(උණවටුන ඩී.ජී. සුගතපාල)
හොංකොං ජාතිකයකු සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ගිංතොට ප්‍රදේශයේ හෝටලයක නතරව සිටියේය. ලංකාවේදී ඔහුට තවත් විදේශිය මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගේ ආරාධනය පරිදි ඔහු ගාල්ල කොටුවට පැමිණියේය. මිතුරන් පිරිස සන්ධ්‍යා කාලයේ ආරම්භ කළ මත්පැන් සාදය මධ්‍යම රාත්‍රිය ගෙවෙනතුරුද පැවැත්විණි.
පසුව මිතුරන් සියල්ලන්ම පිටව ගිය අතර ඔහු තනිවිය. අධික ලෙස බීමත්ව සිටි ඔහුට උන්හිටිතැන් අමතකය. පාරට බැස්සත් කොටුවේ පාරවල් සියල්ලම පාළුවට ගොස්ය. ඉඳහිට හමුවූ කෙනෙකුගෙන් තොරතුරු විමසුවත් භාෂා ගැටලු නිසා එය සාර්ථකවූයේ නැත. ඔහු ඔහුගේ මව් භාෂාව හැර ඉංග්‍රීසි භාෂාව දැනසිටියේ නැත.
ඒ මේ අත යමින් සිටි ඔහු අසල තිබූ ගොඩනැගිල්ලක විදුරුවකට ගසා කැඩුවේය. ඔහු කැඩුවේ පෞද්ගලික බැංකුවක විදුරුවක් බව දැන සිටියේ නැත. බැංකු ආරක්ෂකවරයාගේ දැනුම්දිම අනුව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට කැඳවාගෙන එනු ලැබීය.
වෙරි හිදෙනතුරු පසුදින උදෑසන දක්වා ඔහු පොලිසියේ ගත කළේය. සිදුවූ දෙය පිළිබඳ කනගාටුවට පත්වූ ඔහු බැංකුවේ විදුරුවක් කඩා සිදු රන ලද අලාබය වෙනුවෙන් රුපියල් 12000ක් ගෙවා පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ අපිත් බොනවා එ්ත් ඔහොම කුණු වෙන්න නොවෙයි.