කුරුණෑගලට ආසන්න ගම්මානයක “හිත හොඳ” පුද්ගලයකු මියයාම නිසා මුළු ගම්මානයම ශෝකයෙන් බරිත විය.
ඔහු පදමට සූර්වන පුද්ගලයකු නිසා ඔහුට යහළුවන් අඩු නොවීය. මෙසේ සිය මිතුරා හදිසියේ මියයාමෙන් ශෝකයට පත් මිත්‍රයෝ අවමංගල්‍ය නිවසේ තනි නොතනියට හා සියලු කටයුතු නොපිරිහෙලා සිදුකළහ.
දේහය තනි නොකිරීමේ වගකීම සිය කැමැත්තෙන්ම බාරගත් යහළුවන් පිරිස මුළු රාත්‍රි කාලයම දේහය අසල විටින් විට බිම දිගාවී නිදා ගත්හ. ඒ අතරතුර නිවස පිටුපස සඟවා තැබූ බෝතල්වලින් සප්පායම් වන්නටද අමතක නොකළහ.
මධ්‍යම රාත්‍රිය එළඹෙන විට දේහය අසල සිටි පුද්ගලයන් කීපදෙනකු පදමට සප්පායම් වී දේහය ළඟ දණ ගසා හඬන්නට වූයෙන් නිවැසියෝද අවදිවී බලන්නට වූහ.
පදමට සූර්වී සිටි පුද්ගලයන් වෙරිමරගාතේ අවමංගල ශාලාවෙන් දේහය සරසා තිබූ ආකාරය වැරදි යැයි කියමින් දේහය දෙපස පෙට්ටිය මත තිබූ මල් කළඹ වෙනස් තැන්වලින් තබන ආකාරයත් ඔවුන්ට දකින්නට ලැබිණි.
“අනේ මාමේ, උඹ අපිව දාලා ගියා... මේ තරම් ඉක්මනට.... හඬා වැළපෙමින් සිටි පුද්ගලයා, මියගිය පුද්ගලයාගේ දේහයේ කොණ්ඩය සාක්කුවෙන් පනාවක් ගෙන පීරන ආකාරයත්... මුහුණ සිප,. හඬමින්ම දේහයේ අන්දවා තිබූ සරම ගලවා නැවත අන්දවන්නට ගොස් දේහය නිරුවත්වී ඇති ආකාරයත් දුටු නිවැසියන්ට තරු පෙණින.
පසුව නිවැසියන් විසින් වෙරිමතින් සිටි මිතුරන් දේහය අසලින් ඉවතට ගෙනයනු පෙනුණි.
(මාවතගම කාන්චනමාලා බණ්ඩාර විසිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මලේ අන්දරේද ? (අ)
සෑම කල්හිම සත් පුරුෂයන්ගේ අැසුරම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් හිතේ ඇතිකරගන්න ඕනෑ වගේම සත්පුරුෂයන්ගේ අසුරම කළයුතු මෙන්න මේ නිසා තමයි (ම)
මත් පැන් නිසා අද අපේ රට කොයි තරම් පහත් තත්වයකට පත් වෙලා තියෙන බව මේ සිද්ධීන්ගෙන් පෙනී යනවා. මෙයට මුල මිනිසුන්ගේ නුගත්කම වීනා මත්පැන් වල වරදක් නොවේ. (ම)
අනේ හැබෑම මත්පැන් මිනිසාගේ සිහිය විකල් කරන හැටි! (නි)