(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ග්‍රාමීය පාසලක කුඩා දරුවකු පියාගෙන් ඇසූ දේශපාලන පැනයට පිළිතුරු දීමට නොහැකි වීමෙන් පියා අපහසුතාවට පත්වූ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

මෙම පියා ද තරමක උගතෙකි. පුත්‍රයා ද පියාගෙන් නිතර ප්‍රශ්න අසන අයෙකි. මෙදින පුත්‍රයා විවිධ විද්වත් කියමන් අසමින් ඒවා කීවේ කවුද කියා පියාගෙන් විමසීය. පියා ද තම සාමාන්‍ය දැනුම සහ උගත් දෑ මතකයට නගමින් පුත්‍රයාට පිළිතුරු දුන්නේය.
‘එහෙනම් ඊළඟ එක දේශපාලන ප්‍රශ්නයක්’ පුතා කීවේය. පියා ද පුතාගේ දේශපාලන ප්‍රශ්නය අසනතුරු බලා සිටියේය. ‘කවුරු දිනුවත් මම දිනුම්. එසේ කීවේ කවුද?’ පුතා පියාගෙන් විමසීය.
පියා දස අතේ කල්පනා කරමින් විවිධ පිළිතුරු දුන්නේය. ‘වැරදියි, වැරදියි, වැරදියි.’ පුතා සිනාසෙමින් කීවේය. පියා කොතෙක් උත්සාහ කළ ද පුතා අපේක්ෂා කළ නිවැරදි පිළිතුරට ළඟාවීමට ඔහුට නොහැකි විය.
අවසානයේ පියා පුතාට කීවේ ‘හරි මම දන්නෑ. පුතාම කියන්කො බලන්න’ යනුවෙනි. ‘අයියෝ තාත්තේ ඔයා ඕකවත් දන්නේ නැද්ද? එහෙම කීවේ රතිඤ්ඤ කොම්පැණිකාරයානේ.’ පුතා පියාට සිනාසෙමින් කීවෙලු.
‘ඇත්ත නේන්නම් කවුරු දිනුවත් මෙයාලා ගොඩනේ’ පියා තමාටම කියා ගත්තේලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd