සොරුන්ගේ උපායකට හසුවීමට ගිය පෙදරේරුවකු සිය ස්ථානෝචිත ප‍්‍රඥාව යොදා බේරුණු පුවතක් සියනෑවෙන් ඇසුණි. ඔහු ඉදිකිරීමේ කටයුත්තෙහි දක්ෂයෙකි. එනිසාම සෑම ප‍්‍රදේශයකින්ම ඔහුගේ සේවය බලාපොරොත්තුවෙන් බොහෝ දෙනා ඔහුට වැඩ පැවරූහ. මෙනිසාම දිනෙන් දින දියුණුවට පත්වූ ඔහු හොඳින් හැඳ පැළඳ කටයුතු කළ අතර ගෝලබාලයන්ටද හොඳින් සැලකුවේය. මේ ආකාරයෙන් දිනෙන් දින දියුණුවන මොහු කොල්ලකරුවන් කිහිප දෙනෙකුගේ ඉලක්කයක් වූයේ අසල්වැසි අයෙකුගේ ඔත්තුවකටය. බාස් උන්නැහේ... බාස් උන්නැහේ.. දිනක් රාත‍්‍රියේ අයකු කතා කරන හඬ ඇසුණි. කවුද...? ඔහු ඇතුළේ සිටම ඇසීය. මේ බාස් උන්නැහේ ගිය සතියේ වැඩ කරපු තැනක දාලා ගිය බඩු ටික ගෙනාවා. දොර ටිකක් අරිනවද? කටහඬ නුපුරුදුය. වහා යතුරු සිදුරෙන් බැලීය. පුද්ගලයා හෙල්මටයක් පැළැඳ යතුරු පැදි ජැකට්ටුවක්ද ඇඳ සිටී. වහා සිය ගෙලෙහි තිබූ පවුමක පමණ රන්මාලය ගලවා ආරක්ෂිත තැනකින් තැබුවේය. නිමල්, විමලේ, මහින්ද, සිරිපාල නැගිටපල්ලා. අන්න අර මහත්තයා බඩු ටික ගෙනල්ලා. ගිහිං ඒ ටික බා ගත්ත නම්. උස් හඬින් එසේ කියමින් තමා පමණක් සිටි නිවසේ තවත් ගෝලයින් සිටිනා බව එළියේ සිටි අයට ඇඟවීය. ගතවූයේ සුළු මොහොතකි. සැණෙකින් යතුරු පැදියක් පණ ගන්වා වේගයෙන් පිටව යන හඬක් එළියෙන් ඇසුණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනේ හැටිටය ඇණේ ගහල තියෙන්නෙ..
අනිත් දවසේ හොරු කපටි වෙනව. මෙව ප්‍රසිද්ධ කරන්න නරකයි. හොරුන්ට පාඩම් කියාදෙනව වගේ වැඩක්. හොරු නැති කරන්න නම් දඬුවම් වැඩි කර යුතුමයි.
කොහොමද ටිකිරි මොලේ....
බෙන්තර ගඟෙන් එහා හොරු ඕවට අහුවෙන්නේ නෑ.....
තැනට සුදුසු නුවණ කියන්නේ ඕකට තමයි
හොද වැඩේ, ඔහොම තමයි කරන්න ඕනි
කතාව අලුත් ....තියරිය පරණ එකම තමයි ....අත්තෙටම අලුත් සිද්දි නැද්ද ?...
දැන් ඉන්න බාස්ලා කොහොමත් කට්ටයි..කොන්ත්‍රාත් ගත්තොත් සතියෙන් ඉවරයි...නැත්නම් මාසයක්ම වැඩේ අතගානවා....
මේවා බලලා හොරු තවත් සැළසුම් හදයිද දන්නේ නෑ
නියමයි නියමයි ....අද කාලේ කවුරුවත් විශ්වාස කරන්න එපා .
නියම මොලේ...දියුණුවත් ඒ නිසාමයි...
දක්ෂයෙක් ඔබට ඡය !
බාස් කෙනෙක් ආයුධ ටික දාල එන්නේ නෑ නේ......ඒකනම් බොරු
සල්ලිකාර මනුස්සයෙක් තනියෙන් ඉන්නව කියන්නේ බොරැ. කොහොමත් මේ කාලෙට යාළුවෝ වැඩියෙන් ඉන්නවා. එනිසා එකෙක් වත් ලග ඉන්න ඇති. ගැහැනියෙක් නැහැ කියන එක නම් පුදුමයක් මොකද සීනි තිබෙන තැන කූඹි ඉන්නව වගේ සල්ලි තිබෙන තැන ගැහැනියක් සිටීම ස්ථිරයි ආයෙ දෙකක් නැහැ.
රෙදි කඩේක මුදලාලි කෙනෙක් හැමදාම රෑට කඩේ වහද්දි කියනවලු "දැක්කා දැක්කා එළියට වරෙන් " කියලා.මේකත් ඒ වගේ තමයි
තැනට සුදුසු නුවන..
ඔය මම ගැන බොලව් ලියල තියෙන්නේ මේක .
හරියට හරි.දැන් බෙන්තර ගගෙන් එහා පැත්තෙන් අහන්න ලැබෙන්නේ නියම අපරාධ සිද්ධි
ඒකාලේනම් ඔයවගේ කතා අහන්නවුනේ බෙන්තර ගඟේ එහා පැත්තෙන්; නමුත් දැන් තත්වය වෙනස්.
කෝ අපේ අලි බබා..