IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පදමට ගහලා ඇවිත් බඩු බෑගය මාතරට ගමන ගාල්ලට


පදමට  මත්  වූ  මිතුරන්   දෙදෙනෙක්   මාතර   බලා  යාමට  ඉකුත් 20  දා   රාත්‍රී   කොට්ටාව   මාකුඹුර   අධිවේගී බස්   නැවතුම්පොළට පැමිණ   ඔවුන් රැගෙන  ආ බඩු  පාර්සල්  මාතර  බස්  රථයකට දමා  ගාල්ල  බස්  රථයක  නැග  ගාල්ලට  යාමේ  පුවතක් මාකුඹුර  බස්  නැවතුම්පොළෙන්  වාර්තා  වෙයි.


මාතර ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවන් ලෙස රැකියාව  කරන අතර ඔවුන් මීට දින කීපයකට පෙර මෙහි එක් අයකුගේ හෝමාගම හල්බරාව ප්‍රදේශයේ පදිංචි දියණියගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණ ඇත. දින කීපයක්  නිවසේ වැඩ කර පසුගිය 20 වනදා රාත්‍රී නැවත ගමට  යාමට සුදානම් වී තිබේ. එම අවස්ථාවේ දියණිය විසින් රුපවාහිනී යන්ත්‍රයක්, ගෑස් ලිපක් ඇතුළු වටිනා භාණ්ඩ කීපයක් ගමට ගෙනයාම සඳහා  සුදානම් කර දී  ඇත. ඔහු  එම බඩු  පාර්සල්  රැගෙන තම  මිතුරා සමඟ  ත්‍රී රෝද රථයකින්  ඉකුත් (20) මාකුඹුර බස් නැවතුම් පොළට පැමිණ තිබේ. එහි පැමිණෙන අතරතුර මත්පැන්  බෝතලයක් රැගෙන  දෙදෙනා  මත්පැන්  පානය  කර  ඇත. පදමට මත්  වූ  ඔවුන් රාත්‍රී  8ට පමණ  බස්  නැවතුම් පොළට  පැමිණ රැගෙන  ආ  පාර්සල්  මාතර  බලා  යාමට  සුදානම්ව  තිබූ බස්රථයේ පාර්සල ගබඩා  කරන  ස්ථානයේ  ගබඩා කර එක් පුද්ගලයෙක්  සිගරැට්ටුවක්  රැගෙන  ඒම  සඳහා  පිටව ගොස්  ඇති  අතර  අනෙක්  පුද්ගලයා  බස්  රථය  තුළ  ඉඳගෙන තිබේ. පසුව    සිගරැට්ටුව  රැගෙන  ආ සගයා ද  ඔහු අසලින්ම  ඉඳගෙන  ඇත. අනතුරුව  බස්  රථය ගමන්  ආරම්භ  කර  ඇති අතර   අතරමග දී බස්  රථයේ   කොන්දොස්තර  මහතා  ටිකට්  පත  ලබා දී  ඇත. ටිකට්  පතේ  ගාල්ල  යනුවෙන්  සටහන්  වී   තිබීම  නිසා  දෙදෙනාටම  දෙයියෝ  සිහි  වී  ඇත.


පසු දින ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළේ නිලධාරියෙකුට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරියා විසින් අදාළ බස් රථය සොයා එම පාර්සලය ලබාදීමට කටයුතු කර  තිබේ.
(හෝමාගම  ප්‍රියන්ත  ජයලත්)



අදහස් (0)

පදමට ගහලා ඇවිත් බඩු බෑගය මාතරට ගමන ගාල්ලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site