IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පැනලා දුන් උදව්ව අරන් රන්මාලය අනුන්ට පුදදීලා

මගීන්ගෙන් පිරුණු බස් රථයකට නැග්ග කාන්තාවක් අත තිබූ බර බෑගයක් දුටු පිරිමියෙක් දෙන්න මම ඕක තියාගෙන බහිද්දී දෙන්නම් කියා ඉල්ලාගෙන පසුව ඒ තුළ තිබූ රන්මාලයක් පැහැරගත් සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

බස් රිය කොළඹ සිට දුර ප්‍රදේශයකට ගමන් කර තිබී ඇත. මගීන්ගෙන් පිරි තිබූ බස්රියට අතරමගදී කාන්තාවක් නැග තිබුණේ බඩු මලු දෙකකුත් රැගෙනය. ඇය අත වූ බඩු මලු අපහසුවෙන් එල්ලාගෙන සිටිනු දුටු අයෙක් එක් බෑගයක් ඉල්ලාගෙන තිබුණේ උදව් කරන අටියෙනි. බසයේ මගීන් ගණන වැඩි වී ඇති වූ තෙරපීම හේතුවෙන් සිටි තැනින් ඇය ටිකක් ඉදිරියට ගිය අවස්ථාවේ බෑගය ඉල්ලා ගත් පුද්ගලයා එහි පිටත කවරයක තිබූ රන්මාලයක් කාටත් හොරෙන් අරන් නිහඬව සිට අතරමගදී බැස ගත් කාන්තාවට බෑගය නැවත දී ඇත.

පසුව ඇය බසයෙන් බැස කරෙන් ගලවා බෑගයට දැමූ රන් මාලය සොයද්දී එය නැති වී තිබෙනු දැක ඇත. අනුමානයක් නෑ බසයේදී උදව්වට පැමිණි පුද්ගලයා එය සොරාගෙන තිබෙන බව වටහාගෙන දැන් ඉතින් මොනවා කරන්නද කියා පාඩුව විඳගෙන නිවසට පැමිණ ඇත්තේ මෙහෙමත් නරුමයෝ අප අතර ඉන්නවානේදැයි සිතමින්ලු.

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න) 



අදහස් (0)

පැනලා දුන් උදව්ව අරන් රන්මාලය අනුන්ට පුදදීලා

කුමාර හේවගේ Monday, 05 December 2016 02:35 PM

රන් මාල කවුද මලුවල දාන්නේ. හෑන්ඩ් බෑග් එකේ දාගන්න එයා දන්නේ නැද්ද (බ)

:       0       0

චමිත් - ඕමානය Monday, 05 December 2016 08:55 AM

ඔය වගේ මිනිස්සු අද ඕන තරම්. පෙන්වන්නේ නම් උදව් කරන විදියට තමයි. අපේ නෑදෑයොත් ඔය වගේනෙ. (ර)

:       0       0

පිටිගල Wednesday, 07 December 2016 03:18 AM

මාලය කරේ දාගෙන නැග්ගොත් කඩා ගනීවි කියල හිතලා වැඩි පරිස්සමට මල්ලේ දාගන්න ඇති. (ම)

:       0       0

නිෂානි Tuesday, 13 December 2016 04:20 AM

මල්ලට නොදා බිමට දැම්මද දන්නෙත් නෑ (ම)

:       0       0

විජිත Tuesday, 06 December 2016 04:59 AM

එහෙම දානවද රත්තරන් බඩු ප්‍ර‍වේශම් නැතුව (නි)

:       0       0

ආරච්චි Wednesday, 07 December 2016 07:22 AM

මට මතකයි මිට ටික දවසකට ඉස්සරවෙලා ඔයදේම කෙනෙකුට වෙලා, ත්‍රිවීලර් රියදුරු මහතෙකුගේ උදවුවෙන් හොයාගෙන තිබුනා. අතේ තියන ඒවා බැරිම විටකදී දුන්නත් එතනින් හෙල්ලෙන්නත් එපා. ඇස් දෙක වෙනතකට යොමු කරන්නත් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site