(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
රෑ එළිවෙනතුරු සොහොන් පිටියක නිදාගත් අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

මැදිවියේ අයකු වූවත් ඔහු එදිනෙදා කුලී වැඩක් කර උපයා ගන්නා මුදල ගෙදර අඹුදරුවන්ට කෑමට නොදී මිතුරන් සමඟ දිනපතාම මත් වතුර බොන අයෙකි. කට ගොන්නක් බී ගන්නා මොහු අහල පහළ අයට ද බැණ වැදීම සිරිතකි. රෑ දෙගොඩහරියට ගෙට ගොඩවන මොහු අඹුදරුවන්ට මහත් හිසරදයක්වී තිබිණි. බිරිය හා දරුවන්ට නොකළ වැරැද්දක් පටළවාගෙන පහරදීම සිරිතකි. මොහු ගෙදරට එනවිට දරුවන්ගේ ඇඟේ ලේ වතුර වන්නේ මොහුගේ හිරිහැරකම් නිසාය.
ඇතැම් දිනවලදී මත් වතුරබී මහ මඟ නිදාගන්නා අවස්ථා බොහෝය. එවැනි ඇතැම් දිනවලදී ඔහු ගෙදරට ඇරළවීම මිතුරෝ කරති. දිනක් මොහු වෙරිවී මඟ වැටී සිටියදී සුවසැරිය ගිලන් රථයකින් රෝහලට ගෙන ගොස් ඇත.
මේ සිද්ධියෙන් දින කිහිපයකට පසු නැවතත් වෙරිවී මහමඟ වැටී සිටියදී ඔහු රෝහලට යැවීය.
මිතුරෝ ඊට පසුවදා මත්වතුරෙන් මත්වී සිටි මොහු රැගෙන පාර අයිනේ සොහොන් පිටියක දමා ආපසු පැමිණියහ. පහුවදා උදේ ඔහු අවදි වූයේ හීන් වැහි පොදක් මුහුණට වැටුණු නිසාය. වට පිට බලනවිට තමා සිටිනුයේ සොහොන් පිටියක බව වටහා ගත්තේය. දඩි බිඩිගා නැගිට ගත් මොහු කිලෝ මීටර තුන හතරක් දුර නිවෙසට පැමිණියේ පා ගමනින්මය.
රෑ එළිවෙනතුරු සොහොන් පිටියේ නිදා ගැනීම ගැන හොඳටම බිය වූ මොහු මත් වතුර පානය කිරීම සීමාකොට සවස හය හත වෙද්දී ගෙදරට ඒමට පුරුද්දක් කර ගත්තේය. මෙම සිදුවීම දැනගත් බිරිය මිතුරන්ට මුවනොසෑහෙන සේ ස්තුතිය පුදකළේ පින් දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුවන්ට නොසැහෙන්න ස්තුති කරලා හරියන්නේ නැහැ.
මේ වගේ අයට කරන්න ඕනේ ගෘහස්ථ හිංසනය යටතේ නඩු පවරලා සතියක්, දෙකක් ඇතුලේ තියලා දැඩි කොන්දේසි මත එළියට දාන එකයි. එතකොට මේවා හරියනවා. දරුවන් සහ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් දාන්න... බීලා ඇවිත් පහර දෙනවා නම්....