IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා

දුෂ්කර ගමක පදිංචි ඇය තරුණ එක්දරු මවකි. සිය අත දරුවාට වැළඳුන රෝගයකට ප‍්‍රතිකාර සඳහා පසුගිය දිනයක රෝහලට ගියාය. රෝග පරීක්ෂාවෙන් පසු වෛද්‍ය නිගමනය වූයේ දරුවාට නේවාසික ප‍්‍රතිකාර දිය යුතු බවය. දින කිහිපයක් නේවාසිකව සිය දරුවාට රෝහලේ දී ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබූ හෙයින් ටිකට් කපා නිවෙසට යාමේ අවස්ථාව ඇයට සැලසිණි. සවස හතරෙන් පසුව ටිකට් කැපූ නිසා එක එල්ලේම තම ගමට යාමට මේ තරුණ මවට ඉඩ ලැබුණේ නැත. මේ නිසා ඇය කල්පනා කළේ පුංචිඅම්මාගේ නිවෙසෙහි එදින රාත‍්‍රිය ගත කර පසු දින අලූයම් කාලයේ ගමට යාමටය. තමාගේ සහ දරුවාගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල ගමන් මල්ලක දමාගත් ඇය සවස පහට පමණ රෝහලෙන් නික්මුනාය. අත දරුවා වඩාගෙන එක් අතක ගමන් මල්ලත් අනෙක් අතෙහි අත් බෑගයත් එල්ලාගත් ඇය පාරට ගොස් බස් රථයකට නැංගාය. කිලෝමීටර් තුන හමාරක් පමණ ගිය පසු බසයෙන් බැස්සාය. පුංචි අම්මාගේ නිවෙසට යාමට ප‍්‍රධාන පාරෙන් බැස තවත් දුරක් පා ගමනින් යා යුතු විය. ගමන් මල්ලත් අත දරුවාත් අත් බෑගයත් රැුගෙන යාමේ අසීරුව නිසා ගමන් මල්ල ප‍්‍රධාන පාර සමීපයේ තරමක් දන්නා හඳුනන නිවෙසක තබා යාමට තරුණ මව තීරණය කළාය. රාත‍්‍රිය ගත කළ ඇය පසුදා අලූයම හතරට පිබිදී දරුවා ද කරපින්නාගෙන ඒ නිවෙසින් පිට වූවාය. පෙර දින ගමන් මල්ල තබා ගිය නිවෙස සොයා ගැනීම ඇයට අසීරු වූයේ වටපිටාවේ පැවැති අඳුර නිසාය. ඇය අත දරුවා ද සමග නිවෙසක් අසල නැවතිණ. එකෙණෙහිම ඒ නිවෙසේ සිටින බල්ලා මහ හඬින් බුරන්නට විය. මේ අවස්ථාවේ අලූයම නැගිට මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරමින් සිටි ඒ නිවෙසේ ගෙහිමියා බල්ලා බුරන්නේ ඇයි දැයි විමසිලිමත් විය. බිරිය ද ඔහුට කීවේ බල්ලා බුරන්නේ ඇයි ද යන්න බලන ලෙසයි. නිවෙසේ ඉදිරිපිට විදුලි පහනක් දැල්වීමෙන් පසු ගෙහිමියා මුළුතැන්ගෙයි පැත්තේ දොර විවර කර ඉස්සරහට ගියේය. ගෙහිමියා කඩුල්ල දෙසට ගොස් බලද්දී දුටු දසුන අදහාගත නොහැකි විය. අත දරුවකු ද සමග තරුණ කාන්තාවක ඔහුට පෙනිණ. තිගැස්මක් ද සමග ගෙහිමියාට සිහිපත් වූයේ මහ ? යාමේ මගතොට දී හමුවන බව කියන ”මෝහිණී”ය. ඔහු දුටු විගස කාන්තාව ගෙදර කවුද ඉන්නේ?” යැයි ඇසීය. ගෙහිමියා ”මේ... මේ ඇයි....?.... ඇයි? අපි....... අපි ඉන්නවා? යැයි උත්තර දුන්නේය. ”මං ඊයේ හැන්දෑවේ බෑගය තියල ගියා. ඒක ගෙනියන්නයි ආවේ....” තරුණ කාන්තාව කීවාය. ගෙහිමියාට කුතුහලය වැඩි විය. මේ මොන ඉලව්වක් ද දෙයියනේ යැයි සිතමින් ”මෙහේ තියපු බෑගයක් නැහැ...” යැයි ඔහු කීය. එවිට කාන්තාව පැවසුවේ පෙර දින සවස අසවල් කාන්තාවගේ නිවෙසෙහි බෑගය තබා ගිය බවය. ඒ නිවැසි කාන්තාව කවුදැයි යන්න අත දරු මව ඉඟි කළ පසුව ගෙහිමියාට කාරණය වැටහිණි. ඔහු ඒ නිවෙස පිහිටි තැන කී පසු ඇය පිටත්ව ගියාය. ඉන්පසු ගෙහිමියාගේ තරුණ දියණියන් දෙදෙනාත් බිරියත් ගෙහිමියාට උසුළු විසුළු කරන්නට විය. ”මහ පාන්දර ඒ ආවේ මෝහිණී යැයි රැුවටුණා නේද?” යන්න ඔවුහු විටින් විට අසති.



අදහස් (0)

පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා

රෝහිනී Monday, 30 January 2012 08:02 AM

මේ මෝහිනී නොවෙයි රෝහිනී

:       0       0

ෆාරු Thursday, 26 January 2012 01:07 PM

ඒ අම්මා අසරණයි. ඒත් ටිකක් කල්පනා කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site