළු මිලදී ගත් අතර පිපික්‍ඳ්ඤා කිලෝවක සිල්ලර මිල රුපියල් 180 ක් වී ඇත. මෙවැනි මිලක් තමන්ටම ගෙවීමට සිදුවීම මවිතයට හේතුවක් බව ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාම නම් අලෙවි කරේ එතකොට ඒ තොගයෙන් තමන්ට ඕන ප්‍රමාණය තියා ගන්න තිබ්බා. එහෙම නොකර සුපිරි වෙළෙඳසැලෙන් ගන්න ගියේ ඇයි?තමන් විකුණන බඩු තමන්ටම ෂුවර් නැද්ද?
එයා හොඳට තෙල් බෙහෙත් ගහල වවපු ඒවා රුපියල් 25 ගණනේ වික්කේ . එත් බෙහෙත් ගහල නැහැ කියල වෙන්න ඇති වෙන කව්රුවත් හදපු ඒවා සුපර් මාර්කට් එකෙන් ගන්න ඇත්තේ . එත් කවුද දන්නේ ඒවටත් බෙහෙත් ගහල කියල . අන්තිමට බලනකොට අපේ රටේ හැමෝම හැමෝටම රවටනවා
අපේ රටේ කෘෂි කර්මාන්තයේ අතරමැදියන් ඉතාම කෙටි කාලයකින් ඉතා අසාධාරණ ලාභ ලබන බව කව් රුත් දන්න කාරණයක්නේ. ඒ නිසා මිනිස්සු ගොවිකමෙන් එන්න එන්නම ඈත් වෙනව. මේක දිගටම ගියාම ලංකාවේ කෑම සම්පූර්ණයෙන්ම පිට රටින් ආනයනය කරන්න වෙනව.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කරල් 1Kg ක තොග මිල රූ.7-15 අතර පවතියි. නමුත් එහි සිට සැතපුම් 40 ක දුරින් පිහිටි මම ජීවත් වෙන ප්‍රදේශයේ වෙළඳ සැලකදී මුරුංගා කරල් 1Kg සිල්ලර මිල රූ. 90 යි.
කතාවක් ගොතන කොට ටිකක් හරි පිළිගන්න පුළුවන් විදියට ලිවිය යුතුයි.