(වියලුව වාර්තාකරු)
ගමේ පවත්වන වාර්ෂික වැඩසටහනක් සඳහා සකස් කළ බඩු ලැයිස්තුවේ තිබූ අපබ්‍රංස වචනයක් නිසා එහි ප්‍රධාන සංවිධායක අන්දමන්ද වූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය
එය ගම්බද ප්‍රදේශයකි.
දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන වැඩසටහන සඳහා අවශ්‍ය බඩු ලැයිස්තුව පිළියෙළ කිරීම පැවැරුණේ තරුණ පිරිසකටය.
වගකීම හිස් මුදුනින්ම බාරගත් තරුණ පිරිස දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා අවශ්‍ය බොහොමයක් දෑ ලැයිස්තුවකට එක්තැන් කළේ කිසියම් දෙයක් මගහැරුණහොත් එහි වගකීම තමුන්ට එන බව එකිනෙකාට පවසා ගනිමිනි.
දිග ලැයිස්තුවක් පිළියෙළ කෙරිණි.
අවසානයේ ලැයිස්තුව ඉදිරිපත් වූයේ ප්‍රධාන සංවිධායක වෙතය.
ලැයිස්තුව කිහිපවිටක් ඉහළ සිට පහළට අවධානයෙන් කියවූ හෙතෙම ලයිස්තුවේ එක් තැනක නතර වී කිහිපවිටක්ම නළල රැලි ගන්වමින් එහි කෙටිකර ලියූ අකුරු දෙකක් තේරුම් ගන්නට උත්සාහ කළේ තරුණ පිරිසේ ද අවධානය ඒ වෙත යොමු කරවමිනි.
බැරිම තැන සිය හඬ අවදි කළ හෙතම ලැයිස්තුව සකස් කළ තරුණ පිරිස දෙස බලමින් “මොකක් ද බං මේ “අ” තිතක් “බෝ” තිතක් දෙකයි කියල ලියල තියෙන්නේ” යැයි විමසුවේ පන්සලට අවශ්‍ය මේ අපූරු අඩුවැඩිය කුමක්දැයි සැක හැර දැන ගන්නටය.
තරුණ පිරිසගේ මුවඟ සිනහවෙන් පිරී යන්නට වූ අතර එහි සිටි එක් කටකාර තරුණයකු කියා සිටියේ “අ” තිතක් “බෝ” තිතක් දෙකයි කියල ඔය කෙටියෙන් ලියල තියෙන්නේ අරක්කු බෝතල් දෙකක් කියන එකයි. ඒක අපිට නෙමේ විරිඳුකාරයාට” යැයි ඇඟට පතට නොදැනී පවසද්දී තරුණ පිරිස එක්ව සිනහ වෙද්දී “අනේ උඹල තමා දවසකටවත් මිනිස්සු” යැයි සංවිධායක පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පින්කම් බඩු ලැයිස්තුවේ අපූරු භාණ්ඩයක්
ශංඛ Monday, 02 September 2019 07:48 AM
ඕනෑම දේකට බෝතලේ පෙරට ගන්න සමාජයක් බිහි වෙලා. පින් කමක් කළත් දානයක් දුන්නත් බෝතලේ නැතිව බෑ .
Kumar Thursday, 05 September 2019 02:02 AM
අපි ලංකාවේ ඉන්න කාලේ අහන්නේ ගල්ද? පොල්ද? කියලා...